[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුහුදු මහා විහාරය
ඡායාරූපය - රුවන් ද සිල්වා

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

සඳහිරු සෑය

මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට හා රට, ජාතිය බේරාගැනීමේ සටනට කැපවුණු රණවිරුවන්ට උපහාර පිණිස ඓතිහාසික අනුරාධපුර පුදබිමේ රණවිරු ශ්‍රමයෙන් ඉදිකරන සඳහිරු සෑය චෛත්‍යයේ ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට දිවා, රාත්‍රී දෙකෙහි රණවිරුවෝ කටයුතු කරති. මෙම මහා චෛත්‍යය කර්මාන්තය සඳහා ශ්‍රමයෙන් දායකත්වය සපයන පින්වතුන් සඳහා මේ වන විට අවස්ථාව ලබාදීමට හැකි බව ව්‍යාපෘතිය බාර අණ දෙන නිලධාරි ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් මොහාන්කුමාර මහතා සඳහන් කරයි ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමට කැමති පින්වතුන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන, දායක සභා 0773528677 අංකයෙන් අමතන ලෙස ඒ මහතා ඉල්ලීමක් කරයි. මේ වන විට සඳ හිරු සෑය චෛත්‍යයේ ඉදිකිරිම් ගර්භය දක්වා අවසන්කර ඇති අතර දේවතා කොටුව සඳහා පාදම ඉදිකරමින් පවතී.

හබරකඩ ඉන්දරතන නා හිමි ගුණ සමරුව

මෙයට වසර තුනකට පෙර 2017 ඔක්තෝබර් 01වන දින අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය ආදී ආනන්දීය බෞද්ධ සංගමයේ සහාය ප්‍රධාන අනුශාසක හබරකඩ ශ්‍රී විජයානන්ද රාජමහා විහාරය ඇතුළු ශද්මහාවිහාරයන්හි අධිපතිත්වය හෙබවූ ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන නා හිමියන්ගේ ගුණ සැමරීමේ පුණ්‍යොත්සවයක් තවලම හබරකඩ ශ්‍රී විජයානන්ද රාජ මහා විහාරයේ දී සිදු කිරීමට විහාරාධිකාරී විශ්‍රාමික විදුහල්පති ශාස්ත්‍රපති එප්පල සෝරත හිමියන් ප්‍රධාන ශිෂ්‍ය පිරිස, දායක සභාව කටයුතු යොදා ඇත. ඒ අනුව 2020 ඔක්තෝබර් 01වන දින රාත්‍රී 07.00 ට පැවැත්වෙන ධර්ම දේශනාවකි. පසුදින (02) දහවල් සඟ සතු මහා දානයකි. දෙස් විදෙස්හි සුපතල කීර්තිමත් තිහක් පමණ වූ පැවිදි සිසු පිරිසක් බිහිකළ ඉන්දරතන නා හිමියෝ සුප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ද වූහ.

 

ධර්ම දේශනාව:

