[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රාජ මහා විහාරය

අවරට යන හිරු අස්ථාන වන අයුරු මෙම පුදබිමේ දක්නට ඇති සුලබ දසුනකි.එලෙස හිරු අස්ථාන වීම පසු කාලීන ව ආස්ත ගිර වී අස්ගිරි වූ බවට මතයක් ද වෙයි. අහස් කුසට එසැවී ගිය බෝධි රාජයාණන් වහන්සේ දුටු පමණින් ඇති වන ශ්‍රද්ධාව වචන වලට පෙරළිය නොහැකි තරම් ය. බඳ වටා ඇති විශ්කම්භය මෙම බෝධීන් වහන්සේගේ වයස සඟවා ඇතැ යි දකින සැදැහැවතකු ට සිතෙයි.ඊට නුදුරින් සමාධි සුවයෙන් වැඩ සිටිනා බුදු පිළිම වහන්සේ ගේ දසුනින් සිත් නිවි සැනසෙ යි. එදවස භාවනා යෝගී භික්ෂුන් වහන්සේ උදෙසා පුද ලද කටාරම් ලෙන නිසොල්මනේ සියල්ල දරා සිටිමින් එක් ඉසව්වක ය.ඊට යාබද ව ඇති ඉපැරණි කතරගම දේවාලයේ දසුන බැතිය උපදවන සුලු ය.මේ සියල්ල මැදිව හාත්පස මවන දසුන දකින්නට නෙත් පින්කර ඇතුවායැයි සිතෙයි. පොල් රුප්පාවෙන් මෙන්ම ඝන වනාන්තරයට මැදිව ඇති වෙල් ඉපැනැලි ද ඒ අතරින් ඉහළට එසැවුණු ගොඩනැගිලිද මේ දසුනේ චමත්කාරයන් ය. මේ සියනෑ කෝරළයට අයත් අස්ගිරි පුරාණ ගල්ලෙන් රාජ මහා විහාර පින් බිමේ සීමා අඩවියයි.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]