[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

කොළොම්පුර බොදු පුනරුදයට කැප වූ කොටහේනේ පරමානන්ද පුරාණ මහා විහාරය

යටත්විජිත සමයේ අඩපණ වූ කොළඹ නගරයේ බෞද්ධ ප්‍රබෝධය යළි නඟා සිටුවීම පිණිස ප්‍රමුඛ පෙළේ දායකත්වයක් ලබා දුන් කොටහේනේ පරමානන්ද පුරාණ මහා විහාරය, කොළඹ කොටහේනේ වාසල පාරේ පරමානන්ද විහාර මාවතෙහි පිහිටා ඇත. කොටහේන පුරවරය බෞද්ධ පුනර්ජීවනයේ සුවිශේෂී කාර්යභාරයක් උසුලන ලද්දේ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ වැඩසිටි දීපදුත්තමාරාම විහාරස්ථානය පිහිටීම නිසා සේ ම, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නාහිමි, තත් උපපරිවේණාධිපති මහාචාර්ය කොටහේනේ ප්‍රඥාකීර්ති මාහිමි, බම්බලපිටියේ වජිරාරාමාධිපති නාරද මාහිමි, වජිරාරාමාධිකාරී පියදස්සි මාහිමි වැනි ශාසනෝන්නතිකාමීන් රාශියකට නිජබිම වූ නිසාවෙනි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ දෙහිගස්පේ අත්ථදස්සි මාහිමියන්ගේ ශිෂ්‍යවර ඔග්ගමුවේ අත්ථදස්සි හිමියන්ගේ ශිෂ්‍ය වූ ප්‍රතිමා නිර්මාණයෙහි සමර්ථයකු වූ වෑත්තෑවේ ඉන්දසාර හිමියන් වර්ෂ 1806දී පානදුර අරුක්ගොඩ ඉන්දසාරාරාම විහාරස්ථානය ඇති කරවමින් ලෝක ශාසන සංග්‍රහයෙහි නිරත වූහ. වෑත්තෑවේ ඉන්දසාර මාහිමියන්ගේ ශිෂ්‍ය වූ පානදුරේ සුමංගල නාහිමිපාණන් වහන්සේ වර්ෂ 1810දී කොටහේනේ අක්කර දෙකක බිම්කඩක පරමානන්ද විහාරය ආරම්භ කළ බව ජනප්‍රවාදයේ සඳහන් වෙය

නිකිණි පුර අටවක

  අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]