[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ද්‍රෝණ බමුණාට දහම් දෙසීම

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

125 දහම් පාසල් දිනය නිමිත්තෙන් දහම් ගුරු උපහාර උළෙලක්

125 වන දහම් පාසල් දිනය සැමරීම නිමිත්තෙන් දිවයිනේ වැඩිම, අඛණ්ඩ සේවා කාලයක් සපුරා සිටින දහම් පාසල් ගුරුවර ගුරුවරියන් වෙත සමරු තිළිණ හා සම්මාන සහතික පත් පිරිනැමීමේ උපහාර උළෙලක් පැවැත්වීමට සමස්ත ලංකා දහම් පාසල් ගුරු සංගමය විධි විධාන යොදා ඇත. මීට අමතරව අවුරුදු 10 – 15 – 20 ආදී වශයෙන් සේවා කාල ඇති දහම් ගරුවර ගුරුවරියන් වෙත සේවා ඇගයීමේ සම්මාන සහතික පිරිනැමීමට ද පියවර ගෙන තිබේ. 125 වන දහම් පාසල් දිනය 2020 අගෝස්තු මස 03 වැනිදාට යෙදී ඇත. ඒ අනුව උපහාර සම්මාන සඳහා සුදුසුකම් ඇති දහම් පාසල් ගුªරුවර ගුරුවරියන්ගෙන් මාර්තු මස 30 වැනි දින දක්වා උපහාර අයදුම්පත් භාර ගනු ලැබේ.උපහාර සම්මාන ලබා ගැනීමට බලාපොරොත්තු වන දහම් ගුරුවර ගුරුවරියන්ට අවශ්‍යවන අයදුම්පත් ගුරු සේවයෙහි යෙදී සිටින බවට ප්‍රධානාචාර්යවරුන්ගේ නිර්දේශය සහිත ලිපිය හා එය සනාථ කරමින් ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේ විසින් නිකුත් කළ යුතු ලිපිය සහිත විස්තර පත්‍රිකාව ඇතුළු අවශ්‍ය ලේඛන සියල්ල ම දහම් පාසල් ගුරු සංගමයෙන් ලබාගත හැකිය.

අමා වැස්සෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීම 18 වන දා සේරුවිල දී

සේරුවිල ගොවිජනපද ව්‍යාපාරයේ ගම්මානයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා අභ්‍යාස පොත්, ඇතුළු පාසල් උපකරණ කට්ටලය බැගින් පරිත්‍යාග කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ජනවාරි 18 වෙනි දින ඓතිහාසික සේරුවිල මංගල මහා සෑය අභයස දී සිදු කෙරේ. මැදවච්චිය ඇටවීරගොල්ලෑව, මොරගොඩ මේධාලංකාර හිමියන්ගේ අමාවැස්ස සංවිධානය මඟින් සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම ප්‍රජා සත්කාර වැඩසටහන කි‍්‍රයාත්මක වන අතර, ජනවාරි 18 වෙනි දින සවස 5 සිට මංගල මහා සෑ රදුන් වන්දනා කිරීමේ ආගමික වැඩසටහන් ගණනාවක් අමාවැස්ස සංවිධානය සිදු කිරීමට විධිවිධාන යොදා ඇත.

 

ධර්ම දේශනාව:

