[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සම්බුදු සසුන එකලු කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි

සියවස් ගණනාවක් පුරාම ලක්වැසියන්ට ගත කිරීමට සිදු වූයේ පෘතුගීසි, ඕලන්ද, ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් ව ඔවුනගේ සැහැසිකම්වලින් බොහෝ සෙයින් ම පීඩිත දුර්භාග්‍ය සම්පන්න වටපිටාවක් තුළ ය. නිදහසේ අරුණලු උදාවන සේයාවක් පෙනෙනතෙක් මානයකවත් නොතිබුණි. වසර දෙදහසක් ස්වාධිපත්‍යයෙන් පැවති රටක් ඉක්බිතිව පරාධීන හස්තයකට යටත්ව ජීවත්වීමට ලැබීම ලක්වැසියෝ කිසිසේත් ම නො ඉවසූහ. ඔවුහු මෙකී මහා ව්‍යසනයෙන් රට, ජාතිය, ආගම බේරා ගැනීමේ මහ සටන් ඇරඹූ හ. එහෙත් ඒවා අඛණ්ඩ ව පවත්වාගෙන යා නොහැකි විය. මෙම තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සමත් පුත් රුවනක් ලක් පොළොවේ ජනිත වේවා යි, ශාසන පාලක දෙවියන් යැදීම හැර කළ හැකි අන් දෙයක් ඔවුනට නොතිබුණි. එහි ප්‍රතිඵලයක් නිසාදෝ රටේ වාසනාවකට මෙන් වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ උඩරට වැදගත් පරපුරක ජන්ම ලාභය ලැබූ හ. ඉතා දුක සේ ධර්ම විනයත්, භාෂා ශාස්ත්‍රයත් මැනවින් හදාළ උන් වහන්සේ චිරරාත්‍රඥ බහුශ්‍රැත මහා පඬිවරයෙකු බවට ද පත්ව ශාසනයත්, ජාතියත්, භාෂාවත්, පුනර්ජීවනයෙහිලා ස්වකීය කාර්යභාරය ඉතා මැනවින් සම්පූර්ණ කළ හ. එහෙත් සඟරජ මා හිමියන් ගේ අභාවයෙන් පසු එම ආලෝකය ටික කලෙකින් පහව ගොස් අන්ධකාරයේ සෙවණැලි පහළ වන්නට විය.


   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]