[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි අධි වප් පෝදා අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවකි. පෙරවරු 8.00 සිට 9.00 දක්වා දම් දෙසුම කෝට්ටේ, රජමල්වත්ත, විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී දෙමටගොඩ අනෝමදස්සී හිමි, 9.30 සිට 10.30 දක්වා දම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී වල්ගම සුමන හිමි 12.00 - 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1.30 - 3.00 දක්වා දම් දෙසුම නාරාහේන්පිට ගිලන් භික්ෂු මධ්‍යස්ථානවාසී බුත්තල සමිත හිමි 3.30 සිට 4.30 දක්වා දම් දෙසුම තලවතුගොඩ, ගනේලන්ද රජමහා විහාරාධිකාරී ගැමුණුපුර සෝමවංශ හිමි, සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පුජාවක් සහ අසූමහ ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම වප් පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතරධ ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ සුනිතා පීරිස් මහත්මිය විසිනි.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පුර පසළොස්වක පෝදින සීල භාවනා වැඩසටහන පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය පෙරවරු 6.30 - 7.00 උදෑසන බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, හා පෙරවරු 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, පෙරවරු 9.00 - 10.00 ධර්මදේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් මාලඹේ, අශෝකාරාම විහාරවාසී, කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 - 02.00 සීල භාවනා සමිතිය, 02.00 - 03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 - 04.00 ධර්මදේශනාව වල්පොල විමලඤාණ හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව පුටුපාගල ඤාණබුද්ධි හිමි, 5.00 - 6.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 - 8.00 ධර්මදේශනාව හාතන්ගොඩ ගුණරතන හිමි.

****

බෙල්ලන්විල රාජමහා විහාරය

බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝම්බර් 01 වැනි දිනට යෙදී තිබෙන වප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව හා 7.00 බුද්ධ පූජාව පැවැත්වීම බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී ශාස්ත්‍රපති බොරලැස්ගමුවේ පේමරතන හිමි. පෙරවරු 8.30 - පෙරවරු 9.00 ධර්ම දේශනාව පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, පෙරවරු 09.30 - 10.30 ධර්ම දේශනාව ගෞරවාර්හ මාතර මහින්ද හිමි, පෙරවරු 11.00 බුද්ධ පූජාව දිවුල්පිටිය, ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති ශාස්ත්‍රපති ඕකන්දයායේ බුද්ධසිරි හිමි, පස්වරු 1.00 - 2.00 විශේෂ දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අත්තනායක එම්.හේරත් මහතා, පස්වරු 2.30 - 4.00 ධර්ම සාකච්ඡාව බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමි. වැල්ලවත්ත සාම විහාරාධිපති, අතපත්තුකන්දේ ආනන්ද හිමි, මහාචාර්ය ජී.ආරියපාල පෙරේරා මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, ළමා හා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, පස්වරු. 4.30 - 5.30 ධර්මදේශනාව කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, කම්මට්ඨානාචාර්ය උඩුදුම්බර කාශ්‍යප හිමි, පස්වරු 5.45 සිල් පවාරණය හා කුරිරු යුද්ධය නිසා ආබාධිත තත්ත්වයට පත් වූ ‘අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ’ නේවාසිකව සිටින වීරෝදාර රණවිරුවන් කැඳවා ඔවුනට උපහාර දැක්වීම.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන වප් පුර පසළොස්වක පෝය දිනය පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, උඩුදුම්බර උපරතන හිමි, 08.00-09.00 භාවනාව – ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 ධර්ම දේශනාව, උඩහමුල්ල පඤ්ඤෝධාරාම මහ පිරිවෙනේ පරිවෙණාධිපති ආචාර්ය වල්ගම සුමන හිමි, 10.00-11.00 ධර්ම දේශනාව – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම මුදිත නාහිමි, 11.00-11.15 බුද්ධ පූජාව, තලහගම බුද්ධසිරි හිමි, ගාල්ලේ ධම්මවස්සති හිමි, පස්වරු 12.15-12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, සෙල්ලකතරගම සන්කිඳ හිමි, 01.00-2.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය තල්පාවිල කුසලඤාණ හිමි, 02.00-03.00 ධර්ම දේශනාව, බෙල්ලන්විල විහාරවාසී පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති වගවත්තේ විමලවංස හිමි, 03.00-03.45 ගිලන්පස, 03.45-05.00 ධර්ම දේශනාව, දිවුල්පිටිය බෝධිරාජාරාම වාසී පැපිලියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත හොරවින්නේ රතනසිරි හිමි, 05.00-06.00 ධම්ම පදය – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

කොබවක ශ්‍රී සුමනාරාම විහාරස්ථානය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මැල්ලේ ශ්‍රී සුමනරතන කොබවක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඔක්තෝම්බර් 01 වැනි දිනට යෙදෙන අධි වප් මස පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් එම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ.

පෙරවරු 8.30 ට ධර්ම දේශනාව කාව්‍ය විශාරද ගෝවින්නේ සුබෝධ හිමි, පෙරවරු 10.00 ට සදහම් වන්දනාව හා දහවල් සම්බුද්ධ පූජාව ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, පස්වරු 01.00 ට භාවනා වැඩසටහන වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, පස්වරු 3.00 ට ධරම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත නවඳගල ශ්‍රී චන්ද්‍රසිරි නා හිමි. රාත්‍රී 7.00 ට සැමට සෙත් පතා ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කම.

****

හම්බන්තොට සිංහගිරි විහාරය

හම්බන්තොට සිංහගිරි විහාරයේ දී ඔක්තෝබර් 1 දා දවස පුරා විශේෂ පින්කම් මාලාවක් විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට සිංහගිරි විහාර දායක සභාව කටයුතු යොදා ඇත.

****

ශ්‍රී සුගත ධර්මායතනය

අධි වප් පොහොය දින ගල්කිස්ස, ටෙම්පල් පාර, ශ්‍රී සුගත ධර්මායතන විහාරාධිපති මොරකැටිආරේ සුමනනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පින්කම් පැවැත්වේ.

ජාත්‍යන්තර ළමා සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් තෝරාගත් පාසල් ළමුන් හා වැඩිහිටියන් උදෙසා ආශිර්වාදාත්මක වැඩසටහන හා සමගාමීව සහන ත්‍යාග ප්‍රදානය කිරීම මොරකැටිආරේ සුමනනන්ද විහාරාධිපති හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව 10.00 - 11.00 ධර්ම දේශනාව 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනාව වලපනේ ඤාණසේන හිමි, 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව ගල්කිරියාගම විමලානන්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව තල්පත්කන්දේ සිරිනන්ද හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව අලුත්වල ධම්මසති හිමි, රාත්‍රී 7.00 - 8.00 අටවිසි බුද්ධ පූජාව.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]