[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තල්අරඹ ශ්‍රී මහේන්දාරාමය

තල්අරඹ ශ්‍රී මහේන්දාරාමය

දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන අතර මාතර ගාල්ල මාර්ගයේ තල්අරඹ නගරයේ පිහිටා ඇති තල්අරඹ ශ්‍රී මහේන්ද්‍රාරාමයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. විහාරාධිපති ශ්‍රී මහේන්ද්‍රවංශාලංකාර ආචාර්ය කඹුරුගමුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ ප්‍රධාන දායක දායිකාවන්ගේ, ශාසනික ආගමික කැපවීම විහාරස්ථානයේ වත්මන් ශාසනික දියුණුවට මහත් ශක්තියක් වී ඇත.

කඹුරුගමුවේ ශ්‍රී ගුණරතන නාහිමිපාණන් විසින් ඉදිකරන ලද අංග සම්පූර්ණ බුදුමැදුරකින් ද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා සමග අශෝක අධිරාජ්‍යයාගේ ස්ථම්භය, බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩසිටින පසුබිමක ඓතිහාසික බෝධීන් වහන්සේ සහ චෛත්‍යරාජයාණන්, සීමා මාලකය පෞරාණික ධර්මශාලා මන්දිරය, සංඝාවාසය, දහම් පාසල, ධර්ම පුස්තකාලය සහ ළදරු පාසල, යන අංශවලින් සම්පූර්ණ වූ තල්අරඹ ශ්‍රී මහේන්ද්‍රාරාමය මගින් සිදුකරනු ලබන ශාසනික, ආගමික, දහම් අධ්‍යාපනික සේවාවන් ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පින්බර දායකත්වය ලබා දීම කාලෝචිත යැයි හැෙඟ්.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]