UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමා වහන්සේ ඓතිහාසික මිහින්තලා පුදබිමට වැඩම වූ වගයි

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ මිහින්තලා පුදබිම වෙත වැඩම කළ තුන් දින රිය පෙරහර ඉකුත් 6 වනදා මහසඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයෙහි ආරම්භ කෙරිණි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනයෙන් වසර 2325 ක් සපිරීමත් මිහින්තලා ලේක්හවුස් වාර්ෂික ආලෝක පූජාව 56 වන වරටත් පැවැත්වීමත් නිමිත්තෙන් එම රිය පෙරහර පැවැත්විණි. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ පූර්ණ දායකත්වයෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේද සහායෙන් එම සම්බුදු සිරිපා අනුරුව නිර්මාණය කර පෙරහරෙන් වැඩම කරවීය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ ජනක එදිරිසිංහ මහතා ඇතුළු පවුලේ ඤාති මිත්‍රාදීන් විසින් නිර්මාණය කර රිය පෙරහර මගින් වැඩම කරවන ලදී.

ඉතිරිය»

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]