[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවන් සක්මන

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි 02වන දා ඉරිදා අපර භාග 4.40ට ලබයි. 03 වන දා සඳුදා අපර භාග 3.31 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජුනි 10 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

තුම්බෝවිල ධම්මරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ මහෝත්සවය ජුනි 05 වනදා

ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද පඤ්ඤාසාර ගෞරව නාම සම්මුතිය සහිතව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරය, මාවනැල්ල උඩපමුණුව බණගේතැන්න පුරාණ විහාරය යන උභය විහාරාධිපති තුම්බෝවිල ධම්මරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ මහෝත්සවය ජූනි මස 05 වන දින සවස 3 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අභිනව නායක පදවි ලබන තුම්බෝවිල ධම්මරතන නාහිමි

ධර්මකීර්ති ශ්‍රී ගුණානන්ද පඤ්ඤාසාර ගෞරව නාම සම්මුතිය සහිතව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ඌව පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද තුම්බෝවිල ධම්මරතන නාහිමි.

 

ධර්ම දේශනාව:

නිකෙලෙස් සිතිවිලි ගෙනදෙයි සැනසිලි

සබ්බාසව සංවර පරියායං වො
භික්ඛවෙ දෙසිස්සාමි තං
සුනාථ සාධුකං මනසිකරොථ
භාසිස්සාමාති

බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත් නුවරදෙව්රමදී භික්ෂූන් වහන්සේ අමතා, කිසිවෙකුගේත් ආරාධනාවක් නැතිවයි. තමන් වහන්සේ විසින් ම කරන ලද දේශනාවක් නිසා මෙය, අත්තජිඣාසාය දේශනා ගණයට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා වදාරනවා, මහණෙනි! මම ඔබට සියලු ආශ්‍රව දුරලන, නැති කරන ක්‍රමය කියා දෙන්නම්. එය ඉතා හොඳින් ශ්‍රවණය කර සිත්හි දරාගන්න. ඒත් එය හැමෝටමත් නොවෙයි. නුවණින් විමසා බලා දැනගන්න තැනැත්තාට හා දැක ගන්න තැනැත්තාටයි , එනම් යෝනිසො මනසිකාරය දැනගන්න හා දැක ගන්න තැනැත්තාටයි. ආසව හෙවත් කෙලෙස් නැති කරන ක්‍රම පැහැදිලි කරන නිසා මේ දේශනාව සබ්බාසව සූත්‍රය නමින් හඳුන්වනවා. පින්වතුනි, මුලින්ම අපි යෝනිසො මනසිකාරය පිළිබඳ අවධානය යොමු කරමු. ලොව පවතින අනිත්‍ය දේවල අනිත්‍ය බව , සත්‍ය වශයෙන් ම අවබෝධ කර ගැනීම යෝනිසෝ මනසිකාරයයි. නොයෙක් හේතු කාරණා නිසා අපට ලෝකයේ පවතින දේවල යථා ස්වභාවය වටහා ගැනීම අපහසු වෙලා තියෙනවා. එනිසාම අනිත්‍ය දේ නිත්‍යයැයි, සදාකාලික යැයි හිතනවා. ඒ වැරැදි සහගත දෘෂ්ටිය අයෝනිසෝ මනසිකාරයයි. මේ අයෝනිසෝ මනසිකාරය නිසා සසර ගමන තව තවත් ශක්තිමත් කරගන්නවා. අයෝනිසෝ මනසිකාරය ඇති තැනැත්තා සත්‍යය වටහා ගැනීමට උත්සුක වෙන්නෙ නැහැ. එනිසා ඔහුට සත්‍යය අවබෝධ කරදීම නිරර්ථක ක්‍රියාවක්. කෙලෙස් නසන ක්‍රමය තථාගතයන් වහන්සේ යෝනිසෝ මනසිකාරය ඇත්තන්ට පමණක් දේශනා කරන බව දක්වන්නේ ඒ නිසයි.

 

අපරිහානීය ධර්ම තුළ පිළිබිඹු වන සහජීවනය

අපරිහානීය ධර්ම හතක් පිළිබඳව කළ දේශනාවක් බුදු දහමේ සඳහන්ව ඇත. අපරිහානිය යනු නොපිරිහෙන යන අර්ථය ගෙන දෙන වචනයකි. සහජීවනය යන සංකල්පය ඒ තුළින් පිළිබිඹු වන බැවින් සමාජගත ජීවිතයේ දී, සහයෝගය , සුහදතාව සහ සහජීවනය පිළිබඳව අදහස මතුව එයි.එක්ව විසීම, එකට ජීවත්වීම, අන්‍යයාගේ අදහස් හඳුනාගෙන ජීවත්වීම සහජීවන සංකල්පය ලෙස බුදුදහම අවධාරණය කරයි. එකම අදහසක් තුළ ජීවත්වීම මගින් තම අපේක්ෂාවන් මුදුන්පත් කර ගත හැකි ය. එනිසාම බුදු දහම සැම විටම අන්‍යයාගේ අදහස් එකවර ප්‍රතික්ෂේප නොකර කටයුතු කරයි පරිහානිය ධර්මවලින් හුදෙක් සමාජ හිතකාමී බව සුරැකීමට අපේක්ෂා කරයි. අපරිහානිය ධර්මවල වැඩි අවධානය යොමු කරනු ලබන්නේ පොදු අර්ථය සාධනය කර ගැනීම උදෙසාම වන බැවින්, පුද්ගලයාට අවශ්‍ය වන සියලු කාර්යයන් පිළිබඳ මඟ පෙන්වීමක් අපරිහානිය ධර්ම තුළ දක්නට ලැබෙයි. පුද්ගල ස්වභාවයට අනුව මිනිසා නිතර නිතර වෙනස්වන සිතිවිලිවලින් සැදුම්ලත් ප්‍රපංචයකි. මෙබඳු මිනිසුන්ගෙන් ගොඩනැගෙන සමාජගත ජීවිතය වඩාත් සංකීර්ණ ය. සෑම පුද්ගලයකු තුළම පැවතිය යුතු ආගමික භක්තිය ඉතා වැදගත් ය. අපරිහානීය ධර්ම තුළ එම කාරණා පිළිබඳව අවධාරණය කර ඇත. අපරිහානීය ධර්ම ආරම්භ විය යුත්තේ තමාගෙන් ම ය.බොහෝ පිරිස් අන්‍යයා තුළ සහජීවනය පවතිනවා ද යන්න බැලීමට පුරුදු වී සිටී. පුද්ගල ජීවිතය ද, සමාජය ද වඩාත් සුන්දර වීමට නම් , එම සහජීවනය තමාගෙන් ම ආරම්භ කළ යුතු බවට බුදුදහම අවධාරණය කරයි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]