ඤාතීන් සඳහා කළ යුතු ඤාති ධර්ම

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමෙන් පසු උරුවෙල දනව්ව බලා වැඩම කළහ. තුන්බෑජටිල පිරිස දමනය කොට පැවිදිකිරීම සිදු වූයේ එහි දී ය. අනතුරුව බුදුරදුන් වැඩම කළේ රජගහනුවරට ය. කිංසච්චගවේසී ව සිටි සමයේ බිම්බිසාර මහරජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. ඉක්බිති ව බුදුරදුන් රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ සේක. බිම්බිසාර මහරජු පසුව වේළුවනාරාමය බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට පූජා කළේ ය. ඒ දුරුතු පොහොය දිනෙක ය. මෙම ප්‍රථම ආරාම පූජාවෙන් පසු වාසය සඳහා ආරාම පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේලා සඳහා නියම කළේ ද දුරුතු මාසයේ දී ය. වේළුවනාරාමය පූජා කළ දින රාත්‍රී බිම්බිසාර මහ රජු මහ හඬින් වැළපෙන පේ‍්‍රතයන් රාශියක් දුටුවේ ය. පසුදා මහරජු මේ බව බුදුරදුන්ට දැන්වී ය. එසේ වැළපෙන්නේ පින් බලාපොරොත්තුව සිටින මහරජු ගේ ඤාති පේ‍්‍රතයන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඉක්බිති ව උන්වහන්සේගේ අවවාද පරිදි බුදු පාමොක් මහ සඟනට දානය පූජා කළ රජු ඤාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කළේ ය. පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කිරීමේ දී බුදුරදුන් දේශනා කළේ ‘තිරොකුඩ්ඩ” සූත්‍රය” යි. ඛුද්දක නිකායට අයත් එකී තිරෝකුඩ්ඪ සූත්‍රය හා එහි සිංහලාර්ථ මෙතැන් සිට

 

ගම ගෙදර:

ගැමි බස් වහරෙහි සැඟවුණු බුදු බණ

සිතින් උපදවා ගනු ලබන චින්තන ශක්තියක් නොමැති ව ඤාණ දර්ශනයක් ඇති නොවේ. සචින්තක සත්වයා අතරින් මිනිසා උසස් වන්නේ මේ චින්තන ශක්තිය ප්‍රබල නිසා ය. ප්‍රබල චින්තන ශක්තිය ඥානදර්ශනයක් ඇති කිරීමට, උපදවාලීමට සමත් ය. ඥාන දර්ශනය. ලෞකික, ලෝකෝත්තර වශයෙන් දෙපරිදි ය. ලෞකික ඥාන දර්ශනයන් ලැබුවෝ වෛදික යුගයටත් පෙර වූ හ. අතීත මහා කල්ප 40 ක් අනාගතයට මහා කල්ප 40 ක් දකින නුවණ ඇති ඉසිවරයෝ ය. ඒ ද අනිත්‍ය ය. ලෝකෝත්තර ඥාන දර්ශනය යනු සසර දුකින් ම එතෙරවන විමුක්ති, විමුක්ති ඤාණය ලැබීමයි. ඒ ලබනුයේ විදර්ශනා නොහොත් ප්‍රඥා භාවනා වෙනි. මෙබඳු ගුණ සම්භාරයක් වෙත මිනිස් මනස මෙහෙය වීමට සබුද්ධිකත්වයත්, සහජනනයත් හේතු වෙයි. දැන් අපි බුදුදහම තුළින් ජීවිතයට අර්ථයක් හා පරමාර්ථයක් සලසා ගත් මී මුත්තා හමු වෙමු.අපේ මුත්තා හැන්දෑ කොරේට, හැන්දෑ කොරේට බටහිර අහස ගුගුරලා වැහි බිත්තර බිමට බරව නිහඬව , නිශ්චලව ඇති හැටි විපරම් කරලා මෙදා වැහි තියෙනවා කියල තීන්දු කළා. වාන් සුද්ධ කරලා වැව් බැම්මේ ගොන්ගෑවිලි බැඳලා කලින්ම සූදානම් වෙලා හිටියේ. ඒ පෙර සූදානම නිසයි වැව් බැම්මට මෙතෙක් විපතක් නූනේ. මෙදා වැහි වැඩි වුණා. අහල පහළ වැව් කලින් කලින් ම කැඩුණා. වාන් දෙකෙන් ම වතුර හරි හරියට යනවා. ගොඩ වානට මෙහායින් කඩවල කුත් කපලා. ඒ කෙනෙුත් මී නාම්බෙක් විතර වතුර පාර යනවා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]