[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ පුණ්‍ය මහෝත්සවය 4,5,6 දිනවල මිහින්තලා පුද බිමේ දී

අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ පුණ්‍ය මහෝත්සවය 4,5,6 දිනවල මිහින්තලා පුද බිමේ දී

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණ පුණ්‍ය මහෝත්සවය ඔක්තෝබර් 4 වන දා සිට 6 වන දා දක්වා මිහින්තලා පුද බිමේ දී මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

අනුබුදු මිහිඳු මා හිමි පෙරහර රාජ්‍ය අනුග්‍රහයෙන් ඔක්තෝබර් 4 වන දා රාත්‍රී වීථි සංචාරය කෙරේ.

5 වන දා පස්වරු 5 - 6.30 දක්වා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශිල්පීන් 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මිහින්තලා පුද බිමේ දී හේවිසි ශබ්ද පූජාව පැවැත්වේ. එම හේවිසි පූජාව අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් හෙලිකොප්ටර් යානයක් වෙතින් ගුවනින් මල් ඉසීම සිදු කෙරේ.

4 වන දා සිට 5 වන දා දක්වා මිහින්තලා මැද මළුවේ පිහිටි විශේෂ කාර්යාලය වෙත පිච්ච මල් බාරදිය හැකි වේ. 5 වන දා පස්වරු 7 සිට මිහිඳු මාහිමි පරිනිර්වාණ වන්දනාව සිදු කෙරේ. එම වැඩසටහන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පවත්වන අතර, පසුදා පහන් වනතුරු වැලිමඩ සද්ධාසීල හිමියන් සහ පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් ද එය මෙහෙයවනු ලැබේ.

එම වන්දනා වැඩසටහන සඳහා මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේලා 800 නමක් ද වැඩම කෙරේ. එහි අනුග්‍රහය මහමෙව්නා අසපුව සහ ශ්‍රද්ධා නාලිකාව මඟින් සිදු කෙරේ. 6 වන දා දවල් තෛ‍්‍රනිකායික මහා නාහිමිවරු ප්‍රධාන දහසක් මහ සඟරුවන උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාව පැවැත් වේ.

සවස 3 ට මිහිඳු මාහිමි පූජෝපහාර උත්සවය පැවැත්වේ. එම පුණ්‍ය මහෝත්සවය පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් දා (16) මිහින්තලා රජ මහා විහාරයේ දී පැවැත්විණි.

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]