[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දියුණුව හෝ පරිහානිය හෝ උත්සාහයේ තරමටයි

පත්තකම්ම යන්නෙහි සරල අර්ථය නම් “අංගසම්පූර්ණ” “පිරිපුන්” යන්නයි. බුදුරජාණන් වහන්සේ මෙම පත්තකම්ම සූත්‍රය අනේපිඬු සිටුතුමාට සැවැත්නුවර ජේතවනාරාමයේ දී දේශනා කරන ලද සූත්‍රයකි. බුදුන් වහන්සේ ඉදිරියෙහි වූ අනේපිඬු සිටුතුමා පුද්ගලයකුගේ ජීවිතයක් සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු මොනවාදැයි සිතූ කල එම සිතැඟි දැනගත් බුදුහිමියෝ ජීවිතයක් අංගසම්පූර්ණවීමට අවශ්‍ය කරුණු හතරක් දේශනා කළහ. එනම්, ධාර්මිකව ධනය හෝ භෝගයන් ලැබීම, ධාර්මිකව ධනය ලැබ ඤාතීන් සමඟ හොඳින් ජීවත්වීම එනම් හොඳ ඤාති මිත්‍රාදීන් පිරිසක් සිටීම, දීර්ඝායුෂ ඇතිව ජීවත්වීම හා පරලොව ජීවිතය සුගතිගාමී කරගැනීම යනුයි. කෙනෙකු ධර්මිකව ධනය ලැබ ජීවත්වේ නම් ඒ ජීවිතය පිරිසිදු හෙවත් කිලුටු නොවූ ජීවිතයකි. අධාර්මික ව උපයන්නා සැපෙන් ජීවත් වුව ද, ඔහුගේ ජීවිතය කිලුටුය. හැමවිටම අවශ්‍ය වන්නේ සාධාරණ බවයි. ක්‍රීඩාවක් කරනා විට අසාධාරණයෙන් දිනනවට වඩා සාධාරණව පරාජය වීම ද ගෞරවාන්විත ය. එසේ ජීවත් වන්නේ, හොඳ ඤාතීන් ලැබෙන්නේ නම් එය ද සාර්ථක ජීවිතයකි. මිනිසුන් බොහෝමයක් දැන් දැන් තමාගේ කෙනා දියුණු වනවාට අකමැති ස්වභාවයකින් යුක්තයි. එබැවින් අවංකව ම තමාගේ දියුණුව අපේක්ෂා කරන, එසේ අපේක්ෂා කරනවා යැයි විශ්වාස කළ හැකි ඤාතීන් පරිපූර්ණ ජීවිතයකට අත්‍යවශ්‍ය ය. දීර්ඝායුෂ ලැබීම ද ඉතා දුර්ලභ හා අංගසම්පූර්ණ ජීවිතයක ලක්ෂණයකි. ඒ සඳහා පෙර පින් ඇති බව ද වැදගත් ය. එසේම තමා මනාව පිහිටුවා ගැනීම ද වැදගත් ය. තම ආහාර රටාව චර්යාවන් මනාව පිහිටුවා ගැනීම දීර්ඝායුෂ ලැබීමට මහෝපකාරි වේ. එකී නීරෝගි බවින් දිගාසිරි ලැබීම පරිපූර්ණ ජීවිතයක ලක්ෂණයකි. පරලොව සුගතිගාමී කර නොගන්නේ නම් එය අඩුවකි. නඛසිඛ සූත්‍රයේ දී පෙන්වූ අයුරින් මිනිසත් බවයක් ලැබ මියගිය පසු නැවත මිනිසුන් ව උපදින්නේ අල්ප පිරිසකි. එබැවින් පරලොව සුගතිය පිණිස කටයුතු කිරීම ද අංගසම්පූර්ණ ජීවිතයක ලක්ෂණයකි.අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ උක්ත කාරණා සම්පූර්ණ වීමට වැදගත් වන තවත් කරුණු හතරකි. සද්ධාසම්පදා (ශ්‍රද්ධාව), සීලසම්පදා (සීලය), චාගසම්පදා (ත්‍යාගය) හා පඤ්ඤාසම්පදා (නුවණ) යනුවෙනි. මෙහිදී සද්ධාසම්පදා නම් වනුයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීමයි. එසේම උන්වහන්සේගේ ගුණයන් පිළිබඳව වන අවබෝධයයි.


නිකිණි පුර අටවක

  අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]