UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගති ගමන -21 : බුදුබව ලබන පාරමී බලය

සුගති ගමන -21

බුදුබව ලබන පාරමී බලය

එකල සුවිශේෂී මනුෂ්‍යයන්ට අහසින් වඩින්න පුළුවන් පුණ්‍ය හැකියාවන් වගේ පුරුදු තිබී තියෙනවා. ඒ නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදුවන්න පෙරත් සතියක් දුෂ්කර ක්‍රියා කර, බෝ මුලට එනම් වජිරාසනයට වඩින්නේ අහසින් ම යි. එතැනදීම කුස තණ පිළිගන්වනවා. එය වජ්‍රාසනය මත එළා නැඟෙනහිර දිසාවට මුහුණ ලා රාත්‍රී පළමු යාමයේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, රාත්‍රී දෙවන යාමය චුතූපපාත ඥානය, රාත්‍රී තුන්වන යාමය පටිච්ඡසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසා අවසන් වෙද්දී හිමිදිරි උදෑසන අරුණෝදයත් සමඟ ම පෙර බුදුවරු සම්බුද්ධත්වයට පත්වූ ආකාරයට ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා.

මෛත්‍රී බුදුන් වහන්සේගේ ශාසනය අවුරුදු එක්ලක්ෂ අසූ දහසක කාලයක් ලොව පවතින බව ධර්මයේ සඳහන් වෙනවා. එවිට මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වෙන්නේ පස්වන අන්තඞකල්පයේ මිනිස් ආයුෂ අවුරුදු අසංඛ්‍යෙයේ සිට අසූ දහස දක්වා අඩුවූ කාලයේ ය. එය මේ මහා භද්‍ර කල්පයේ පස්වන අන්තඞකල්පය යි.

එසේම මෙලෙස තවත් අන්තඞකල්ප පනස් නවයක් ගමන් කරනවා. මිනිස් ආයුෂ අඩුවෙලා, අවුරුදු දහයට ම අඩුවෙනවා, නැවත වැඩිවෙලා මිනිස් ආයුෂ අවුරුදු අසංඛ්‍යෙයට ම වැඩි වෙනවා. නැවත පෙර සේම අවුරුදු දහයට අඩුවෙලා අන්තඞකල්ප විනාශ වෙමින් අන්තඞකල්ප පනස් නවයක් ගමන් කරන තැන මහා භද්‍ර කල්පය අවසන් වෙනවා. එවිට අපට පෙනෙන්නේ මහා භද්‍ර කල්පයකට මේ වගේ මනුස්ස වාසය ඇති, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තල තිස් එකකින් යුක්ත සත්ත්වයා සතර අපායේ වැටෙමින් ගමන් කරන අන්තඞකල්ප හැට හතරක් තිබෙන බව යි. එයින් පසුව තිබෙන්නේ මේ ලෝක ධාතු විනාශවන අන්තඞකල්ප හැට හතරක්. ඊටපසුව තිබෙන්නේ විනාශ වෙලා පවතින අන්තඞකල්ප හැට හතරක්. නැවත එන්නේ මේ පෘථිවියත් ලෝක ධාතුවත් සකස් වෙමින් පවතින අන්තඞකල්ප හැට හතරක්. මෙලෙස අන්තඞකල්ප හැට හතරක් අවසන් වූ තැන මහා කල්පයක් අවසන් වී යනවා.

දැන් ඔබ සිතන්න. මේ සඳහන් කළේ, මහා කල්පයක ප්‍රමාණය යි. අන්තඞකල්ප හැට හතරේ ඒවා හතරක් කියන්නේ එක මහා කල්පයක්. ඊළඟට ඔබ තේරුම් ගන්න. එවැනි මහා කල්ප ම අසංඛ්‍යෙය සතරක්, තවත් ඒ වගේ මහා කල්ප ලක්ෂයක් සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් වන්නේ. ගෞතම බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක සම්බුද්ධත්වය පිණිස දස පාරමී පුරන්නේ දීපංකර පාද මූලයේ සුමේධ තාපසයාණන් වහන්සේ ලෙස යි. විවරණ ලබා ගත් දා සිට ම දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්යය, ඛන්ති, සච්ච, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා නම් දස පාරමී පුරාගෙන මහා කල්ප අසංඛ්‍යෙය සතරකුත් තවත් කල්ප ලක්ෂයක් ගත කළා. මේ අනුව අපට පෙනෙනවා ගෞතම බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය පිණිස කෙතරම් දීර්ඝ කාලයක සිට නියත විවරණ ගත්තා ද යනුවෙන්. උන්වහන්සේ සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් ම සම්මා සම්බුද්ධත්වය පිණිස දස පාරමී පිරුවා.

නමුත් අනාගතයේ සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ දස පාරමිතා පමණක් සොළොසා ලක්ෂයක් සම්පූර්ණ කරනවා. එනම් අසංඛ්‍යෙය දාසයකුත් කල්ප ලක්ෂයක් ම දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්යය ,ඛන්ති, සච්ච, අධිෂ්ඨාන, මෛත්‍රී , උපේක්ඛා ආදී දස පාරමිතාවන් අසංඛ්‍යෙය දාසයකුත් කල්ප ලක්ෂයක් පුරා සම්පූර්ණ කරගෙන පැමිණ ලොවුතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා. ඒ අනුව අපට පෙනෙනවා, අපේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරන්න විවරණ ගන්නත් පෙර, ඊටත් අසංඛ්‍යෙය දොළහකට පෙර මෛත්‍රී බෝසතාණන් වහන්සේ විවරණ ගෙන දස පාරමී සම්පූර්ණ කරන්න පටන් ගත් බව යි.

මේ අනුව බුදුරජාණන් වහන්සේලාගේ පාරමී පුරන කාලය අනුව බුදුවරු කණ්ඩායම් තුනක් ගැන ධර්මයේ විස්තර වෙනවා. එනම්, සද්ධා අධික බුදුරජාණන් වහන්සේ, වීර්යය අධික බුදුරජාණන් වහන්සේ, ප්‍රඥා අධික බුදුරජාණන් වහන්සේ යනුවෙනි. නමුත් උන්වහන්සේ බුද්ධත්වයට පත්වූ පසුව මේ සියලු දෙනාම ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන්, වීර්යයෙන්, නුවණින්, අවබෝධයෙන් ඒ සියල්ලම සම වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් තවත් බුදු කෙනෙකුට සමාන වනවා. උන්වහන්සේ ‘අසම සමෝ’ යනුවෙන් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ නමක් සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන් සමඟ සම කරන්න බැහැ. හැබැයි, හැම බුදුකෙනෙක්ගේම අවබෝධය තවත් බුදුකෙනෙකුගේ අවබෝධයට සමාන යි. නමුත්, පාරමී පුරාගෙන එන කාල සීමාව අනුව අඩුම කාලයක් පාරමී සම්පූර්ණ කරන්නේ ප්‍රඥා අධික බුදුරජාණන් වහන්සේ යි.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]