UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක නිමා කරමු

“යමෙක් ද්වේෂ නොකරන, වරදක් නොකරන කෙනෙකුට අවැඩක් කරයි නම්, ඒ පාපය ආපසු තමන් කරා පැමිණෙයි. උඩුසුළඟට දැමු දූවිලිමෙන් පෙරළා ආපසු පැමිණේ.”  “අප්පදුට්ඨස්ස” යනු නිදොස් පුද්ගලයා ය. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම අවැඩක් සිදුකරයි ද, එය ‘දොස්’ ලෙස හැඳින්වේ. තමන්ට හෝ අනුන්ට කරදර නොකර දැහැමෙන්, සෙමෙන් කල් යවන්නා නිදොස් පුද්ගලයා ය. ඔහුගේ ලක්ෂණ මැනවින් පෙනේ. පැවැත්ම යහපත් ය. යන එන ගමන බිමන් සන්සුන් ය. තුන්දොර පිරිසුදු ය. අනුන් කෙරේ මෙත් සිත පතුරයි. “සුද්ධස්ස” යනුවෙන් හඳුන්වයි. “අනංගනස්ස” කෙලෙස් නැති තැනැත්තා ය. සසර බැඳ තබන බැමිබිඳ දැමූ නිකෙලෙස් ඇත්තෙකි. එවැනි පිරිසුදු සිත් ඇති අයට දුස්සීල අයෙක් දොස් කීමෙන් ,අවැඩක් කිරීමෙන්, චරිතයට කැළැල් ඇති කිරීමෙන් ඇතිවන පාප කර්මය සුළුපටු නොවේ. ආපසු විපාක හඹා ඒම වැළැක්විය නොහැකි ය. වසර ගණනක සිට කීර්තිමත් වෙමින් ගොඩනඟා ගත් සමාජ පසුබිම දුෂිත වචනයෙන් අපකීර්තියට ඇද දමන්මෝ කවදත් සමාජයේ සිටිති. වචනයෙන්, කයින් කෙනෙකුට අවැඩක් සිදුකිරීමට ගොස් ඒ කර්ම ශක්තිය ආපසු පැමිණ දුක් විඳි චරිත බෞද්ධ සාහිත්‍යයෙන් සෙවිය හැකි ය.

ඉතිරිය»

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]