UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

හිතින් හදාගත් ලෝකයක අතරමං වනවා ද?

චිත්තෙන නීයති ලොකො
චිත්තෙන පරිකස්සති
චිත්තස්ස එක ධම්මස්ස
සබ්බෙව වසමන්වගු

ඔබගේ ධර්මාවබෝධය සඳහා අද මාතෘකා කළ මේ ගාථාව සංයුත්ත නිකායේ චිත්ත සූත්‍රයේ එන ගාථා ධර්මයක්. දිනක් එක් දේවතාවියක් බුදුරජාණන් වහන්සේගෙන් මෙබඳු ප්‍රශ්නයක් ඇසුවා ය.  “කෙනස්සු නියතී ලොකො – කෙනස්සු පරිකස්සති, කිස්සස්ස එක ධම්මස්ස, සබ්බෙව වසමන්වගු “ලෝකය කුමකින් පමණුවනු ලැබේ ද? කුමකින් එහා මෙහා අදී ද? සියල්ලෝ ම කවර වූ එක් ධර්මයක වසඟයට ගියාහු ද?මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ ඉහත ගාථාව ප්‍රකාශ කරමින් , සිත විසින්ම ලෝකය පමුණුවනු ලැබේ. සිත විසින් ම එහා මෙහා අදිනු ලැබේ. සියල්ලෝම සිත නමැති එකම ධර්මයාගේ වසඟයට ගියාහු ය. යනුවෙන් පිළිතුරු දී ඇත. බාහිර ලෝක පිළිබඳව සිත ක්‍රියාත්මක වන ආකාරය මේ ගාථාවෙන් පෙන්වයි. ලෝකයේ පවතින සෑම දෙයක්ම සිතට යටත්ව පවතී. ලෝකයේ ඇති දේ හඳුන්වා දෙන්නේ සිතින් ය. ඒ ඒ වස්තූන් හා සම්බන්ධ වටිනාකම් පිළිබඳව එහාට මෙහාට අප ගෙන යනු ලබන්නේ ද සිත විසිනි. මින් කියැවෙන කරුණු දෙකකි. අප බාහිර ලෝකයට සම්බන්ධ වන්නේ කරුණු දෙකකිනි. එනම් නාම සහ ඇගයුම් යන කරුණු දෙක මත ය. නාමය සම්මුතියකි. වස්තුවක් තවත් වස්තුවකින් වෙන් කර ගැනීමට නාම භාවිතය ප්‍රයෝජනවත් වේ. ගස, මිනිසා, පුටුව, බල්ලා,පූසා ආදි ඒ ඒ වස්තුන් හඳුනා ගැනීමට අන්වර්ථ සහ ආරූඪ නාම යොදාගනු ලබයි. එසේම ඒ ඒ වස්තූන් සඳහා යම් ඇගයුමක් ලබාදෙනු ලබයි. ලස්සන, කැත, කෙට්ටු, මහත ආදි වටිනාකම් ලබාදෙයි. මේ ලෝකය සංකල්ප ලෝකයකි. මේ දෙකම සිතින් නිර්මාණය කරන ප්‍රමාණයන් ය. මේ නිසා සිතට වසඟ වී කටයුතු කිරීමට සිදු වී ඇත. සිත කැමති දේ බැලීමට, ඇසීමට, විඳීමට සිත බල කරයි. අණ කරයි.

ඉතිරිය»

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]