UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය 07 වනදා
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී

බෞද්ධ ආකල්ප බෞද්ධයන්ට සිහිපත් කරවීම සඳහා ශාන්ති පදනම මඟින් ‘වෙසක් මිහිර’ නමින් චිත්තාකර්ශනීය වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක කරන ලද අතර ඊට සමගාමීව 1990 වසරේ ආරම්භ වූ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, රුවන්වැලි මහා සෑ රදුන්ටත් පිච්චමල් විසිලක්ෂයක් පූජා කිරීමේ මහා පුෂ්ප පූජාව වසරින් වසර ජනප්‍රිය වීමත් සමඟම, බෞද්ධ ජනතාව තුළ නව උද්‍යෝගයක් ඇති වුණි. මෙම පිච්ච මල් පූජා වැඩසටහන දැනට වසර පුරාම ක්‍රියාත්මක වන වැඩ සටහනක ස්වරූපය ගෙන ඇත. අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් සහ රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී, රජරට නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන් වහන්සේලාගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වාර්ෂිකව සිදු කෙරෙන පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ 29වන වතාවට ය. ඒ 2018. 07. 08 යන දෙදින තුළ ය.

ඉතිරිය»

අමරපුර සිරි සුමන පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 08 වනදා

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සිරි සුමන දඩළු පාර්ශවයේ වාර්ෂික උපසම්පදා විනය කර්මය පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාර උපෝසථාගාරයේ දී එම නිකායේ අභිනව මහානායක ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ජූලි මස 08 වන දින සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කිළිටි මනස ගෙනෙයි නපුර

 

සිත සියල්ලටම මුල් වෙයි. මනසින් උපදින සිතිවිලිවලට මනස ශ්‍රේෂ්ඨ වෙයි. ඉඳින් කිළිටි සිතින් යමක් කීවත්, කළත්, සිතුවත් ඒ සියල්ල අකුසල් ය. එයින් ඔහු පසුපස දුක ලුහු බඳී. කරත්තයෙහි බැඳි ගොනා පිටුපස එන කරත්ත රෝදය මෙනි. චෛතසික ධර්මයෝ මනස ප්‍රධාන කොට ඇත්තාහ. මනසින් ම උපදින්නේය. චෛතසික හෙවත් සිතිවිලිවලට මුල් වන්නේ සිතයි. සොරුන්ට සොර නායකයෝම අධිපති වන්නේ ද, ශ්‍රේෂ්ඨ වන්නේ ද එපරිද්දෙන්ම සිතිවිලිවලට ශ්‍රේෂ්ඨ වන්නේ ද සිතයි. කර්ම තිදොරින්ම රැස් වේ. ලීයෙන් කළ භාණ්ඩයන්ට දාරුමය නම යොදන්නේ යම් සේ ද එපරිද්දෙන්ම සිතින් කරන ක්‍රියාවලට මනෝමය යන නම යෙදේ. මනසින් කරන කර්ම මනෝමය කර්ම නම් වේ. “මේ සිත ඉතා ප්‍රභාස්වරයි. නමුත් එය ආගන්තුකව බාහිරින් පැමිණෙන උපක්ලේෂ නිසා කිළිටිවූයේ වෙයි.” යම් සේ පැහැදිලි ජලය ආගන්තුකව පැමිණෙන නිල් ආදී වර්ණ නිසා අපැහැදිලි වන්නේ ද එපරිද්දෙන්ම ප්‍රභාස්වරව පවතින සිතට බාහිරින් පැමිණෙන රාග, දෝෂ, මෝහාදිය නිසා නිතර නිතර කිළිටි වේ. ඒ කිළිටි වූ මනසින් යමෙක් යම් දෙයක් සිතයි නම්, ඒ අකුසල් සිතිවිලි ය. යම් දෙයක් කියයි නම් ඒ අකුසල් වදන්ය. යම් දෙයක් කරයි නම් ඒ අකුසල ක්‍රියාවන් ය. ඒ තුන් ආකාර වූ දුෂ්චරිතය නිසා සතර අපායෙහි හා මනුෂ්‍ය ලෝකයෙහි කායික මානසික දුක් පීඩා ගෙන දෙයි.

ඉතිරිය»

ගී බණ පද-10:

මහින්දාගමනයයි ලාංකේය අභිමානයයි

රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් රචිත ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කළ, නිරංජලා සරෝජනී මහත්මිය විසින් ගායනා කරන ලද ‘අනුරාධපුරේ අනුරාව නැඟූ’ ගීතය සිංහල බෞද්ධ අභිමානය, සිංහල බෞද්ධ අනන්‍යතාවය, සිංහල බෞද්ධ අභීත අතීත පුරා වෘත්තිය ප්‍රකාශ වන අභිමානවත් ගීතයක් ලෙස හඳුනාගත හැකිය. අතීත රාජධානි පිළිබඳ තොරතුරු සහ රාජාවලියෙහි සඳහන් ඇතැම් රජවරුන්ගේ අභීත කාර්යභාරය හේතු කොට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අභිමානය රැඳී පවතී. ඒ අභිමානවත් වූ අතීත කාර්යභාරය කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකි ය. විදේශීය ආක්‍රමණිකයන්ගෙන් ශ්‍රී ලංකාද්වීපය ආරක්ෂා කර ගැනීම සඳහා රජවරුන් විසින් කරන ලද සටන් සහ එයින් අත් වූ ජයග්‍රහණ හා එම සටනේ දී ජීවිත පූජා කළ අවස්ථා එක් පැතිකඩකි. කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂණය වන රටක් ලෙස ශ්‍රී ලංකාව සරුසාර කිරීමේ තිර අදිටනින් සිංහල රජවරුන් සිදුකළ කාර්යභාරය තවත් කර්තව්‍යයකි.

ඉතිරිය»

සාකේත බමුණුතුමා ප්‍රසාදයට පත්වීම

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]