[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාමංකඩ ශ්‍රී මහාවිහාරය

කොළොම්තොට මායිමේ පින්බර මහවෙහෙර පාමංකඩ ශ්‍රී මහා විහාරය

කොළඹ නගරයේ දකුණු මායිමක් වූ පාමංකඩ ඇළට සහ කොළඹ හොරණ මහා මාර්ගයට නුදුරින් දෙහිවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටි බ්‍රිතාන්‍ය පාලන අවධියේ ඉදි කරන ලද පුදබිමක් ලෙස පාමංකඩ ශ්‍රී මහාවිහාරය හඳුන්වා දිය හැක.  වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ මාතර හිත්තැටියේ රාජමහ විහාරාධිපති ව වැඩවිසූ ඉන්දසර මාහිමියන්ගේ ශිෂ්‍ය, බෝධිමලුවේ පරිසුද්ධ නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක වූ පිලානේ ශ්‍රී බුද්ධරක්ඛිත නා හිමියන් සහ තත් ශිෂ්‍ය මලිගස්පේ මංගල නාහිමියන් 1813 වර්ෂයේ දී වනගත ව පැවති කෝට්ටේ රාජමහා විහාරය නැවත සොයා ගනිමින් අගනුවර බෞද්ධ පුනරුදයට කටයුතු සම්පාදනය කළහ. මෙලෙස ශාසන සංග්‍රහයෙහි යෙදුණු පිලානේ නාහිමියන් වෙත පාමංකඩ දායක පිරිසක් විසින් පූජා කළ ඉඩමෙහි වල්පොළ හිමි නම් හිමි නමක වස් වසමින් පරම රමණීයාරාමය ලෙස නම් තැබූහ. වරින්වර කෝට්ටේ රාජමහ විහාරයේ හිමිවරුන් මෙහි වස් වසමින් ආගමික කටයුතු සිදු කළ අතර, පාමංකඩ අන්දිරිස් පීරිස් වෙත්තසිංහ අප්පුහාමි ඇතුළු දායක පිරිසගේ ඇරයුම පරිදි මලිගස්පේ මංගල නාහිමියන්ගේ පස්වැනි ශිෂ්‍ය වූ බද්දේගම සරණංකර හිමියන් පාමංකඩ පරමරමණී යාරාමයේ විහාරාධිපතීත්වයට පත්ව ස්වර්ණමය යුගයක් උදා කළහ.

  ඉල්
අව අටවක 

දෙසැම්බර් 07 සඳුදා අ.භා 06.47 න් අව අටවක ලබා 08 අඟහරුවාදා අ.භා 05.17 න් ගෙවේ.

අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]