Print this Article


සදහම් අරණ

බුදු හිමි පුදමු

දෙදහස් හයසිය හැටපස් වසරක් ගෙවුවා
අප මහ බෝසත් බුදු වී එදිනා
තවමත් සසරේ ඉම නැත පෙනුණා
පුහුදුන් දන හැම සසරෙක ඇලුණා

මල් ගඳ දුම් ගෙන පියවර මැන්නා
වත් පිළිවෙත් වෙත සිත යොමු වන්නා
පුන් සඳ එළියේ බණ පද ඇසෙනා
සම්බුදු සමිඳුන් වැඩ සිටි මඟ පෙනෙනා

පිළිවෙත් පුරමින් සැම පෙළ ගැසුණා
දම් රස විඳ දිවි මඟ එළි කරනා
භවයෙන් භවයට යන මඟ වැසුණා
බෝසත් අපි සැම නිවනින් ඇලුණා

****

ආදර අම්මා

දස මසක් කුස දරා මා මෙලොවට බිහි කළ අම්මේ
ලේ කිරි කර පොවා මාදැඩි කළ අම්මේ
අකුරු ඉලක්කම් කියලා දුන් අම්මේ
මගේ ලෝකයේ හිරු සඳු ඔබ අම්මේ

****

මව්පියන් රැක ගනිමු

අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේද බෝධිසත්ව අවධියේ තම මවට සිදුකරන ලද උපස්ථාන ඉතා නිරවුල්ව මූලාශ්‍රවල සඳහන් වී තිබේ.

වත්මන් සමාජය තුළ බොහෝ සෙයින් වැඩිහිටි නිවාස ව්‍යාප්ත වී පවතියි. මීට හේතුව වන්නේ වර්තමාන සමාජයේ සිටින දූ දරුවන් කායිකව වර්ධනය වූවත් ආධ්‍යාත්මික වශයෙන් පිරිහී තිබීම යි.

මෙසේ කෲර අයුරින් මව්පියන්ට සලකන දරුවන්ට ද යම් කලෙක මුහුණ දීමට සිදුවන්නේ එවැනිම වූ ඛේදවාචකයකට යි. එහෙත් ඇතැම් පිරිසක් මව්පියන්ගේ අගය මැනවින් වටහාගෙන ඔවුන්ට අවශ්‍ය සියලු ඇප උපස්ථාන ලබා දී ඉතා කාරුණිකව රැක බලා ගනියි. එවැනි දරුවන් සමාජයට මෙන්ම මුළු මහත් ලෝකයටම සම්පතකි. එනිසා අපිද මව්පියන්ට උපස්ථාන කරන, රටටත් ලෝකයටත් වැඩදායී වූ දරුවන් වෙමු.

****

දහම් පාසල් යමු

මල් කැකුළු වගේ
පුංචි ළමා අපි
එකතු වෙලා යාළුවෙලා
සමඟිවෙලා
දම් පාසල් යමු
දහම් ඉගෙන ගෙන
නැණ නුවණ වඩා
සතුටින් ඉමු අපි යහළුවනේ

****