[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුණ්ණ රහතන් වහන්සේගේ අධිෂ්ඨානය
සිතුවම - හර්ෂ ගුණවර්ධන

  ඉල්
අව අටවක 

දෙසැම්බර් 07 සඳුදා අ.භා 06.47 න් අව අටවක ලබා 08 අඟහරුවාදා අ.භා 05.17 න් ගෙවේ.

අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

දීඝවාපි පුදබිමෙන් රන් කරඬු හතරක් හමුවෙයි

රන් කරඬු හතරක් එකවර හමු වූයේ ප්‍රථම වතාවටයි - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ දීඝවාපි පුදබිම වසර 30කට ආසන්න කාලයක් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවෙන් ඈත්ව තිබුණි. කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන නිසා ආගමික සංස්කෘතික කටයුතු කර ගැන්මට අවස්ථාවක් නොලැබුණා සේ ම, එහි ප්‍රතිසංස්කරණ කටයුතු පවා සිදු කළ නොහැකි විය. අවස්ථා කිහිපයක දී පුරාවිද්‍යා කැණීම් මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නට උත්සාහ ගත්ත ද එය සාර්ථක නොවීය. එහෙත් පසුගිය 11 වැනිදා දීඝවාපියේ පුරා විද්‍යා කැණීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. එම ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා වැඩි දිනක් යාමටත් පෙර, එනම් නොවැම්බර් 18 වැනිදා දීඝවාපි දාගැබේ දකුණුපස වාහල්කඩ කැණීමේ දී අඟල් 18ක් පමණ උසකින් යුතු ශෛලමය මංජුසාවක් හමු විය. එම මංජුසාව තුළ වටිනා පුරා විද්‍යා භාණ්ඩ හා බෞද්ධ වන්දනාවට අදාළ ධාතූන් වහන්සේ ඇති බවට විශ්වාස කෙරිණි. ඒ අනුව එම මංජුසාව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගෙන ගොස් විවෘත කිරීමට තීරණය කෙරිණි. නොවැම්බර් මස 23 වැනිදා එය විවෘත කිරීම යොදා ගත් අතර, මංජුසාව විවෘත කර එහි ඇති පුරාවිද්‍යා වටිනාකම් ඇති පුරා වස්තු එළියට ගැනීමට පැය 12කට අධික කාලයක් ගත විය.

ධර්ම දේශනාව:

බුදුරජාණන් වහන්සේ දැක ගනිමු

බෞද්ධයාගේ පරමාර්ථය විය යුත්තේ කෙළවරක් නැති මෙම සංසාර ගමන කෙටි කර ගැනීමයි. ඒ සඳහා නිසි මඟ බුදුන් වහන්සේ විසින් පෙන්වා වදාරා තිබෙද්දීත් සංසාර පුරුද්ද නිසාම බොහෝ දෙනා යොමු වන්නේ ලබා ගත් මිනිසත් භාවයෙන් නිසි ඵලය ලබා ගැනීමට නොව තව තවත් අන්ධකාරයේ නිමග්න වීමට ය. සත්ත්ව වර්ගයා දෙස කල්පනා කරන විට මිනිස් බව උසස්ම තත්ත්වයයි. ”මනස්ස උස්සන්නත්තා මනුස්සා” යනුවෙන් උගන්වා වදාළේ එම නිසා ය. තිරිසන් සතුන් සහ මනුෂ්‍යයන් අතර වෙනස හැටියට දකින්නට හැකි වන්නේ ඔහු තුළ පිහිටා ඇති සිත දියුණු කිරීමේ ශක්තියයි. බුද්ධෝත්පාද කාලයක ඉපදී සිටීමට හැකියාව ලැබීම ම, මනුෂ්‍යයන් ලෙස අප මහත් භාග්‍යවන්තයෝ ය. එහෙත් බුදුන් වහන්සේගේ ජීවමාන ධර්මය නොසැඟවී තිබෙන යුගයක ලබාගත් මිනිසත් භාවයෙන් නිසි ප්‍රයෝජන ලබා නොගන්නේ නම් තව දුරටත් අපි මේ සංසාර ගමන දික්කර ගනිමු. බුදුරජාණන් වහන්සේ සමීපයේ සිටි ඇතැම් රාජ රාජ මහාමාත්‍යවරුන්ට පමණක් නොව බුද්ධ සාසනයේ පැවිද්ද ලබා සිටි ඇතැම් අයටවත් නියම බුදුරජාණන් වහන්සේ දකින්නට නොහැකි වූ බව බුද්ධ කාලයේ සිදුවූ සිදුවීම් පරිශීලනය කරන විට මැනවින් අවබෝධ වෙයි. සසර කෙටි කර ගෙන මේ සංසාර ගමන නතර කිරීමට බුද්ධෝත්පාද කාලයක ඉපිද සිටියත්, පාරමිතා සම්පූර්ණ කර නැතිනම් හැකියාවක් නොලැබේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි බව ලබා සිටි දේවදත්තට බුදුන් දකින්නට වරම් නොලැබුණේ එනිසයි.

