[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

නිර්මල බුදු දහමින් පෝෂිත සිංහල බෞද්ධ සංස්කෘතිය

ලංකාවේ ඓතිහාසික මූලාශ්‍ර අනුව ක්‍රි.පූ. තුන්වන සියවසේ මැද භාගයේ දී අනුබුදු මිහිඳු හිමියන් ප්‍රධාන ධර්මදූත කණ්ඩායම විසින් බුදුරදුන්ගේ නිර්මල ධර්මය ලක්දිවට ගෙන එන ලදැයි කියැවේ. මිහිඳු හිමියන් විසින් නිල වශයෙන් බුදුසමය ලංකාවට හඳුන්වාදෙනු ලැබුවත් ඉන්දියාවට ඉතා ආසන්නයෙන් පිහිටි ලංකාවට ඊට පෙර බුදුරදුන්ගේ පණිවිඩය ලැබෙන්නට ඇතැයි සිතිය හැකි ය. ලක්දිව පැරැණි ලෙන් ආශ්‍රිත ව බුදුදහම අනුගමනය කළ යෝගීන් පිරිසක් වාසය කරන්නට ඇතැයි යන මතයක් ද උගතුන් අතර පවතී. ඒ සියල්ල කෙසේ වෙතත් ලංකාවේ ඓතිහාසික මූලාශ්‍රවලට අනුව මිහිඳු හිමියන් විසින් නිර්මල බුද්ධ වචනය ලක්දිවට හඳුන්වාදීමෙන් අනතුරුව එය මෙරට විවිධ අංශයන්ගෙන් මුල් බැස ස්ථාවරත්වයට පත්විය. එම ඓතිහාසික අවස්ථාව සිංහල බෞද්ධ සංස්කෘතියේ ආරම්භය ලෙස නම්කිරීම උචිත ය. මහින්දාගමනයෙන් අනතුරුව මහරහත් සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහාබෝධි ශාඛාව ගෙන එනු ලැබීමත් සමඟ ලක්දිව සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂ වෙනසක් ඇති විය. ඉන් අනතුරුව කිත්සිරිමෙවන් රජු සමයෙහි දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අතර එහි ආභාෂය හේතුවෙන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා සරධර්ම තවදුරටත් පෝෂණය විය. දළදා වහන්සේ මෙන්ම පාත්‍රා ධාතුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය හා සාරධර්ම සකස්වීමෙහිලා බලපෑවේ ය. සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් නොව ලාංකික ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය මෙන්ම තදායත්ත භාෂා සාහිත්‍ය ද පෝෂණය වීමෙහිලා යට දක්වන ලද ඓතිහාසික සංසිද්ධි හා සංකේත මගින් ලද අභාෂය ප්‍රමාණ කළ නොහැකි ය.


නිකිණි පුර අටවක

  අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]