[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ පරිනිර්වාණ පින්කම සැමරීම නිමිත්තෙන් ජාතික මහෝත්සවය මිහින්තලා පුදබිමේදී...

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

මිහිඳු මා හිමි පරිනිර්වාණ සැමරුම් පුණ්‍ය මහෝත්සවය

ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ පින්කම සැමරීම නිමිත්තෙන් ජාතික මහෝත්සවය ඔක්තෝබර් 6 වන දා සවස 2 ට ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ. තෛ‍්‍රනිකායික අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වැඩමවීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමැතිවරුන්, පළාත් පාළන ආයතන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. එම අවස්ථාවට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක සමා හිමිපාණන් වහන්සේ , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක මාහිමිපාණන් වහන්සේ, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහභාගි වීමට නියමිතය.

 

දහම් පිපාසිත සමාජයට බුදුසරණ ධර්ම චාරිකා වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ දී පැවැත්විණි

දහම් පිපාසිත සමාජයේ සිත් පහන් කරවමින්, තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් පැවැති උදාර පින්කමක් පසුගිය දා, (සැප්තැම්බර් 28 වනදා) කළුතර දිසාවේ වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ දී පැවැත්විණි.බුදුසරණ ධර්ම චාරිකාවේ බිනර මහේ දහම් දෙසුම පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන් විසින් පවත්වන ලදී. එහිදී සන්ධ්‍යා භාගයේ දී ගිලන්පස බුද්ධ පූජාව රැගත් මල් පෙරහර සැදැහැති මහා පිරිසකගේ සාධු නාද මධ්‍යයෙහි විහාරස්ථානයට ළගා වූයේ ද දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවමිනි. විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ සිසු දරුවන්, තරිඳු පෙරපාසලේ සිඟිති දරුවන් හා විහාරස්ථ දායක දායිකා විශාල පිරිසක් ද ඊට සහභාගි වූහ. එම මල් පෙරහර හිටපු ගම්පති පරලොව සැපත් අයි. එච්. පෙරේරා මහතාගේ නිවසේ සිට ධර්මාචාරීනි අයි. ඤණලතා මහත්මිය ඇතුළු සංවිධායක මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි. විහාරස්ථ සඟරුවන බුද්ධ වන්දනා පින්කම මෙහෙය වූහ.  

 

ධර්ම දේශනාව:

මෙත් සිත සතුරු මිතුරු සැමට

අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ උතුම් ගුණ ධර්මයක් ලෙසත්, ප්‍රතිපත්තිමය ජීවන චර්යාවක් ලෙසත් මෛත්‍රීය හඳුන්වා දිය හැකි ය. භෞතිකමය දියුණුවේ මුදුන් මං පෙතට පියමං කර ඇති මිනිසා නම් වූ උසස් මනසක් ඇති සත්වයා අද භෞතික සැප සම්පත් මතම ගැටී ආධ්‍යාත්මික ගුණ පිරිහීමට ලක් කරගෙන ඇති බව පෙනේ. මොළය දියුණු කර, එහි උච්චතම අවස්ථාවට පත්ව ඇති නමුදු මනසේ දියුණුවක් නම් දක්නට නොමැත. ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රීය, ප්‍රත්‍යුපකාරය වැනි උසස් මානුෂික ගුණාංග අද ක්‍රමක්‍රමයෙන් මතකයෙන් ඉවත් කරගෙන ඇති බව ද පෙනේ. බුදුරජාණන් වහන්සේ තරම් ලෝක සත්වයාට මෛත්‍රිය කළ උත්තමයෙක් මේ ලෝක ධාතුවේ තවත් නොමැති තරම් ය. උන්වහන්සේගේ නිකැළැල් චරිතයෙහි සෑම තැනකම මෛත්‍රිය නම් වූ උසස් ගුණාංගය ඉස්මතු වී පෙනේ. එම උතුම් චරිතයෙන් ප්‍රකට කළ මෛත්‍රිය කිරීම නම් වූ එම උතුම් ගුණ ධර්මය අද සමාජයට මතක් කර දීම යුතුකමක් ව පවතී. බුදුරජාණන් වහන්සේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ දී පවා භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ මොහොතක් ගානේ ලෝක සත්වයාට මෛත්‍රිය කිරීම කළ යුතු බවයි.

 

පිරිනිවනට වැඩි සේක අනුබුදු මිහිඳු මා හිමි

අපගේ ශාස්තෘ වූ සම්බුදු රජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සාල වන උද්‍යානයේ දී පිරිනිවන් යහනෙහි වැඩ සිටිමින්, මේ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදු සසුන පිහිටන ද්වීපය බව පෙන්වා වදාළ සේක. එමෙන් ම ලක්දිව මිනිස් වාසය අරඹන විජය කුමරු ඇතුළු සත්සියයක් පිරිසට ආරක්ෂාව සලසන ලෙස සක් දෙවිඳුට නියම කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑ කරමින් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ, ලක්දිවට ශාස්තෘන් වහන්සේ නමක් බඳු (සත්ථු කප්පෝ) ගෞතම බුදු සසුන, ලක්දිව පිහිටුවා වදාළ සේක. ලංකාවාසී ගිහි, පැවිදි අප සියලු දෙනාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුදු ගුණ මහිමය, ශ්‍රී සද්ධර්මයේ අපමණ ගුණ කඳ, ආර්ය සංඝ රත්නයේ පිවිතුරු ගුණ දැනගත්තේ අපගේ පරම කල්‍යාණ මිත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේට පින් සිදුවන්නට ය. මේ ලංකාධරණී තලයෙහි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ නො වන්නට ලොවෙහි නිර්මල බුදුවදන් කවුරු නම් දනිත් ද? ඒ ත්‍රිපිටක සම්බුදු වදන් ලක්දිවට දායාද කළෝ මිහිඳු මහ රහතන් වහන්සේ ය. ලක්වැසියන්ට සුගති රැකවරණයත්, මගඵල අමා නිවනත් දායාද කළ මිහිඳු මහ රහතන් වහන්සේට කෘතගුණ සලකා කෙසේ නම් අවසන් කරන්නට ද? අපට අනුබුදු බුදු අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ උත්තම චරිතාපදානයෙන් ස්වල්ප මාත්‍රයක් හෝ කෙනෙකුට ඉගෙන ගන්නට ලැබීම වාසනාවක් ම ය .

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]