UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අසිරිමත් සිරිපා වන්දනා වාරය

අසිරිමත් සිරිපා වන්දනා වාරය උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ඇරැඹේ. එතැන් සිට පුරා අඩ වසරක කාලයක් වූ 2019 වෙසක් පුර පසළොස්වක පෝය දක්වා සිරිපා වන්දනාවට දෙස් විදෙස් සැදැහැවත්හු සහභාගි වෙති. සබරගමු වැසි වූ සුමන සමන් දෙවිරදුන් ගේ ගෞරවනීය ඇරැයුමෙන් රහතන් වහන්සේ පන්සිය නමක් සමඟ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහි වැඩම කර සමනල ගිරි මුදුනෙහි ශ්‍රී පාද පද්මය පිහිටුවා වදාළහ. එවක් පටන් අද වන තෙක්ම ලොව වෙසෙන මනුෂ්‍යයන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රව ඇති උතුම් ශ්‍රී පාදස්ථානය ලෝක උරුමයන් අතර පූජනීය උරුමයක් වූ පින්බිමක් වේ. අතිදුෂ්කර ගමනක යෙදී වන්දනාවට පැමිණීම ම ශ්‍රී පාදස්ථානයේ අසිරිය විදහා දක්වයි. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොල, මහනුවර ආදී රාජධානි සමයන්හි රාජ්‍ය පාලනය කළ මහ රජවරුන්ගේ ගෞරවයට ශ්‍රී පාදස්ථානය පත් වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු සිරිපා පුදබිමට නොයෙක් පුද පූජා සිදු කර ඇති බව ශිලා ලේඛනවලින් මෙන් ම, සන්නස් තුඩපත් ආදියෙන් ද පැහැදිලි වේ. මහා මේඝවර්ණ රජුගේ පුත් රාජ්‍යත්වයට පැමිණ අභිෂේක ලබා පළමුව ශ්‍රී පාද වන්දනාවට පැමිණ සමන් දෙවිරදුන් උදෙසා දෙවොලක් තැනූ බව පැහැදිලි වේ. එදා පටන් සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රී පාද පද්මය ආරක්ෂා කරන සමන් දේවාලය අදත් සැදැහැවතුන්ගේ ගෞරවයට පාත්‍ර වේ.

ඉතිරිය»

 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]