[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පනස් හයවන ඇසළ මහා පෙරහර 27 දා පැවැත්වෙන කොල්ලුපිටියේ වාළුකාරාමය

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ පුණ්‍ය මහෝත්සවය 4,5,6 දිනවල මිහින්තලා පුද බිමේ දී

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණ පුණ්‍ය මහෝත්සවය ඔක්තෝබර් 4 වන දා සිට 6 වන දා දක්වා මිහින්තලා පුද බිමේ දී මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. අනුබුදු මිහිඳු මා හිමි පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන් ඔක්තෝබර් 4 වන දා රාත්‍රී වීථි සංචාරය කෙරේ. 5 වන දා පස්වරු 5 - 6.30 දක්වා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශිල්පීන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මිහින්තලා පුද බිමේ දී හේවිසි ශබ්ද පූජාව පැවැත්වේ. එම හේවිසි පූජාව අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් හෙලිකොප්ටර් යානයක් වෙතින් ගුවනින් මල් ඉසීම සිදු කෙරේ. 4 වන දා සිට 5 වන දා දක්වා මිහින්තලා මැද මළුවේ පිහිටි විශේෂ කාර්යාලය වෙත පිච්ච මල් බාරදිය හැකි වේ. 5 වන දා පස්වරු 7 සිට මිහිඳු මාහිමි පරිනිර්වාණ වන්දනාව සිදු කෙරේ. එම වැඩසටහන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පවත්වන අතර, පසුදා පහන් වනතුරු වැලිමඩ සද්ධාසීල හිමියන් සහ පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් ද එය මෙහෙයවනු ලැබේ. එම වන්දනා වැඩසටහන සඳහා මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේලා 800 නමක් ද වැඩම කෙරේ. එහි අනුග්‍රහය මහමෙව්නා අසපුව සහ ශ්‍රද්ධා නාලිකාව මඟින් සිදු කෙරේ. 6 වන දා දවල් තෛ‍්‍රනිකායික මහා නාහිමිවරු ප්‍රධාන දහසක් මහ සඟරුවන උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත් වේ.

කොල්ලුපිටිය වාළුකාරාමයේ ඇසළ මහ පෙරහර 27 වන දා

කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරය මගින් 56 වන වරටත් සංවිධානය කරනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහර මෙම මස 27 වන දා රාත්‍රී වීථි සංචාරය කෙරේ. ඒ නිමිත්තෙන් වාළුකාරාමයේ දී මෙම 21 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද, 25 වන දා ගණදෙවි ප්‍රතිමාව රැගත් පෙරහර බම්බලපිටිය කදිරේෂන් කෝවිල දක්වා ගමන් කරනු ලැබේ. 23 වන දා කොළඹ රාජකීය විද්‍යාලයේ සිට මල් පෙරහර විහාරස්ථානය දක්වා ද, 24 වන දා මහානාම විද්‍යාලය මගින් සංවිධානය කරන මල් පෙරහර විහාරස්ථානය වෙත ගමන් කිරීම ද, 25 වන දා තර්ස්ටන් විද්‍යාලය සංවිධානය කරන මල් පෙරහර විහාරස්ථානය වෙත ගමන් කිරීම ද වේ. 26 වන දා කදිරේෂන් කෝවිලේ සිට ගණදෙවි ප්‍රතිමාව රැගත් පෙරහර විහාරස්ථානය වෙත ගමන් කරන අතර කොල්ලුපිටිය පොලිස් ස්ථානය මඟින් සංවිධානය කරන මල් පෙරහර ද එදින විහාරස්ථානය වෙත ගමන් කරනු ලැබේ. රාත්‍රී 07.30 පාවාඩ පෙරහර ද අවසන් මහා පෙරහර 27 වන දා වීථි සංචාරය කෙරේ.

