[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කාමයෝ සර්ප හිසක් බඳු වෙති

කාමයෝ සර්ප හිසක් බඳු වෙති

විසකුරු සර්පයෙකුගේ හිසක් පෑගුණහොත් එමගින් විෂ ශරීරගත ව මහත් දුකක් ඇතිවිය හැකි ය. ඇතැම් විට මරණය ද එමගින් සිදු වේ. එසේම සත්වයන් ඇලුම් කරන කාමයන් ද සර්ප හිසක් මෙන් අනතුරුදායක වේ. දැකීම්, ඇසීම්, සිප වැලද ගැනීම්, රස විඳීම් ආදියෙන් ලබන කම් සුවය චිත්ත පීඩාවන් ගණනාවකට මුලපුරයි. ඔවුනොවුන් මරාගන්නා තාක්ම කාමවිෂ පිරි සිතක් වියරු වේ. ද්වේෂය කෝපය පළිගැනීම ඇති වන්නේ කාමයන්ගෙන් බව දත් බුදුරජාණෝ, සර්ප හිසක් බඳු කාමයන් දුරුකොට දැමීමට අනුශාසනා කළහ.

සියලු කාම වස්තූන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම කාම උමතුවෙන්‍ බේරීමේ උපායකි. දුක් වශයෙන් බැලීම ද තම වසඟයෙහි පැවැත්විය නොහැක්කක් ලෙස බැලීම ද නිසා කාමයන් නිසා යම් ආයාසයක් වේ නම් එය ප්‍රහාණය වනු ඇත. බොහෝ ආදීනවයන්ට දුක් විපත්වලට මරණින් මතු නිරයට හේතුවන බව මෙනෙහි කිරීම ද කාමාග්නියෙන් බේරීමට හේතුවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. තම ශරීරය දෙස අශුභ වශයෙන් බැලීමෙන් ද කාම දැවිල්ල සංසිඳෙන බව ප්‍රත්‍යක්ෂ කරුණකි.

සත්ත්ව පුද්ගල ප්‍රඥප්තියෙහි පිහිටා ලෝකය දෙස බලන වාරයක් පාසා නූපන් රාගය, කාමය ඇති වේ. රූපාදී ස්කන්ධ සමූහයක් ලෙස හෝ හේතූන් නිසා හට ගත් ඵල ධර්ම සමූහයක් ලෙස තම ජීවිතයත්, බාහිර සංස්කාරයනුත් දෙස බැලිය හැකි නම් එමගින් ඔහුට යථාභූත ඤාණ දර්ශනය කරා යා හැකි ය.

මෝහය නිසා චතුරාර්ය සත්‍යය වැසී ඇති බව වදාළ බුදුරජාණන් වහන්සේ, මොහදුර සිඳ බිඳ ඤාණාලෝක ධාරා උපදවන අමා ධර්මය බ්‍රහ්මස්වර මිහිරෙන් මුසුකොට වදාළේ අපමණ කරුණාවකිනි. මිනිස් කාමයන් ඉක්මවා දිව්‍යමය කාමයන් පවා පා මුලට කැන්දා දෙන මාණික්‍ය. රත්නය බුදුරජාණන් වහන්සේම ය. බුදුසරණ ලබා එහි අයිතිය ඔබට ද ලබාගත හැකි ය. එවිට ඔබ ලොව ඇති තාක් සැපයන්ට හිමිකරුවෙක් වන අතර ලෝකෝත්තර නිවන් සුවය ද නොබෝ කලකින් ලබනු ඇත. ඒ උදෙසා කාමයන් හි නපුර ඔබට වැටහේවා! කාමච්ඡන්දය ප්‍රහාණය කොට දුගතියෙන් අත මිදෙත්වා! චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!

   නිකිණි අව අටවක පෝය 

   අගෝස්තු 11 අඟහරුවාදා පූර්වභාග 09.07න් අව අටවක පෝය ලබා 12 බදාදා පූර්වභාග 11.16 න් ගෙවේ. අඟහරුවාදා සිල්

මීළඟ පෝය අගෝස්තු 18 අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]