UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට නව නිලධාරීහු පත්වෙති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වු ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ පාර්ශ්ව 22 කින් සමන්විත නියෝජිත මහා සංඝ සභා රැස්වීමේ දී ඉදිරි පස් වසර සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලදහ. ප්‍රධාන සභාපති ලෙස හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි අමරපුර චූලගණ්ඨි නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද, උප සභාපතිවරුන් ලෙස නුවරඑළියේ චන්ද්‍රජෝති උඩරට අමරපුර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අහුන්ගල්ලේ සීල විශුද්ධි අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද පත්වූහ. මහා ලේඛකාධිකාරි ලෙස ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර අමරපුර වජිරවංශ පාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේ ද නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි ලෙස ආචාර්ය මාදම්පාගම අස්සජිතිස්ස අමරපුර අඹගහපිටි පාර්ශ්වයේ සම ලේඛකාධිකාරි නා හිමිපාණන් වහන්සේ ද තෝරා පත් කර ගත්හ.

ඉතිරිය»

සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කරමින්

කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහරේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් පසුගිය 30 වැනිදා රාත්‍රියේ දී සිදුවිය. කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව පංචතූර්ය වාදන හා පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සධාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කළේය. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමිපාණන් වහන්සේ, ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නා හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යරුන් වන ජෝන් සෙනවිරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, බස්නාහිර පළාත් ප්‍රධාන ආමත්‍ය ඉසුර දේවපි‍්‍රය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ සහ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරු ද එම පූජනීය අවස්ථාවට එක්වූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තෘප්තිමත් ජීවිතයක් සඳහා බුද්ධෝපදේශ

තමාට පිහිට තමා ම ය, වෙනත් කවරෙක් පිහිට වන්නේ ද? තමා ම පිහිට කොට වාසය කරව්. අනුන් පිහිට කොට වාසය නොකරව්” තමා ම තමහට දුර්ලභ පිළිසරණ කොටගන්න.” “ඔබම වෙර දැරිය යුතුය”, “ශුද්ධිය හා අශුද්ධිය තම තමන් ළඟ ය. අනෙකෙක් අනිකකු ශුද්ධ නොකරයි.” මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශ කීපයක සිංහල අනුවාද කීපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මේ ප්‍රකාශවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘෂ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදුබව ලබාගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවෙකුටත් ගැති නොවී ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා රහත්වීමටත්, ලොව දිනීමටත් සමර්ථවන බව පෙන්වා දුන්හ. මෙසේ මනුෂ්‍යත්වයට ප්‍රමුඛතාවය දෙමින් දේශිත තථාගත ධර්මය මිනිසාට මිනිසා වටහාදෙයි. මිනිස් සමාජයට අර්ථවත් මෙන් ම ඵලවත් මිනිසෙකු තනාදෙන මිනිස්කම හඳුනා නොගත් මිනිසුන් නිසා මිනිසුන්ට නානාවිධ ගැටලු, ප්‍රශ්නවලට මුහුණ දෙමින් අනර්ථකාරී, අවැඩදායි ව්‍යසනවලට ගොදුරුවීමට සිදුවන හැටි පෙන්වා දෙයි.

ඉතිරිය»

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

කලින් කලට සසුනඹරෙහි පහළවන සම්භාවනීය පූජනීය මහ සඟරුවන සසුන් කෙත ශෝභාවත් කරමින් වැඩ වෙසෙති. එබඳු උතුම් සංඝපීතෘන් වහන්සේලා සසුන් කෙතට පමණක් නොව රට දැය සමයට සිදුකරනුයේ අත්‍යුදාර ආදර්ශවත් මහ මෙහෙවරකි. බෙල්ලන්විල රජමහා විහාරාධිකාරීව වැඩ විසූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුවිශාල මෙහෙවරක් ඉටු කළ සංඝ පීතෘන් වහන්සේ නමකි. “බෙල්ලන්විල” නාමය සිහියට නැගෙන විට නිරන්තරයෙන් සිහිපත් වනුයේ බෙල්ලන්විල රජමහා විහාරය යි. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුද බිමක් වූ බෙල්ලන්විල රජ මහා විහාරය පෙර රජ දවස දක්වා ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. සඟමිත් තෙරණිය වැඩම කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස්ඵල රුහ බෝධි අංකුරයක් බෙල්ලන්විල රෝපණය කළ බව විල්ගම්මුල නාහිමියන් විසින් රචිත බෝධි වංශයෙහි සඳහන් වේ.

ඉතිරිය»

අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක හාමුදුරුවෝ (සේයාරුව - ප්‍රසන්න හෙන්නායක)

 

 නවම් අව අටවක පෝය


 නවම් අව අටවක පෝය පෙබරවාරි 7 වනදා බදාදා පූර්ව භාග 8.48 ට ලබයි. 8 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම පෙබරවාරි 7 වනදා බදාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]