ජීවිතයේ දියුණුව යසස කීර්තිය උදා කර ගැනීමේ පහසු මඟ

උට්ඨානවතො සතිමතො - සුචිකම්මස්ස නිසම්මකාරිනො - සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනො - අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති, බුදු දහමට අනුව උත්සාහ සම්පත්තිය ඉතා වැදගත් දෙයක්. උත්සාහයෙන් තොරව කිසිවක් ජය ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. ලෞකික ජීවිතය ජය ගැනීමට එදිනෙදා ඒ ඒ පුද්ගලයා ගනු ලබන උත්සාහය වැදගත් වනවා. මෙම උත්සාහය ලෞකික දියුණුවට පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් ද උසස් තත්වයක් ලැබීමටත්, උපයෝගී වන බව බුද්ධ චරිතය ආශ්‍රයෙන් අපට වටහා ගන්නට පුළුවන්. සමහරු එක එක කරුණු සඳහන් කරලා තමන්ගේ වැඩ කටයුතු අතපසු කරන ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කොට තිබෙනවා . ඉතා සීතල නිසා, ඉතා උණුසුම් නිසා, ඉතා උදෑසන නිසා, ඉතා හවස නිසා, ඉතා බඩගිනි නිසා, බඩ පිරිලා වැඩි නිසා ආදී වශයෙන් තම වැඩකටයුතු අතපසු කිරීම නිසා ඒවා සාර්ථක කර ගැනීමට නොහැකි වෙනවා. අලස බව යන වචනය මෙයට සඳහන් කරන්නට පුළුවන්. තමාගේ වැඩ කටයුතු අතපසු කරමින් ඒවා කල් දමන කෙනාගේ ජීවිතයේ කටයුතු කවදාවත් සාර්ථක වන්නේ නැහැ. කර්මාන්ත කරන කෙනකුගේ කර්මාන්ත කටයුතු, අධ්‍යාපනය ලබන ළමයකුගේ ඉගෙන ගැනීමේ කටයුතු, ගොවිතැන් කරන කෙනාගේ ගොවිතැන් කටයුතු, ආගමික වතාවත් සිදුකරමින් ක්‍රියා කරන තැනැත්තකුගේ ඒ කටයුතු ආදී වශයෙන් හැම දෙයක් ම අසාර්ථක තත්ත්වයට පත්වෙනවා. මේ නිසයි බුදුරජාණන් වහන්සේ උත්සාහය සම්පතක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ දෙවන කාරණය ‘සති මතෝ’ සිහි ඇති බවයි. මේ සිහි ඇති බව ජීවිතයට ඉතා වැදගත් වෙනවා. බුදු දහමේ සිහියට දී ඇත්තේ ඉතා සුවිශේෂ තැනක්. මහණෙනි, සිහිය සියලු අර්ථසිද්ධි සදා දෙන බව මම සඳහන් කරමි. ක්‍රමානුකූලව වැඩූ සිහිය නොදෙන යහපතක් නැතැයි දේශනා කිරීමෙන්ම එහි ඇති වැදගත්කම පැහැදිලි වෙනවා.

 

මේ පින්බර වස්සාන කාලය යි

වස්සාන ඍතුවේ වස් සාර මාසය අතුරෙන් ඇසළ පොහොයෙන් ආරම්භ වන මුල් මාස තුන භික්ෂූන් වහන්සේලා වස් සමාදන් ව ගත කරන කාලය යි. මෙය සැදැහැවත් බෞද්ධයා ගේ පුණ්‍ය කාලය යි. විහාරස්ථානවලට නිබඳ ව එක් රැස්වන සැදැහැවත්හු මෙම සමය තුළ විවිධාකාර වූ චිත්තාකර්ෂණීය පින්කම් සංවිධානය කරති. ගිහි පැවිදි සබැඳියාව ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් පැවතිය යුතු බව සිංහල බෞද්ධ ජන සමාජය පිළිගෙන තිබේ. එම සබැඳියාව මැනවින් මූර්තිමත් වන කාල පරිච්ඡේදයක් මෙම වස් සමය තුළින් පිළිබිඹු කෙරෙයි. භික්ෂූන් වහන්සේලා සහ සැදැහැවත් ගිහි සමාජය අතර මෙම සබැඳියාව ඇතිවූයේ ද වස් විසීමත් සමඟ ය. ආරාමික දිවි පෙවෙත ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සංවර්ධනය වූයේ ද වස් විසීමේ ප්‍රතිඵලයක් ලෙස යි. එකල ලක්දිව විහාරස්ථාන අඩු ප්‍රදේශවල සැදැහැවතුන් එකතුව භික්ෂූන් වහන්සේ නමකට වස් විසීමට යෝග්‍ය ස්ථානයක් පිළියෙළ කොට එහි වස් වැසවීම සාමාන්‍ය සිරිතක් ව පැවතිණි. වස් සමය නිමවීමෙන් පසුව එම ස්ථානය ස්ථිර විහාරස්ථානයක් බවට පත් වුණි. ලක්දිව බොහොමයක් විහාරස්ථාන ආරම්භ වී තිබෙන්නේ මේ ආකාරයට ය. පුරාතන යේ මෙන්ම අදටත් ඇතැම් සැදැහැවතුන් අභිනවයෙන් නිවසක් ඉදිකළ විට පළමුව එහි භික්ෂූන් වහන්සේ නමක් හෝ දෙතුන් නමක් සිරිත් පරිදි වස් වැසවූහ. නිවස භාවිතයට යොදාගන්නේ වස් සමය නිමවා කඨින චීවර පූජාවත් සිදු කිරීමෙන් පසුව යි. මෙම වසරේ වස් සමයේ වැඩි කාලයක් මේ වනවිට අවසන් ව ඇත. එබැවින් මෙම අධි වප් පුර පසළොස්වක පොහෝදා වස් වැසීමෙහි හා කඨින චීවර පූජාවෙහි සමාරම්භක සංසිද්ධීන් පිළිබඳ මෙනෙහි කිරීම ඉතා වැදගත් ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]