ජාතික ආගමික ප්‍රශ්නවලදී තෛ‍්‍ර නිකායම ඒකාබද්ධව නිකුත් කරන ප්‍රකාශ ඉතා ප්‍රබලයි - මකුලෑවේ විමල මහා නා හිමි

ගෞරවනීය මහානායක හිමිපාණන් වහන්ස, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කිසිදු අනු නිකායකින් සමන්විත නොවූ නිකායක්. එවැනි තත්ත්වයක් තුළ මහා නායක ධුරයේ භාරදූර වගකීම දරන්නට ඔබ වහන්සේ සූදානම් වන්නේ කෙසේ ද? ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරය භාරදූර වගකීමක් ඇති තනතුරක්. මේ නිකායේ භික්ෂූන් වහන්සේ අට දහසක් පමණ වැඩ සිටිනවා. විහාරස්ථාන එක් දහස් අටසියයකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. නිකායේ පරිපාලන කටයුතු සිදු කෙරෙන්නේ විශේෂ ක්‍රමවේදයකටයි. එය මහා නායක ස්වාමීන් වහන්සේගේ කටයුතුවල දී විශාල පහසුවක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභා කොට්ඨාස 48කට බෙදා තිබෙනවා. ඒ කොට්ඨාසවල නියෝජිතයින්ගෙන් තමයි කාරක සභාව, පාලක සභාව සකස් වී තිබෙන්නේ. යම් කිසි වැඩ කොටසක් කරන විට ඒ කාරක සංඝ සභාවේ, පාලක සංඝ සභාවේ අනුමැතිය ලබාගෙනයි සිදු කරන්නේ. ඊට අමතරව නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය මාසයකට වතාවක් රැස්වෙනවා. එය මහා නායක හාමුදුරුවෝ, අනුනායක හාමුදුරුවරු, අධිකරණ නායක හාමුදුරුවෝ, ලේඛකාධිකාරී, මහා ලේඛකාධිකාරී, සංඥා ලේඛකාධිකාරී, අධිකරණ ලේඛකාධිකාරී වගේ නියෝජ්‍ය ලේකම් ස්වාමීන් වහන්සේලාගෙන් සමන්විතයි.

අවුල් සහගත සිත නිරවුල් කරන හැටි

බුදු රජාණන් වහන්සේ සොයා දුන් නිවන් මඟ ලැබීමට, ඕනෑම කෙනෙකුට උත්සාහයෙන් ප්‍රතිපත්ති මඟට බැස ප්‍රඥාාව දියුණු කර ගැනීමෙන් පුළුවන්කමක් ඇත. මෙහිදී ගිහි පක්ෂයට වඩා පැවිදි පක්ෂයට එය ඉක්මන් වන්නේ, සැහැල්ලු දිවි පෙවෙතත් සමඟ ය. පැවිදි පක්ෂය හංසයාගේ ගමනටත්, ගිහි පක්ෂය මොණරාගේ ගමනටත් සංසන්දනය කර ඇත්තේ එබැවිනි. නමුදු පැවිදි පක්ෂය වුව ද බැඳීම් වැඩි කරගත් කල්හි නිවන් ලැබීම ප්‍රමාද වනු ඇත. ගිහි පක්ෂය වුව ද බැඳීම් අඩු කර ගත් කල්හි නිවන් ලැබීම ඉක්මන් වනු ඇත. මෙහිදී පුහුදුන් මනස පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත. පුහුදුන් යනු කෙලෙස් සහිත පිරිසයි. ඔවුන්, හඳුන්වා ඇත්තේ ,'සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා' පුහුදුන් සියල්ලෝ ම උම්මත්තකයන් බවයි. එයින් පැහැදිලි වන්නේ, පුහුදුන් සත්වයින් කෙලෙස් වලින් පිරිපුන් බවත්, ඔවුන්ගේ මනස නිරන්තරයෙන් අවුල් වී ඇති බවත් ය. බුදුරදුන් දෙසූ දහම් මඟ පිළිබඳ කෙනකු ප්‍රඥාාවෙන් දකින්නේ නම්, ශ්‍රද්ධාවත් ඇතිව මාර්ග හා ඵල වලට පත් වීමට අපහසු නැත. එහිදී පුහුදුන් පුද්ගලයින්ගේ ප්‍රභේදයන් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 
 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]