UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

උඳුවප් පුර පසළොස්වක 2018.12.22

සිරිලක වනිතාවගේ මිණි කිරුළ

හෙළ කුල කතුන්ගේ නළලත බැඳි රන් තිලකයක් වන් සිරි සඟමිත් තෙරණින් වහන්සේ ගේ උතුම් ලංකාගමනය සිදු වූයේ අදවන් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙක ය. අනුලා දේවිය ප්‍රධාන පන්සියයක් කාන්තාවන්ට පැවිදි බව ලබා දෙමින් මෙහෙණි සස්න පිහිටුවා ලාංකේය කුලකත අධ්‍යාත්මික සුවයෙන් සුවපත් කළ ඒ උතුම් සිදුවීම මහින්දාගමනය සේ ම, ලක් ඉතිහාසයෙහි අමරණීය සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ ය. සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ අපේ රටට දායාද කළ ඒ උතුම් සම්බුද්ධ දර්ශනය එදා සේ ම අදට ද ලාංකේය කාන්තාවට අර්ථාන්විත ජීවිතයක්, අභිමානවත් චරිතයක් උරුම කර දෙයි. මහින්දාගමනයත් සමඟ ගමත්, පන්සලත්, වැවත් දාගබත් යන අපූර්ව සංකල්පයෙන් සුපෝෂිත වූ ලාංකේය ජන සමාජය ගුණධර්මයන්ගෙන් අනූන විය. ගිහි පැවිදි සම්බන්ධය ඒ ගුණ ධර්ම වඩා වර්ධනය කිරීමෙහිලා වෙසෙස් සාධකයක් විය. ලාංකේය පිරිමියා සේ ම, ගැහැනිය ද වෙනසක් නො වී ය. තථාගත ධර්මය අනුව ජීවන ගමන සකසාගත් ඔවුහු ආදර්ශමත් ජීවිත ගත කළහ. මේ උතුම් උඳුවප්පුර පසළොස්වක පොහෝ දින වත්මන් කාන්තා පරපුරම එය ආදර්ශයට ගනිමින් තමන්ගේ ජීවිතය ධර්මානුකූලව හැඩ ගස්වා ගැනීමට උත්සුක වන්නේ නම් එය සඟමිත් මහරහත් තෙරණින් වහන්සේට කරන උතුම්ම ගෞරව පූජෝපහාරයක් වනු ඇත.

සඟමිත් චරිතය දයාවේ, කරුණාවේ ප්‍රතිමූර්තියක් බඳු ය. තමන් කරන කාර්යය අනලස් ව ඉටු කිරීමෙහිලා, තමන්ට පැවරෙන වගකීම්, යුතුකම් මනාව ඉටු කිරීමෙහිලා, ගුණ යහපත්කම් වඩා වර්ධය කිරීමෙහි ලා කුඩා දියණියක, තරුණියක, විවාහක කාන්තාවක, මවක ආදි වූ ඕනෑම චරිතයකට ලබා දෙන ආදර්ශය කෙතරම් දැයි වටහා ගන්නට නම් සඟමිත් තෙරණින් වහන්සේගේ චරිතාපදානය හොඳින් කියවා අවබෝධ කර ගත යුතු ම ය. එවිට සමස්ත කාන්තා පරපුරටම මේ ලද මිනිස් දිවියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ගුණ නැණ වඩා මේ ජීවිතය ද, මතු ජීවිතය ද සුගතිගාමී කරගත හැකිවනු නො අනුමාන ය.

වත්මන් සංකීර්ණ සමාජයේ ඇලීම් , ගැටීම් මැද දිවි ගෙවන දියණිවරුන්ට නිසි මඟ පෙන්වීම අත්‍යවශ්‍ය ය. ආගමානුකූල ජීවිතයකට හුරු කරවීම, අධ්‍යාත්මික ගුණ දහම් වර්ධනය කිරීම, විශේෂයෙන් වැඩිහිටියන්ට කීකරුවීම, හොද නරක තෝරා බේරා ගැනීම , යුතුකම් වගකීම් හඳුන්වාදීම, දියණියක ලෙස පැවතිය යුතු ආකාරය ඉගැන්වීම ආදි බොහෝ ගුණාංග ඇය ගේ චරිතයට ආදේශ කළ යුතු වේ.

මතු දිනෙක බිරිඳක, මවක් ලෙස සේ ම, බෞද්ධ කුල කාන්තාවක ලෙස ද භාරදූර වගකීම් ඈ අතින් ඉටු කරන්නට ඇත. ජීවිතය සාර්ථක වන්නේ නිසි මඟ පෙන්වීමක් තුළ ඒ ගමන ගියේ නම් ය. බෞද්ධ දර්ශනය තුළ ඒ පිළිවෙත්, ආදර්ශයන් මොනවට විග්‍රහ වන්නේ ය. අත්‍යවශ්‍ය වන්නේ අපේ දියණිවරු ඒ දිශානතියට යොමු කරවීම ය . නිවස තුªළ සේ ම, පාසල, ධර්ම විද්‍යාලය තුළ ද ඒ කාර්ය භාරය මනාව ඉටුවිය යුතු ය. මේ උඳුවප් පොහෝ දිනයේ ඊට මූලාරම්භයක් කර ගන්නට අවස්ථාව උදාවී ඇත.

යහපත් බිරිඳක්, කරුණාබර මවක් ලෙස ද සඟමිත්තාවන්ගේ චරිතය දෙන සදූපදේශය මිල කළ නොහැකි ය. එතුමිය පැවිදි වීමට පෙර අපමණ යහපත් ගෘහ ජීවිතයක් තුළ, ස්වාමි පුරුෂයාට භක්තිවන්තව, පවුලේ කටයුතු සොයා බලමින් කටයුතු කළා ය. උතුම් පුත් රුවනක් දායාද කරමින් යහපත් දරුවෙක් ලෙස සමාජය තුළ හැදී වැඩෙන්නට නිසි මඟ පෙන්වූවා ය. ඒ මඟ පෙන්වීම මතු දිනෙක විසල් සමාජයක් ධර්මානුකූල මිනිසුන් කරන්නට හේතු වූ මහා චරිතයක් නිර්මාණය කළේ ය. අවසන උතුම් පැවිදි දිවියට ඇතුළත්ව මහ රහත් තෙරණියක ලෙස සමස්ත කාන්තා පරපුර වෙනුවෙන් කැපවීම කාන්තා පරපුරටම මහත් අභිමානයකි. යහපත් සමාජයක් නිර්මාණය කරන්නට කාන්තාවකට, මවකට සංඝමිත්තා මහරහත් තෙරණියගේ චරිතය ශක්තියක් ම වන්නේ ය. කාන්තා පරපුර විසින් ද කළ යුතු ඒ ආදර්ශමත් ශක්තියෙන් නැඟී සිටීම ය. එවිට අධ්‍යාත්මික ගුණ ධර්මයන්ගෙන් සුපෝෂිත, ගුණගරුක සමාජයට නිතැතින්ම පදනම වැටෙනු ඇත.

 

උඳුවප් පුර පසළොස්වක පෝය


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]