|
ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 38 වන දම් සභාව
ජනපති සහභාගිත්වයෙන්
පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේදී...
ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ අධි පොසොන් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඉකුත් දා (29) පෙරවරුවේ
කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්
පැවැත්විණි.
ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 38 වන දම් සභාව මෙය වන අතර, පට්ඨාන ධර්ම
සභාවේ අනුශාසක යක්කල බෝගමුව බෝධි ග්‍රාම භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේ රජමල්වත්ත විපස්සනා භාවනායතනාධිපති ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී කොරතොට
වෙස්සභූ හිමියන් මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූහ.
එදින පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව
විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය දොම්පේ ඉන්ද්‍රසිරි නා
හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.
අනතුරුව ජනාධිපතිතුමා ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට එක්වූ අතර අමාත්‍යවරුන් වන විජයදාස
රාජපක්ෂ, සරත් ෆොන්සේකා ,රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන්
සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
ඉතිරිය» |
|
අධිපොසොන් අව අටවක පෝය
අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා
බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා
බදාදාය.
මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.
|
|
|
|
|
|
|