UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු ගුණමහිම: විජ්ජාචරණ සම්පන්න ගුණ

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 31

විජ්ජාචරණ සම්පන්න ගුණ

යම්කිසි කෙනෙක් නිවන් දකින්න ඕන නම් ප්‍රඥාවයි චරණ ධර්මයි සම්පූර්ණ කරගත යුතුයි කියන්නෙ. දස පාරමී ගැන. දස පාරමීවල ප්‍රඥා පාරමිතාවට අපි කියන්නේ, විජ්ජා කියලා. නුවණ කියලා. අනෙක් පාරමී ධර්ම 09 ට ම අපි කියන්නේ චරණ ධර්ම කියලා. ඒක උපමා කරනවා හරියට පක්ෂියෙකුගේ ප්‍රධාන කාර්යය සිද්ධ වෙන්නෙ හොටෙන් නෙ.ආහාර ගන්න හොට වගේ තමයි ප්‍රඥාව.

පියාපත් පාද වගෙ තමයි චරණ ධර්ම, නුවණින් තොරව චරණ පුරවා ගන්ටත් බෑ. චරණ ධර්ම නුවණින් තොරව වටහා ගන්නටත් බෑ. මේ දෙකම ඔවුනොවුන් සම්බන්ධ කරගෙන කටයුතු කරන්නෙ. මේක තමයි විජ්ජා චරණ කියලා කියන්නෙ. මෙතන දී විජ්ජා කියන කොට ත්‍රිවිද්‍යා , අෂ්ඨ විද්‍යා ත්‍රිවිද්‍යාකියල කියන එක පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය හෙවත් දිබ්බචකුඛු ඤාණය, ආසවක්ඛය ඤාණය ඔය ත්‍රිවිද්‍යාවන් ගැන බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කළා. නමුත් අෂ්ඨ විද්‍යා ගැන එක තැනක දේශනා කළේ. අම්බට්ඨ සූත්‍රයේ ද,ී අම්බට්ඨ මානවකයා අමතා බුදුපියාණන් වහන්සේ අෂ්ඨ විද්‍යාවන්දේශනා කරන්නෙ.

විදර්ශනා ඥාන,මනෝම ඉද්ධි ඥාන, ඉද්ධවිධ ඥාන, දිබ්බ සෝත ඥාන, පරචිත්ත විජාණන ඥාන, පුබ්බේ නිවාසානුස්සති ඥාන, චුතූපපාත ඥානය, ආසවක්ඛ්‍ය ඥානය යන ඥාන 8 ට අපි කියන්නේ අෂ්ඨ විද්‍යා ඥාන කියලා. විද්‍යා කියන්නෙ නුවණ . දැන් බලමු විදර්ශනා කියන වචනය, විදර්ශනා කියලා කියන්නේ විශේෂ නුවණින් දත යුතු සියල්ල. එතන විදර්ශනා ඥාන 10 ක් විස්තර කරනවා. සාමාන්‍යයෙන් යම් කිසි කෙනෙක් තමන්ගේ මේ රූප, කයේ ස්වභාවය මුලින්ම තේරුම් ගන්නට ඕනේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ,පඨවි කියන්නෙ මොකක්ද? ආපෝ කියන්නේ මොකක්ද? තේජෝ වායෝ කියන මේවා මුලින් තෝරා ගන්නට ඕනේ.

පඨවි කියනකොට ලක්ෂණ 06 ක් තියෙනවා.

