[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි පුදබිම

බුදුරදුන් වැඩි කැලණි පුදබිම

බුදුරජාණන් වහන්සේ තුන් වරක් ශ්‍රී ලංකාවට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට සම්බුද්ධත්වයෙන් මාස නවයකට පසුව ලංකාවට පැමිණි උන්වහන්සේ මහියංගණයේ මහානාග උද්‍යානයේ දී යක්ෂයින් දමනය කර ඇත. එම ස්ථානයේ සිටි අය අතර කැලණියේ මණිඅක්ඛික නාග රජු ද සිටි බව සඳහන් කරන මහාවංශය, හෙතෙම බුදුරජුන්ගෙන් බණ අසා සරණ සීලයේ පිහිටි බව ද සිහිකරයි. භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී සිදුවිය. චූලෝදර නා රජු සහ මහෝදර නා රජු අතර මිණිපළඟක් අරභයා, එනම් සිහසුන පිළිබඳ හටගත් අරගලය සමථයට පත් කිරීම සඳහා උන්වහන්සේ දෙවන වරට නාගදීපයට වැඩම කරන ලදී. මහෝදර නා රජුගේ සහෝදරි වු තිරච්ඡිකා උතුරේ නාගදීපයේ කන්වඩමන් පව්වේ වාසය කළ නා රජුට සරණ පාවා දෙන ලදී. ඇගේ පියා විසින් එහි දී මණිපල්ලංකය ඇයට දෙන ලදී. ඇයගේ ඇවෑමෙන් ඇගේ පුත් චූලෝදරට එය අයිති විය. නමුත් චූලෝදරගේ මාමා වු මහෝදර ඊට විරුද්ධ වූ බැවින් දෙපක්ෂය අතර මහා සටනකට සූදානමක් ඇති විය. ශාස්තෘන් වහන්සේ ගැටුම වැළැක්වීමට එම ස්ථානයට පැමිණි සේක. එහි දී ද කැලණියේ මනිඅක්ඛික නා රජුට බුදුරජාණන් වහන්සේ හමුවිය. එහි දී සිය රාජධානිය වන කැලණියට වැඩම වන ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ් ය. ආරාධනාව පිළිගත්තත් එය ඉක්මනින් සිදු නොවු නිසා මණිඅක්ඛික නා රජු ඉන්දියාවේ ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේ මුණ ගැසී තම ආරාධනය නැවත සිහිපත් කරන ලදී.


දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]