
බුදු හිමි පුදමු

දෙදහස් හයසිය හැටපස් වසරක් ගෙවුවා
අප මහ බෝසත් බුදු වී එදිනා
තවමත් සසරේ ඉම නැත පෙනුණා
පුහුදුන් දන හැම සසරෙක ඇලුණා
මල් ගඳ දුම් ගෙන පියවර මැන්නා
වත් පිළිවෙත් වෙත සිත යොමු වන්නා
පුන් සඳ එළියේ බණ පද ඇසෙනා
සම්බුදු සමිඳුන් වැඩ සිටි මඟ පෙනෙනා
පිළිවෙත් පුරමින් සැම පෙළ ගැසුණා
දම් රස විඳ දිවි මඟ එළි කරනා
භවයෙන් භවයට යන මඟ වැසුණා
බෝසත් අපි සැම නිවනින් ඇලුණා
මහආරගම සුදස්සන හිමි
2 වසර
ශ්‍රී සුමන සාමණේර ආයතනය, වෙහෙරයාය
****
ආදර අම්මා

දස මසක් කුස දරා මා මෙලොවට බිහි කළ අම්මේ
ලේ කිරි කර පොවා මාදැඩි කළ අම්මේ
අකුරු ඉලක්කම් කියලා දුන් අම්මේ
මගේ ලෝකයේ හිරු සඳු ඔබ අම්මේ
රවිදි චමත්මා ජයතිලක
5 ශ්‍රේණිය
මියුසියස් විදුහල, කොළඹ
****
මව්පියන් රැක ගනිමු
අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේද බෝධිසත්ව අවධියේ තම මවට සිදුකරන ලද උපස්ථාන ඉතා
නිරවුල්ව මූලාශ්රවල සඳහන් වී තිබේ.
වත්මන් සමාජය තුළ බොහෝ සෙයින් වැඩිහිටි නිවාස ව්‍යාප්ත වී පවතියි. මීට හේතුව වන්නේ
වර්තමාන සමාජයේ සිටින දූ දරුවන් කායිකව වර්ධනය වූවත් ආධ්‍යාත්මික වශයෙන් පිරිහී
තිබීම යි.
මෙසේ කෲර අයුරින් මව්පියන්ට සලකන දරුවන්ට ද යම් කලෙක මුහුණ දීමට සිදුවන්නේ එවැනිම
වූ ඛේදවාචකයකට යි. එහෙත් ඇතැම් පිරිසක් මව්පියන්ගේ අගය මැනවින් වටහාගෙන ඔවුන්ට
අවශ්‍ය සියලු ඇප උපස්ථාන ලබා දී ඉතා කාරුණිකව රැක බලා ගනියි. එවැනි දරුවන් සමාජයට
මෙන්ම මුළු මහත් ලෝකයටම සම්පතකි. එනිසා අපිද මව්පියන්ට උපස්ථාන කරන, රටටත් ලෝකයටත්
වැඩදායී වූ දරුවන් වෙමු.
ගේලක රුබේරු
09 ශ්‍රේණිය
මධ්‍ය මහා විදුහල,
ගලෙන්බිඳුනුවැව
****
දහම් පාසල් යමු
මල් කැකුළු වගේ
පුංචි ළමා අපි
එකතු වෙලා යාළුවෙලා
සමඟිවෙලා
දම් පාසල් යමු
දහම් ඉගෙන ගෙන
නැණ නුවණ වඩා
සතුටින් ඉමු අපි යහළුවනේ
හිමාෂා අමන්දි දිසානායක
09 ශ්‍රේණිය
ශ්‍රී සෝමානන්ද දහම් පාසල, හැඟව
****

සංස්කරණය - නයනා නිල්මිණි |