තද බව, රළු බව, බර බව, මෘදු බව, සිනිඳු බව, සැහැල්ලු බව

ආපෝ කියන කොට

වැගිරෙන බව , ඇලෙන බව

තේජෝ කියන කොට

සීතල ,උණුසුම

වායෝ කියන කොට,

පිම්බෙන හැකිළෙන ගතිය

දරාගැනීම

මේ කියන ලක්ෂණ 12 එකින් එක, එකින් එක වඩලා මේ ලක්ෂණ හුරුකර ගන්නවා. ඔය විදියට ධාතු අතරින් එක එක ලක්ෂණය අරගෙන ඉවර වෙලා,අපි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් මේ ධාතු 04 හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරන කොට පඨවි ධාතු ආදි ධාතුන්ගේ ලක්ෂණයන් දිහා හොඳින් බලනකොට මොකද වෙන්නේ. ටික වේලාවක් හොඳට සමාධිගත වෙනකොට මේ ශරීරය හරියට අර ගස්ගල් පෙරළෙන්නාක් සේ අපේ මේ ශරීරය කෑලිකෑලිවලට කැඩිකැඩී වැටෙන හැටි අපිට පේන්න ගන්නවා. මේ වැටෙන්නෙ අතපය ගැලවිලා වැටෙනවා එහෙම නෙමෙයි.හරියට වාහනයක වීදුරුවක් රිය අනතුරකදී කැඩිලා වැටෙන්නෙ කොහොමද? වීදුරු කැට ටික සූකිරි කැට වාගේ කැඩි කැඩී වැටෙනවානේ. අන්න ඒ වාගේ ශරීරයේ වීදුරු කෑලි කැඩෙන්නා වාගේ සම්පූර්ණයෙන් ම කැඩි කැඩී යන ආකාරය තමන්ට පේන්න ගන්නවා. මේ දෙස හොඳට බලන් ඉන්නකොට පුංචි පුංචි අංශු වලට කැඩෙනවා. ඊට පස්සේ, කැඩිකැඩි යනකොට අපි දකිනවා මේවා තමයි රූප කලාප කියලා. අන්න රූපය හඳුනා ගන්නවා. ඉට පස්සේ නම් වශයෙන් අපට හඳුනාගන්න පුළුවන්. හොඳට ගැඹුරෙන්. ඊට පස්සේ අවධානය යොමු කරගෙන සිත දිහා බලාගෙන ඉන්නකොට හිතේ පහළ වෙනවා.

කුසල් සිත්,අකුසල් සිත් මොනව ද? ඔක්කෝම තමන්ට දකින්න පුළුවන්.මෙසේ සිතක් හඳුනාගන්නවා.මේ කයයි හිතයි දෙකට අපි කියන්නේ නාම රූප කියලනේ. මේ නාම රූප දෙක හොඳට වටහා ගත්තහම නාම රූප දෙක දකින කොට මෙතන තමන්ට සත්වයෙක් පුද්ගලයෙක්,ආත්මයක් කියා සංඥා නැතිවෙනවා. ඊට පස්සෙ මොකද කරන්නේ තමන් වගේම අනික් අයගෙත්. අනික් බාහිර පුද්ගලයන්ටත් එය යොමු කරල බලනකොට ඒ අයගෙන් නාමරූප අපිට පේන්න ගන්නවා. එහෙනම් අධ්‍යාත්මික බාහිර වශයෙන් නාමරූප වඩනවා.

මේ සියල්ලම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් වඩලා අපි ප්‍රගුණ කර ගන්නවා. ඊට පස්සෙ මොකද කරන්නේ. නාම රූප සහිත මේ පංචස්කන්ධය හැදෙන්න හේතුව මොකක් ද? පටිච්ච සමුප්පාදය මම කියල දුන්නේ අතීතයේ ක්ලේෂ වට්ටයයි. කම්ම වට්ටයයි කියලා. අතීතයේ අපි ප්‍රාර්ථනා පිහිටුවා කුසල් කළා, ඒ බලයෙන් මේ ශරීර කූඩුව හැදුණේ. හිතත් එක්ක යනකොට අපිට පුළුවන් අතීත පෙර ජීවිතය බලන්න. දැන් මේ පිංවතුන්ගේ අතීත ජීවිතය බලලා තියෙනවා ද? දන්නවා ද? තමන්ටම විදර්ශනා භාවනාවෙන් අතීත ජීවිතය බලන්න පුළුවන්.අතීත ජීවිතය බලලා අතීතයේ අපි කරගත් කුසල් අකුසල් බලාගන්න පුළුවන්. බලලා ඒ කුසල් බලයෙන් තමයි අපි උප්පත්තිය ලැබුවේ කියලා බලන්න පුළුවන්. එතකොට මොන කුසලය නිසා ද අපි උප්පත්තිය ලැබුවේ කියලා බලන්න පුළුවන්.මෙලෙස තමන් කරපු කුසලය දකිනවා. ඒකට හේතුව. ඒ හේතුව නිසා තමයි අද මේ ඵලයක් ලැබුණෙ කියලා බලනවා. හේතුඵල හොඳට වටහා ගන්න පුළුවන් එයට අපි කියන්නේ ‘පච්චය පරිග්‍රහ ඥානය’ කියලා.

