UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි

කලින් කලට සසුනඹරෙහි පහළවන සම්භාවනීය පූජනීය මහ සඟරුවන සසුන් කෙත ශෝභාවත් කරමින් වැඩ වෙසෙති. එබඳු උතුම් සංඝපීතෘන් වහන්සේලා සසුන් කෙතට පමණක් නොව රට දැය සමයට සිදුකරනුයේ අත්‍යුදාර ආදර්ශවත් මහ මෙහෙවරකි. බෙල්ලන්විල රජමහා විහාරාධිකාරීව වැඩ විසූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුවිශාල මෙහෙවරක් ඉටු කළ සංඝ පීතෘන් වහන්සේ නමකි. “බෙල්ලන්විල” නාමය සිහියට නැගෙන විට නිරන්තරයෙන් සිහිපත් වනුයේ බෙල්ලන්විල රජමහා විහාරය යි. ලෝ දන මුවග රැව් පිළිරැව් දෙන මහ පුද බිමක් වූ බෙල්ලන්විල රජ මහා විහාරය පෙර රජ දවස දක්වා ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. සඟමිත් තෙරණිය වැඩම කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස්ඵල රුහ බෝධි අංකුරයක් බෙල්ලන්විල රෝපණය කළ බව විල්ගම්මුල නාහිමියන් විසින් රචිත බෝධි වංශයෙහි සඳහන් වේ. විදේශීය ආක්‍රමණ හේතුවෙන් ඓතිහාසික පූජනීය ස්ථාන කලින් කලට පරිහානියට පත්විය. කාලයාගේ ඇවෑමෙන් බෙල්ලන්විල රජ මහා විහාරය ද ඒ අවට ප්‍රදේශයද ජන ශූන්‍ය වන්නට ඇත. 1860 දශකයේ දී අත්තිඩිය විහාරයේ වැඩ විසූ තේන්ගොඩගෙදර හිමියන් බෙල්ලන්විල හරහා ගලා ගිය ඇළ මාර්ගයේ පාරුවකින් වඩිමින් සිටිය දී ජනශූන්‍ය වූ ප්‍රදේශයෙන් ඇසුණ බෙරහඬ පිළිබඳ විමසිලිමත්වීමෙන් බෙල්ලන්විල ඓතිහාසික බෝධීන් වහන්සේ දකින ලදුව එම ස්ථානය දෙවියන් පවා වැඳුම් පිදුම් කරන භූමියක් බවට තේරුම්ගෙන ජනතාවට ද වැඳුම් පිදුම් කරන ස්ථානයක් බවට පත් කරන ලදී.

ඉතිරිය»

 

 නවම් අව අටවක පෝය


 නවම් අව අටවක පෝය පෙබරවාරි 7 වනදා බදාදා පූර්ව භාග 8.48 ට ලබයි. 8 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම පෙබරවාරි 7 වනදා බදාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]