[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කරුණා ගුණය පුරුදු කරමු

කරුණා ගුණය පුරුදු කරමු

ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතාව නැති ජීවිතය නිශ්ඵලයි.

සෙනෙහස, ආදරය, මෛත්‍රියෙන් පිරි සිතක් අපට සකසා ගන්නට හැකි නම් අද සමාජයේ පවතින බොහෝ විෂමතාවයන්ට, ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට හැකියි. පසුගිය සතියේ මේ පිළිබඳව ඔබට දීර්ඝ විස්තරයක් කළා.

ඉතින් සංවේදීශීලී හදවතක්, ආදරයෙන් මෛත්‍රියෙන් පිරුණු හදවතක් නිර්මාණය කර ගැනීමට හැකිනම් අද අප දැවෙන නේකවිධ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නට හැකිවේවි. අද ජීවත්වෙන බොහෝ දෙනෙකු තුළ මේ සංවේදි කාරණාවන් හරිම අඩුයි. ඒ නිසා කුඩා දේටත් අප කේන්තිගන්න, පළිගන්න, වෛර කරන්න හුරු වෙලා. එයින් වෙන ඛේදය නිතර සමාජය තුළ අත්දකිනවා.

එසේනම් එයින් මිදෙන්නට අප කළ යුත්තේ කුමක්ද? බුදුපියාණන් වහන්සේ දේශනා කළ ඒ මහා සද්ධර්මය අද මේ විශ්වයේ ශක්තියක් බවට පත්ව තිබෙනවා. අන්න ඒ විශ්වයේ ඇති ආශීර්වාදාත්මක මෛත්‍රියට එකඟ වෙන්න අපට හැකිනම් මේ සමාජයට රටට ලෝකයටම අපිට සෙත් පතන්නට පුළුවන්.

අද මේ ඇති ගෝලීය වසංගත තත්ත්වයන්ට, ලෝකයේ විවිධ රටවල ඇති වර්ගවාදී සටන්වලට, දැවෙන සිත් ඇති මිනිසුන්ට, මේ මහා මෛත්‍රියෙන් සෙත් පතන්නට පුළුවන්. ඇත්තටම මෙය ඔබට මට අපි හැමෝටම කරන්නට හැකි සරල අභ්‍යාසයක් කියලයි මම දකින්නේ. අභ්‍යාසය සැහැල්ලු වූවාට ප්‍රතිඵලය සුවිශාලයි.

මෙතැන දී එක දෙයක් කිවයුතුයි. විශ්වයේ ඇති මහා මෛත්‍රියට එකාග්‍ර වෙන්න සංයෝග වෙන්න ප්‍රධාන කරුණු කිහිපයක් වැදගත් වෙනවා. ඉන් පළමු දේ මේ පිළිබඳ අප තුළ ඇති වුවමනාව. දැවෙන වුවමනාව. තමන් වෙනුවෙන් ලෝකයේ ජීවත්වෙන මිනිසුන් වෙනුවෙන් ස්වභාදහම, ගහකොළ සතා සිව්පාවට කරුණාව, දයාව, ආදරය, මෛත්‍රිය පතුරුවන්න අප තුළ වුවමනාව ඇති කර ගැනීමයි වැදගත්. දෙවැන්න මහා කරුණාවට, මෛත්‍රියට, ආදරයට ඒකාග්‍ර වීම.

කතාවක් තියෙනවා විශ්වයේ සියලු අභිරහස් දැනගැනීමට තරම් මහා ඥානවන්තයෙක් වුණත් සක්විති රජු වුණත් ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතාව නැතිනම් නිශ්ඵලයි කියලා.

ඒ නිසා මේ විශ්වයේ මහා කරුණාව දයාව අපට ලබා දී ඇත්තේ එය මනුෂ්‍යයින් විදිහට පතුරුවන්න. මෙය අප එකිනෙකා විසින් කළ යුතු සරල අභ්‍යාස ක්‍රමයක්. මුලින්ම අප තුළ ඇති වැරැදි නිවැරැදි කර ගැනීම හා අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. තමන්ගේ සිතුවිලි තුළ කෙනෙකුට ඇති වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය අප ඉවත් කර ගැනීම සිදු කළ යුතුම දෙයක්. තමන් තුළ මෛත්‍රිය ඇති කර ගැනීම අප කළ යුතුයි.

මෙම අභ්‍යාසය සඳහා සුදුසුම වේලාව රාත්‍රී නින්දට යන කාලය හා උදෑසන අප අවදිවෙන කාලයයි. මේ කාල සීමාවල පරිසරයේ ඇති නිස්කලංක බව මෙහිදී ඉතාම වැදගත්. තමා සන්තකයේ ඇති දුරකතන විසන්ධි කර මේ නිස්කලංක බවට අප එකතුවිය යුතු යි. මානසික මෙන්ම කායික නිදහස ඇතිව අපි මෛත්‍රියට එකඟ වෙන සරල ක්‍රමවේදයේ පියවර ලබන සතියේ කතා කරමු.

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]