UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

කිළිටි මනස ගෙනෙයි නපුර

 

සිත සියල්ලටම මුල් වෙයි. මනසින් උපදින සිතිවිලිවලට මනස ශ්‍රේෂ්ඨ වෙයි. ඉඳින් කිළිටි සිතින් යමක් කීවත්, කළත්, සිතුවත් ඒ සියල්ල අකුසල් ය. එයින් ඔහු පසුපස දුක ලුහු බඳී. කරත්තයෙහි බැඳි ගොනා පිටුපස එන කරත්ත රෝදය මෙනි. චෛතසික ධර්මයෝ මනස ප්‍රධාන කොට ඇත්තාහ. මනසින් ම උපදින්නේය. චෛතසික හෙවත් සිතිවිලිවලට මුල් වන්නේ සිතයි. සොරුන්ට සොර නායකයෝම අධිපති වන්නේ ද, ශ්‍රේෂ්ඨ වන්නේ ද එපරිද්දෙන්ම සිතිවිලිවලට ශ්‍රේෂ්ඨ වන්නේ ද සිතයි. කර්ම තිදොරින්ම රැස් වේ. ලීයෙන් කළ භාණ්ඩයන්ට දාරුමය නම යොදන්නේ යම් සේ ද එපරිද්දෙන්ම සිතින් කරන ක්‍රියාවලට මනෝමය යන නම යෙදේ. මනසින් කරන කර්ම මනෝමය කර්ම නම් වේ. “මේ සිත ඉතා ප්‍රභාස්වරයි. නමුත් එය ආගන්තුකව බාහිරින් පැමිණෙන උපක්ලේෂ නිසා කිළිටිවූයේ වෙයි.” යම් සේ පැහැදිලි ජලය ආගන්තුකව පැමිණෙන නිල් ආදී වර්ණ නිසා අපැහැදිලි වන්නේ ද එපරිද්දෙන්ම ප්‍රභාස්වරව පවතින සිතට බාහිරින් පැමිණෙන රාග, දෝෂ, මෝහාදිය නිසා නිතර නිතර කිළිටි වේ. ඒ කිළිටි වූ මනසින් යමෙක් යම් දෙයක් සිතයි නම්, ඒ අකුසල් සිතිවිලි ය. යම් දෙයක් කියයි නම් ඒ අකුසල් වදන්ය. යම් දෙයක් කරයි නම් ඒ අකුසල ක්‍රියාවන් ය. ඒ තුන් ආකාර වූ දුෂ්චරිතය නිසා සතර අපායෙහි හා මනුෂ්‍ය ලෝකයෙහි කායික මානසික දුක් පීඩා ගෙන දෙයි.

ඉතිරිය»

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]