UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමා වහන්සේ ඓතිහාසික මිහින්තලා පුදබිමට වැඩම වූ වගයි

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ මිහින්තලා පුදබිම වෙත වැඩම කළ තුන් දින රිය පෙරහර ඉකුත් 6 වනදා මහසඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයෙහි ආරම්භ කෙරිණි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනයෙන් වසර 2325 ක් සපිරීමත් මිහින්තලා ලේක්හවුස් වාර්ෂික ආලෝක පූජාව 56 වන වරටත් පැවැත්වීමත් නිමිත්තෙන් එම රිය පෙරහර පැවැත්විණි. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ පූර්ණ දායකත්වයෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේද සහායෙන් එම සම්බුදු සිරිපා අනුරුව නිර්මාණය කර පෙරහරෙන් වැඩම කරවීය.

ඉතිරිය»

මිහින්තලා පුදබිමේ වාර්ෂික සති පිරිත් දේශනාව

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය මෙම ජුනි 26, 27, 28 දිනවලදී මිහින්තලා පුදබිමේ දී පැවැත්වීම නිමිත්තෙන් මිහින්තලා පුදබිමේ වාර්ෂික සති පිරිත් දේශනාව ජුනි 17 වන දා ආරම්භ විය. මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් එම සති පිරිත් දේශනාව මෙම 24 වන දා දක්වා පැවැත්වේ. මිහින්තලා වාර්ෂික පින්කමට අදාළ යටිතල පහසුකම් සියල්ල මේ වන විට සූදානම් කර ඇතැයි ද විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් සිදුකෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අවිද්‍යාවෙන් විද්‍යාවට ගමන්කර වූ මහින්දාගමනය

“සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා”

ඇසූ පමණින් හුරුපුරුදු මෙම ගාථා පාඨය ලාංකික අපට සුවිශේෂ අවස්ථාවක් අවධාරණය කරයි. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර එවකට රාජ්‍ය දෙවන පෑතිස් රජතුමා මුණගැසී කළ ප්‍රකාශයයි. මෙහි ප්‍රකාශිත අරුත ගැඹුරින් විමසීමට ලක් කිරීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසියන්ට උරුම කර දුන්නේ කවරක්ද? යන්න මැනවින් වටහා ගත හැක. ඒ අනුව මෙහි “මහරජ , අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙමු” යන ප්‍රකාශය අප විසින් විග්‍රහ කොට ගත යුතුයි. මෙහි පළමු පියවර ලෙස “ධම්ම” යන වචනය විග්‍රහ කර ගැනීමට අවශ්‍යයයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ ලෝකයට පහළ වී සිදු කළේ කුමක්ද? යන්න ඉතාම නිරවුල්ව හෙළිකොට ඇත. උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් මේ ලොවට පහළ වුවත්, නොවුණත් මේ සත්‍යතාවය ලොව පවතින බවයි. තමන් වහන්සේ සිදු කළේ සැඟවී තිබුණු සත්‍යය මතු කරලීම පමණක් බවයි.

ඉතිරිය»

නිරෝගිමත් පරපුරක් වෙනුවෙන් අමිල මෙහෙවරක් කරන පන්නිල ආනන්ද හාමුදුරුවෝ

නිරෝගි සුවය ලොව පවතින උතුම් සුවයකි. කවර කාර්යයන් කුමන අයෙක් විසින් සිදු කළ ද එහි සාර්ථකත්වය රඳා පැවතීමට නම් කායික මෙන් ම මානසික සුවය හෙවත් නිරෝගි බව අත්‍යවශ්‍යය. පුද්ගලයා තුළ කවර සම්පත් පැවතිය ද, නිරෝගි සම්පත පළා ගිය විට ගතින් පමණක් නොව සිතින්ද රෝගියෙකු බවට පත්වේ. ඒ අනුව කවරෙක් සඳහා වුවද නිරෝගිබව වාසනා ගුණයක්ම වේ. ලොව උපත ලබන සියලු දෙනා රෝගිවීම සොබාදහමකි. එහෙත් අර්ථවත් දිවිපෙවෙතක් ගත කිරීම තුළින් නිරෝගී සුවය ආරක්ෂා කරගත හැකිවේ. පොදු මහ ජනතාව නිරෝගිව තබා ගැනීම සඳහා නොමිලයේ වෛද්‍ය පහසුකම් සැලසීමට රජය වසරක් පාසා මහා ධනයක් වැය කරයි. ඒ පොදු මහජන යහපත අපේක්ෂා කරන හෙයිනි.

ඉතිරිය»

තිස්ස කුමරු පැවිදිවීම

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]