UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන් ...

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන් ...

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම නවම් පුර පොහෝදා (31) මිහින්තලා පුද බිමේ දී මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.

පියනන්ද සමාජ සේවා පදනම මගින් මෙවර එම පින්කම සිදුකරන ලදී. මිහින්තලා පුදබිමෙහි දහම්පාසල අසළ සිට පෙරහරින් සාධු නාද මධ්‍යයේ කප්රුක රැගෙනයාමෙන් අනතුරුව මිහින්තලා මහා සෑය වෙත පූජා කිරීම සිදු විය. අනතුරුව මිහින්තලා රජමහා විහාරවාසී වෙරුප්පන්කුලමේ පියරතන හිමියන් විසින් ආගමික වතාවත් සිදු කළහ.

වැල්ලවත්ත ස්වර්ණ බෝධිරාජ විහාරාධිපති පියනන්ද සමාජසේවා පදනමේ පන්නිපිටිය වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ කිරිවැල්දොල පියනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කැලණිය හේමමාලි ආරාමාධිපතිනී, සංඝමිත්තා කළගුණ සළකමු පදනමේ අනුශාසිකා කැලණියේ සුමංගලා ධර්ම ශ්‍රී හේමමාලි මෙහෙණින් වහන්සේ සහ චන්ද්‍රදාස ආබ්‍රෙව්, වැල්ලවත්ත කාන්ත ජයසිංහ යන අයගේ දායකත්වය ඇතිව එම පින්කම ගෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරිණි. සුදත් රෝහණ, තිලක් රෝහණ, දිනෙත්, සුමනදාස, රුවන් ධනුෂ්ක, භද්‍රා මෑණියෝ, විජේසිරි ඇතුළු මහත්ම මහත්මීන් විසින් සංඝමිත්තා පිළිරුවක් පූජා කිරීම ද සිදුවිය. එම අවස්ථාවට සිවිල් ආරක්ෂක අංශ නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.

 

 නවම් අව අටවක පෝය


 නවම් අව අටවක පෝය පෙබරවාරි 7 වනදා බදාදා පූර්ව භාග 8.48 ට ලබයි. 8 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම පෙබරවාරි 7 වනදා බදාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]