[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

ඤාතීන් සඳහා කළ යුතු ඤාති ධර්ම

බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමෙන් පසු උරුවෙල දනව්ව බලා වැඩම කළහ. තුන්බෑජටිල පිරිස දමනය කොට පැවිදිකිරීම සිදු වූයේ එහි දී ය. අනතුරුව බුදුරදුන් වැඩම කළේ රජගහනුවරට ය. කිංසච්චගවේසී ව සිටි සමයේ බිම්බිසාර මහරජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. ඉක්බිති ව බුදුරදුන් රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ සේක. බිම්බිසාර මහරජු පසුව වේළුවනාරාමය බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට පූජා කළේ ය. ඒ දුරුතු පොහොය දිනෙක ය. මෙම ප්‍රථම ආරාම පූජාවෙන් පසු වාසය සඳහා ආරාම පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේලා සඳහා නියම කළේ ද දුරුතු මාසයේ දී ය. වේළුවනාරාමය පූජා කළ දින රාත්‍රී බිම්බිසාර මහ රජු මහ හඬින් වැළපෙන පේ‍්‍රතයන් රාශියක් දුටුවේ ය. පසුදා මහරජු මේ බව බුදුරදුන්ට දැන්වී ය. එසේ වැළපෙන්නේ පින් බලාපොරොත්තුව සිටින මහරජු ගේ ඤාති පේ‍්‍රතයන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඉක්බිති ව උන්වහන්සේගේ අවවාද පරිදි බුදු පාමොක් මහ සඟනට දානය පූජා කළ රජු ඤාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කළේ ය. පේ‍්‍රතයන්ට පින් අනුමෝදන් කිරීමේ දී බුදුරදුන් දේශනා කළේ ‘තිරොකුඩ්ඩ” සූත්‍රය” යි. ඛුද්දක නිකායට අයත් එකී තිරෝකුඩ්ඪ සූත්‍රය හා එහි සිංහලාර්ථ මෙතැන් සිට


දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]