UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


පැන විසඳුම් ජයග්‍රාහිකාව:

පරිත්‍යාගයට හුරුවෙමු

තමන් සතු දෙයක් තම අයිතිය හැර අනුන්ට පරිත්‍යාග කිරීම දානය ලෙස හැඳින්විය හැකි ය. දානය ආකාර දෙකකි. එනම්, පූජා බුද්ධියෙන් ලබාදෙන දානය, අනුග්‍රහ බුද්ධියෙන් ලබා දෙන දානය ලෙසයි. පූජා බුද්ධියෙන් දෙන දානය යනු, තමන්ට වඩා සිල්වත් ගුණවත් අයට පූජාවක් වශයෙන් පරිත්‍යාග කිරීමයි. උදාහරණයක් ලෙස සංඝයා වහන්සේට දානය පිළිගැන්වීම, පිරිකර පිළිගැන්වීම ආදිය දැක්විය හැකි ය. අනුග්‍රහ බුද්ධියෙන් ලබා දෙන දානය යනු, පුද්ගලයෙකුගේ අසරණභාවය සලකා අනුග්‍රහයක් වශයෙන් ඔහුට හෝ ඇයට පරිත්‍යාගයක් කිරීමයි. තවද විවිධ ආකාරයට දානය බෙදා වෙන් කළ හැකි ය. එනම්, ආමිස දානය, අභය දානය, ධර්ම දානය යනු එම ආකාර වේ.ආමිස දානය යනු, තමන්ට අයත් බාහිර දේ දීමයි. අභය දානය යනු යම් කෙනෙකු මරණයෙන් මුදවා ගැනීමයි. ධර්ම දානය යනු, අධ්‍යාත්මික දියුණුවට හේතුවන කරුණු කියාදීමයි.

දානය යනු, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතුරින් එකක් සේ ම, දස පාරමිතා අතරින් ද එකක් වන්නේ ය.


උඳුවප් පොහොය

පොසොන් සඳේ රැස් විහිදී ඉතිරෙන්නේ
දහම් අමා ගුණ සිරිලක පැතිරෙන්නේ
සයමසකට පසු පොහොදින එළැඹෙන්නේ
උඳුවප් පොහෝදින අසිරිය විහිදෙන්නේ

මිහිඳු සමිඳුන්ට සිතිවිලි උපදිනවා
දඹදිව වෙත දම් පණිවුඩ පතුරනවා
සඟමිත් තෙරණිය ලක්දිව වැඩමනවා
සිරිමා බෝ රජු සමඟින් දිදුලනවා

පිහිටුවා ශිල්ප ශ්‍රේණි දහ අට
ප්‍රබෝධයක් එක් කෙරුවා ලක්දිවට
මහමෙවුනා උයනට වැඩි බෝ රජුට
ගෞරව කරමු නිති අප සම්බුදු සසුන ට


භික්ෂුණී ශාසනයේ ආරම්භය

ක්‍රි.පූ. 3 වන සියවසේ දී සිදු වූ මහින්දාගමනයත් සමඟ බුදු දහමේ ප්‍රබෝධය වැඩි කිරීම පිණිස ඇති වූ සාධකයක් ලෙස දඹදිව බුද්ධගයාවේ සිට, එකල දඹදිව රජකළ ධර්මාශෝක රජතුමාගේ දියණිය වූ සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවා ගෙන එන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කරවීමට හේතු වූයේ බුදුදහම වැළඳගත් මෙරට වැසියන්ට වන්දනා කිරීමට සුවිශේෂී යමක් අත්‍යවශ්‍ය වූ නිසාවෙනි.

එ දවස අපේ රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ මහත් ගෞරවාදරයෙන් පිළිගෙන අනුරාධපුරයේ මහමෙව්නා උයනේ රෝපණය කොට පුද සත්කාර කරන ලදී. එදා මෙන්ම අදත් සකල ලෝකවාසී ජනතාවගේ පූජෝපහාර ලබමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටින සේක. යථෝක්ත මූලාශ්‍රවල සඳහන් තොරතුරු අනුව මිහිඳු හිමි මේ රටට බුදුසමය හඳුන්වා දී නොබෝ දිනකින්ම ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ විය. ලක්දිවට වැඩම වූ දෙවන දිනයේම මිහිඳු මා හිමියෝ රජගෙදර පිරිසට දහම් දෙසූහ. ඒ දහම් දෙසුමට සවන් දුන් පිරිසෙන් වැඩි දෙනෙක් කාන්තාවෝ ය. බණ අසා බුදුදහම කෙරෙහි ප්‍රසාදයට පත් අනුලා දේවිය ඇතුළු කාන්තාවෝ බුදු සසුනෙහි පැවිදිවීමට කැමැත්ත පළ කළහ.

මේ අනුව මෙම කරුණ රජු විසින් මිහිඳු මා හිමියන්ට දන්වනු ලැබුව ද බුද්ධ නියමය අනුව භික්ෂූන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි නිසා ධර්මාශෝක රජතුමන් වෙත දූතයන් යවා තම නැගණිය වූ සංඝමිත්තා තෙරණිය වැඩම වූහ. සංඝමිත්තා තෙරණියගේ පැමිණීම අපේක්ෂා කරමින් අනුලා දේවිය ඇතුළු පිරිස දස ශීලය රකිමින් තමන් වෙනුවෙන් කරන ලද උපාසිකාරාමයක දවස් යැවූහ. සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් පිරිස බුද්ධ වර්ෂ 237 දී උඳුවප් පෝ දින ලක්දිව දඹකොළ පටුනට ගොඩබටහ. දීපවංශයෙහි සඳහන් වන අන්දමට සංඝමිත්තා තෙරණිය කැටුව බොහෝ භික්ෂුණීහු දඹදිව සිට මෙරටට පැමිණියහ. සංඝමිත්තා ගමනය සමඟ ඓතිහාසික වශයෙන් අප ලක්දිව තුළ භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදු විය.


ජයසිරිමහ බෝ සමිඳු

ශ්‍රී ලාංකික කාන්තාවගේ විමුක්තිදායිකාව ලෙස සැලකෙන සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ දඹදිව සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ වැඩමවාගෙන අනුරාධපුරයට වැඩම කළේ ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නෙහි උඳුවප් පුර පසළොස්වක පොහෝදා ය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් වැඩම කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරට සංස්කෘතියට වටිනා අංග එකතු කළහ. බෝධීන් වහන්සේ මුල් කරගෙන බෝධි වංශය වැනි සාහිත්‍ය කෘති ද, බෝධිඝර වැනි විවිධ කලා කෘති ද බිහිවිණි. බෝධි වන්දනාව මෙරට ජන සංස්කෘතිය නව මඟකට යොමු කළේ ය. අප රටට එල්ල වූ නොයෙක් උවදුරු අවස්ථාවලදී රට ආරක්ෂා වූයේ ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැනි පූජනීය වස්තූන්ගේ ආශීර්වාදය නිසා ය . එනිසා ම අදත් රටට උවදුරු පැමිණි විට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජෝපහාර පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අපේ සිරිතකි.


 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]