UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුරයේ දී පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය

ඉතිහාසය පුරාම ලක්දිව රජකළ විවිධ රජවරු අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට විවිධාකාරයෙන් බෝධිපූජා පවත්වා තිබේ. වර්තමානයේ දී ජය ශ්‍රී මහා බෝසමිඳුන්වෙත වාර්ෂිකව පවත්වන ප්‍රධාන පූජා හෙවත් මංගල්‍යය හතරක් දැකගත හැකි ය. ඒවා නම් දුරුතු මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, පරණ අවුරුදු මංගල්‍යය,නානුමුර මංගල්‍ය හා කාර්තික මංගල්‍ය වේ. මෙම මංගල්‍යය අතුරින් විශේෂතැනක් ගන්නා ‘දුරුතු මංගල්‍යය’ ‘අගසස්දානය’ ‘අලුසහල් මංගල්‍යය’ හෙවත් ‘අලුත් සහල් මංගල්‍යය’ මෙවර පැවැත්වෙන්නේ 51 වැනි වතාවට ය. කෘෂිකර්ම අමාත්‍යංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, විසින් උතුරු මැද පළාත් සභාවේ ද රජයේ විවිධ දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල ද අනුග්‍රහය ඇතිව සමස්ත ශ්‍රී ලංකාවේ ගොවිජනතාවගේ ආශිර්වාදාත්මක සහභාගීත්වයෙන් 2018 අප්‍රේල් මස 08 වන දින පෙරවරුවෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා උසස් අයුරින් සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

වෙසක් උළෙල චිත්‍ර තරගයේ මුල් වටයට කාණ්ඩ තුනකින් 25 දෙනා බැගින් තෝරා ගැනේ

අවසන් තරගය 7 වැනිදා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී

අසිරිමත් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය හා කොළඹ තරුණ බෞද්ධ සංගමය ඒකාබද්ධව පවත්වන දීපව්‍යාප්ත චිත්‍ර තරගය වෙනුවෙන් එවු නිර්මාණ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බී.සරත් ගුණසිරි පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ ඉකුත් දා (02) ලේක්හවුස් ආයතනයේ දී තෝරා ගන්නා ලදී. පළමු කාණ්ඩය සඳහා 1 – 5 දක්වා ශ්‍රේණිවල සිසු දරු දැරියන් ද දෙවන කාණ්ඩය සඳහා 6 – 9 දක්වා ශ්‍රේණිවල සිසු දරු දැරියන් ද තුන්වන කාණ්ඩය සඳහා 10 – 13 දක්වා ශ්‍රේණිවල සිසු දරු දැරියන්ද වශයෙන් එක් කාණ්ඩයකින් 25 බැගින් වයස් කාණ්ඩ තුනකින් මූලික වටයේදී 75 දෙනෙකු තෝරා ගැනිණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මනා ඇරඹුමකින් ඉදිරියට ම යමු

මිනිසුන් වශයෙන් මෙලොව උපත ලැබූ අපි ජීවිතය ජය ගැනීම සඳහා අනේකවිධ වූ ක්‍රියා මාර්ගයන් හි නිරත වෙමු. මෙය ආරම්භ වන්නේ යමක් තේරුම්ගත හැකි වයසේ පටන් ම ය. ලාබාල අවධියේ දී ඉගෙනීම කෙරෙහි ළමුන් හුරු කරවීමට මව්පියෝ අපමණ වෙහෙසෙති. එයට හේතුව යම් ක්‍රියාවක ආරම්භය ශක්තිමත්ව ගොඩනඟාගත හැකි නම් එහි ඉදිරි ගමන්මග සාර්ථක කර ගැනීම එතරම් අපහසු නො වීම යි.  කිසියම් කාර්යයක් ආරම්භ කොට ඉදිරියට පවත්වාගෙන යාමේ දී පුද්ගලයාතුළ විශේෂ ශක්තීන් සයක් පිහිටා තිබිය යුතු බව අත්තකාර සූත්‍රයේ සඳහන් වෙයි. මෙම සූත්‍රය බමුණෙකු ගේ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. එහි ඇතුළත් කරුණු සය දැක්වෙන්නේ මෙසේ ය. ත්වං කිං මඤ්ඤසි බ්‍රාහ්මණ අත්ථි ආරම්භ ධාතු,ති? ...... අත්ථි නික්ඛමධාතු...... අත්ථි පරක්කමධාතු...... අත්ථි ථාමධාතු...... අත්ථි ඨිතිධාතු.... අත්ථි උපක්කමධාතූ’ති . මෙහි දැක්වෙන ‘ආරම්භ ධාතු’ නම් යම් ක්‍රියාවක් ආරම්භ කිරීමයි.

ඉතිරිය»

මෙවර වෙසක් උත්සවයකෙසේ පවත්වමු ද?

මේ වර්ෂයේ චන්ද්‍රයාගේ ගමන අනුවත්, දෛවඥ ශාස්ත්‍රානුකූලවත්, වෙසක් පොහොය යෙදී ඇත්තේ, අප්‍රේල් මස 29 වැනි ඉරු දිනට ය. දශක ගණනාවකින් පසු මෙසේ වෙසක් පොහොය යෙදෙන බව නැකැත් ශාස්ත්‍ර නියමයයි. 1883 වෙසක් පොහොය දිනය යෙදී ඇත්තේ ද අප්‍රේල් 29 වැනි දිනක බව සඳහන් වේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නා හිමි, වැලිගම ශ්‍රී සුමංගල නා හිමි , මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි යන නාහිමිවරු සහ පැවිදි උතුමන් ද, කර්නල් ඕල්කට්, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, එෆ්.ආර්. සේනානායක, කරෝලිස් පූජිත ගුණවර්ධන යන ප්‍රභූන් පිරිස ද, අප්‍රේල් මාසයේ අගට යෙදුන වෙසක් පෝයත්, මැයි මාසයේ අගට යෙදුන අධි පොසොන් පෝයත් වෙසක් මාසයටම යෙදුන බැවින්, එදා වෙසක් පෝය භාවිත කළ ආකාරය සලකා බැලීම මේ අවස්ථාවේ දී අපට බෙහෙවින් ම වැදගත් වන්නේ ය. තව ද, ෂඩ් වර්ණ ඝණ බුද්ධ රශ්මිය විහිදුවන පාට පහෙන් යුත් බෞද්ධ කොඩිය පළමුවරට ලොවට ඉදිරිපත් කළ දිනයත් එකී දිනයම බව සැලකිය යුතුව තිබේ. එදා සේ ම, මෙවර ද වෙසක් පොහෝ දිනය යෙදී ඇත්තේ අප්‍රේල් 29 වැනි දාට ය.

ඉතිරිය»

මට්ටකුණ්ඩලීට පිහිට වීම

 

  බක් මස අව අටවක පෝය


 බක් මස අව අටවක පෝය අප්‍රේල් 07 වන දා සෙනසුරාදා අපර භාග 11.32 ට ලබයි.
9 වන දා සඳුදා පූර්ව භාග 02.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 08 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 15 වන දා ඉරිදා

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]