මෙන්න මේ ඥාන ටික ශක්තිමත් වුණහම දැන් යෝගාවචරයා කරන වැඩේ. ‘පාදක විදර්ශනා ඥානය තමා සම්මස්සන ඥානය’ මේ ඥානයට තියෙන හැම රූපයක් ම, හැම නාමයක් ම, හැම සිතක් ම , හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හැම දෙයක්ම හොඳට මෙනෙහි කරන්න පටන් ගන්නවා. එසේ මෙනෙහි කරගෙන, යනකොට සම්මන ඥානය බලවත් වෙනවා. මොකද පළවෙනි විදර්ශනා ඥානයෙන්.මේනාම රූපයන් අනිත්‍ය ලෙස වඩාගෙන යනකොට පේන්න පටන් ගන්නවා.මේ නාමරූපයන්ගේ හට ගැනීමයි, බිඳීමයි විතරක්.අර නාම රූපවල පැවැත්ම පේන්න ගන්නෙ නැ. ඒ තරම් සමාධිය බලවත්,හට ගැනීමයි, බිඳීමයි පේන්න ගන්න කොට අපි කියන්නේ උදයබ්බය ඥානය පහළවෙනවා කියලා. ඊට පස්සේ ඒ තුළ හොඳට හිත තියාගෙන ඉන්න කොට සමහර යෝගාවචරයින්ට මෙතනදි වරදිනවා. ඇත්තටම වරදිනවා කියලා කියන්නේ ආලෝක නිමිති පහළවෙලා. පී‍්‍රතිය පහළවෙලා, පස්සද්ධිය පහළ වෙලා උපක්ලේෂවලට අහුවෙනවා. එතනින් එහාට නිවන් දැක්කා කියලා නතර වෙනවා.

බලන්න අපේ ලංකාවේ ධම්මදින්න මහරහතන් වහන්සේ,උන්වහන්සේගේ ගුරුවරයා මහා නාග කියලා. උන්වහන්සේ උච්චාවෙල්ලි කියන විහාරයේ වාසය කළේ. ඉතිං වර්තමානයේ අද නම් සොයන්ට බැහැ. උච්චා වෙල්ලි කියන්නේ උස්වූ කඳු ගැටයක් වගේ නමුත් ධම්මදින්න මහාරහතන් වහන්සේ වාසය කළේ නිමලව කියන ආරණ්‍යයේ. අතීයේ තලගරු වෙහෙර, එතකොට තිස්මහාරාමෙත් තලගුරු වෙහෙරත් අතර තමා උච්චා වෙල්ලි කියන විහාරය තිබිලා තියෙන්නේ. එතකොට ධම්මදින්න මහා රහතන් වහන්සේ එනකොට ඒ උච්චාවෙල්ලි විහාරයේ මහා නාග ස්වාමින් වහන්සේ හම්බවෙන්න වැඩියා. ඉතිං කතා කරලා අහනවා “ස්වාමීනි ඔබ වහන්සේ දැන් ඔය රහත්වෙලා අධිගම ලබලා කොච්චර කල් වෙනවා ද? “ඇවැත්නි දැන් 60 අවුරුද්දක් වෙනවානේ ඒ කියන්නේ රහත්වෙලා 60 අවුරුද්දක් වෙනවා කියලා. පස්සේ ඉතිං මේ ධම්මදින්න මහා රහතන් වහන්සේ දන්නවා මේ රහත් වෙලා නෑ රැවටිලයි ඉන්නේ කියලා.

හොඳයි ස්වාමීනි? ඔබ වහන්සේට අභිඥා බල එහෙම තියෙනවද?’ තියෙනවා තියෙනවා’ එහෙනම් මවන්නකෝ" ඇත්පැටියෙක් මැව්වා. එහෙනම් ඇත් පැටියා හොඬවැල කටේ තියාගෙන කෑ ගහගෙන තමන්ගෙ පැත්තට එන හැටි මවන්න කිව්වා. හිතුවා.අධිෂ්ඨාන කළා. එතකොටම ස්වාමීන් වහන්සේගේ හිතට භයක් ඇතිවෙලා දුවන්න පටන් ගන්නවා. එතකොට ධම්මදින්න මහ රහතන් වහන්සේ සිවුරු කොනින් අල්ලගෙන කියනවා’ ‘ස්වාමීනි රහතන් වහන්සේලා භය වෙනවද?’ කියලා ‘අනේ ඇවැන්ති මට පිහිට වෙන්න’ කියනවා. ධම්මදින්න මහා රහතන් වහන්සේ මෛත්‍රි භාවනාව කියලා දුන්නා. සක්මනට පියවර දෙකයි තුනයි ගියේ උන්වහන්සේ රහත් වුණා.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]