[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

වනමන්දාව රාජ මහා විහාරය

කුරුණෑගල දිස්ත්‍රික්කය යනු රාජධානි හතරකින් සමන්විත ලංකාවේ එකම දිස්ත්‍රික්කය ලෙස හැඳින්විය හැකි ය. කුරුණෑගල, දඹදෙණිය, යාපහුව සහ පඬුවස් නුවර ඒ රාජධානි හතරට අයත් ප්‍රදේශයන් ය. මෙම ප්‍රදේශයන් ආශි‍්‍රත ව අපේ ඉතිහාසයේ බොහෝ පුරාවෘත්තයන් සැඟව පවතී. දඹදෙණි රාජධානියට ඉතා සමීප ව පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාරංගොඩ ඇටඹේ නම් වූ සුන්දර ගම්මානයෙහි පිහිටි වනමන්දාව රාජමහා විහාරය හැඳින්විය හැකි ය. මෙම විහාරයේ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව 1 වැනි සියවස දක්වා ඈතට දිවයයි. වළගම්බා රජතුමන් සැඟව සිටිමින් සිය සේනාව සංවිධානය කර ඇත්තේ මෙම වනමන්දාව රාජමහා විහාර භූමියේ සිට බව ජනප්‍රවාදයේ සඳහන් ව ඇත. ඉන්පසු කාලීනව අසරණ සරණංකර සංඝරාජ නා හිමියන් ද මෙම විහාරස්ථානයේ වැඩ වාසය කළ බවට සංඝරාජ සාධු චර්යා නම් වූ ඉපැරැණි ග්‍රන්ථයක සඳහන් වී ඇත. මෙම විහාරස්ථානය පිහිටි ගමට යාබදව ඇත්තේ හමන්ගල්ල නම් වූ පිටිසරබද ගමකි. ඉතිහාසයේ මෙම ගම හඳුන්වා ඇත්තේ සමන්ගල්ල යනුවෙනි. දඹදෙණි රාජධානියෙහි රජකම් කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමන්ට දළදා හාමුදුරුවන් වන්දනා මාන කිරීම සඳහා සමන්පිච්ච මල් ලබා දී ඇත්තේ මෙම ගම්මානයෙන් නිසා එම ගම සමන්ගල්ල ලෙස හඳුන්වා ඇති බවත්, අද වන විට එම ගම හමන්ගල්ල නමින් හඳුන්වන බව ත් පැරැන්නෝ සඳහන් කරති.

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]