[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නිකෙලෙස් සිතිවිලි ගෙනදෙයි සැනසිලි

සබ්බාසව සංවර පරියායං වො
භික්ඛවෙ දෙසිස්සාමි තං
සුනාථ සාධුකං මනසිකරොථ
භාසිස්සාමාති

බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ සැවැත් නුවරදෙව්රමදී භික්ෂූන් වහන්සේ අමතා, කිසිවෙකුගේත් ආරාධනාවක් නැතිවයි. තමන් වහන්සේ විසින් ම කරන ලද දේශනාවක් නිසා මෙය, අත්තජිඣාසාය දේශනා ගණයට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා වදාරනවා, මහණෙනි! මම ඔබට සියලු ආශ්‍රව දුරලන, නැති කරන ක්‍රමය කියා දෙන්නම්. එය ඉතා හොඳින් ශ්‍රවණය කර සිත්හි දරාගන්න. ඒත් එය හැමෝටමත් නොවෙයි. නුවණින් විමසා බලා දැනගන්න තැනැත්තාට හා දැක ගන්න තැනැත්තාටයි , එනම් යෝනිසො මනසිකාරය දැනගන්න හා දැක ගන්න තැනැත්තාටයි. ආසව හෙවත් කෙලෙස් නැති කරන ක්‍රම පැහැදිලි කරන නිසා මේ දේශනාව සබ්බාසව සූත්‍රය නමින් හඳුන්වනවා. පින්වතුනි, මුලින්ම අපි යෝනිසො මනසිකාරය පිළිබඳ අවධානය යොමු කරමු. ලොව පවතින අනිත්‍ය දේවල අනිත්‍ය බව , සත්‍ය වශයෙන් ම අවබෝධ කර ගැනීම යෝනිසෝ මනසිකාරයයි. නොයෙක් හේතු කාරණා නිසා අපට ලෝකයේ පවතින දේවල යථා ස්වභාවය වටහා ගැනීම අපහසු වෙලා තියෙනවා. එනිසාම අනිත්‍ය දේ නිත්‍යයැයි, සදාකාලික යැයි හිතනවා. ඒ වැරැදි සහගත දෘෂ්ටිය අයෝනිසෝ මනසිකාරයයි. මේ අයෝනිසෝ මනසිකාරය නිසා සසර ගමන තව තවත් ශක්තිමත් කරගන්නවා. අයෝනිසෝ මනසිකාරය ඇති තැනැත්තා සත්‍යය වටහා ගැනීමට උත්සුක වෙන්නෙ නැහැ. එනිසා ඔහුට සත්‍යය අවබෝධ කරදීම නිරර්ථක ක්‍රියාවක්. කෙලෙස් නසන ක්‍රමය තථාගතයන් වහන්සේ යෝනිසෝ මනසිකාරය ඇත්තන්ට පමණක් දේශනා කරන බව දක්වන්නේ ඒ නිසයි.


වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජුනි 02වන දා ඉරිදා අපර භාග 4.40ට ලබයි. 03 වන දා සඳුදා අපර භාග 3.31 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජුනි 10 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]