 

ධර්ම දේශනාව:

අකුසල් දුරැර කුසල් වඩමු

න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ - න පබ්බතානං විවරං පවිස්ස, න විජ්ජතී සො ජගතිප්පදෙසො - යත්ථට්ඨිතො නප්පසහෙථ මච්චුං. සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයේ වැඩවසන සමයෙහි සුප්පබුද්ධ ශාක්‍ය රජතුමන් අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. මෙම සුප්ප බුද්ධ රජතුමා අප බුදුරදුන්ගේ මාමා වන අතර, යශෝදරා දේවිය හා දෙව්දත්ගේ පිය රජතුමන් ය. තම දූ කුමරිය වැන්දඹු කොට බුදු වීමට වනගත වී යැයි ද, පුතා දේවදත්ත මහණකොට වෙනස්කම් කළේ යැයි ද යන කරුණු වරදවා තේරුම් ගෙන බුදුරදුන් කෙරෙහි වෛර බැන්දේ ය. වරෙක අප බුදුරදුන් ශ්‍රද්ධාවන්ත උපාසකයෙකුගේ ආරාධනාවකට අනුව මහ සඟන පිරිවරා දානයට වඩින කල සුප්පබුද්ධ රජු මග අවුරාගෙන, ක්‍රෝධයෙන් මතුර මතුරා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ එමඟ නොවැඩ පෙරළා වඩින කල ආනන්ද හිමියන් අමතා ආනන්දය, සුප්පබුද්ධ රජ කරන ලද්දේ මහා පාප කර්මයකි. එහි ප්‍රතිවිපාක වශයෙන් මෙයින් හත්වෙනි දින මාලිගාවේ දී ම පොළොව පලා ගෙන මරණින් මතු නිරයේ උපදින්නේ යැයි වදාළ සේක.

 

ඉතිහාසය දන්නා දරුවෙකු දහම් පාසලෙන් බිහි කරමු

අප අනගාරික ධර්මපාල තුමා කියන්නේ එතුමාගේ අතීත චරිතයට යි. නමුත් උන්වහන්සේ අපවත් වෙන්නේ සිරි දේවමිත්ත ධර්මපාල හාමුදුරුවෝ ලෙසයි. ඒ නිසා භික්ෂූන් වහන්සේලා වන අපටත්, අන් අයටත් වැඳිය හැකි, පිදිය හැකි ස්වාමීන් වහන්සේ නමක් තමයි සිරි දේවමිත්ත ධම්මපාල හාමුදුරුවෝ කියන්නේ. ඇයි අපි ධර්මපාල හාමුදුරුවෝ මතු කර ගන්නේ නැතිව ධර්මපාලතුමා මතුකර ගන්නේ. එතුමා තමයි අපේ ජාතික කාර්ය භාරයේ විශිෂ්ටත්වයේ සලකුණ බවට පත්ව තිබෙන්නේ. ජාතියේ පියා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාල තුමා යි. ඒ නිසා අද අප ජාතියේ පියා අනුස්මරණය කරන ඒ උතුම් අනුස්මරණ අවස්ථාවටයි සහභාගි වී සිටින්නේ. රටේ සුවිශේෂි, ගෞරවයට පාත්‍ර විය යුතු පුද්ගලයන්ට තමන් ජීවත්වන කාලය තුළ නින්දා විඳීමට සිදුවීමත්, මරණයෙන් පසු ඔවුන් ජාතික වීරයන් ලෙස වීරත්වයට නම් කිරීමත් සදාකල්හි ම ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ අප දකින දෙයක්. ඒ සදාතනික උරුමයට අනගාරික ධර්මපාල තුමාත් බඳුන් වුණා. එතුමා ජීවත් වූ කාලයේ දී ජාතිවාදී, ආගම්වාදී උන්මත්තකයෙක් ලෙස සමාජයේ ඇතැමුන් එතුමාට ගැරහුම් කළා. පසුකාලීන ව එතුමා ජාතිය, දේශය ගොඩනැඟූ මහා ශ්‍රේෂ්ඨයෙකු ලෙස නම් කරන්න ඔවුන් ම කැමැති වුණා.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]