UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු මහා නා හිමියන්ගේ සුරතින් අඩු ආදායම්ලාභී පවුල් රැසකට වියළි ආහාර


නිහඬ මෙහෙවරක තවත් එක් ප්‍රජා සේවාවක්:


ගෞතම බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් බුදු සිරිතෙහි සුවිශේෂත්වයන් අතර අසරණයින්ට පිහිටවීම සෑම විටම දක්නට ලැබෙන සුවිශේෂත්වයකි. ඒ ආදර්ශය ලොවට දුන් උන්වහන්සේ මිනිසාට පමණක් නොව සතා සිවුපාවාට ද කරුණාව, දයාව හා මෛත්‍රියෙහි වටිනාකම පෙන්වාදෙමින් තමන් උපයන දෙයින් කොටසක් දනට පිනට දෙන්නැයි වදාළ සේක. අන් අයගේ දුක හඳුනාගෙන ඔවුන්ගේ දුක නිවන්නට දහමින් කරුණු කියා දීම මෙන්ම ආර්ථික අතින් පිහිටක් වීම ද වැදගත් ය. එම කරුණු ද්විත්වයේ ම පිහිටා කටයුතු කරන්නා වූ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ දශක ගණනාවක සිට අසරණයින්ට සරණ වන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කිසිදු ප්‍රසිද්ධියකින් තොරව ය.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සමඟ මෙවර ගිරිභණ්ඩ පූජාවක් මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව සමඟ මෙවර මිහින්තලා මහ සෑ රදුන් වහන්සේ වෙත ගිරිභණ්ඩ පූජාවක් මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ගේ අනුශාසනා පරිදි හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක ඉබ්බාගමුව නැලව පොත්ගුල් විහාරයේ උඩකැන්දවල චන්දවිමල නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දුරුතු පෝදා මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

හිතින් හදාගත් ලෝකයක අතරමං වනවා ද?

චිත්තෙන නීයති ලොකො
චිත්තෙන පරිකස්සති
චිත්තස්ස එක ධම්මස්ස
සබ්බෙව වසමන්වගු

ඔබගේ ධර්මාවබෝධය සඳහා අද මාතෘකා කළ මේ ගාථාව සංයුත්ත නිකායේ චිත්ත සූත්‍රයේ එන ගාථා ධර්මයක්. දිනක් එක් දේවතාවියක් බුදුරජාණන් වහන්සේගෙන් මෙබඳු ප්‍රශ්නයක් ඇසුවා ය.  “කෙනස්සු නියතී ලොකො – කෙනස්සු පරිකස්සති, කිස්සස්ස එක ධම්මස්ස, සබ්බෙව වසමන්වගු “ලෝකය කුමකින් පමණුවනු ලැබේ ද? කුමකින් එහා මෙහා අදී ද? සියල්ලෝ ම කවර වූ එක් ධර්මයක වසඟයට ගියාහු ද?මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ ඉහත ගාථාව ප්‍රකාශ කරමින් , සිත විසින්ම ලෝකය පමුණුවනු ලැබේ. සිත විසින් ම එහා මෙහා අදිනු ලැබේ. සියල්ලෝම සිත නමැති එකම ධර්මයාගේ වසඟයට ගියාහු ය. යනුවෙන් පිළිතුරු දී ඇත. බාහිර ලෝක පිළිබඳව සිත ක්‍රියාත්මක වන ආකාරය මේ ගාථාවෙන් පෙන්වයි. ලෝකයේ පවතින සෑම දෙයක්ම සිතට යටත්ව පවතී. ලෝකයේ ඇති දේ හඳුන්වා දෙන්නේ සිතින් ය. ඒ ඒ වස්තූන් හා සම්බන්ධ වටිනාකම් පිළිබඳව එහාට මෙහාට අප ගෙන යනු ලබන්නේ ද සිත විසිනි.

ඉතිරිය»

බුදුරදුන්ගේ බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය


බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගත වුණ නමවෙනි මස එළඹුණ දුරුතු පුන්පොහෝ දින ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදි සිදුවීම් රැසක් දුරතු පුන් පොහෝදා සිදුවී තිබේ. දුරුතු පුන් පොහොය උදාවීමට පෙර බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප , නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිස වෙත වැඩමවා දහම් දෙසා පැවිදි කළ සේක. එහිදී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට “ආදිත්ත පරියාය” සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත්වු සේක. ඒ සමඟම දුරුතු පුර පසළොස්වක පොහෝ දා උදාවෙමින් පැවතුණි.

ඉතිරිය»

බුදුරදුන් මහියංගණයට වැඩම කිරීම. (කැලණි රජ මහා විහාරයේ සිතුවමකි)

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]