UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ 9 වන අවස්ථාව මෙය වන අතර පසුගිය රැස්වීම්වලදී සාකච්ඡා කළ කරුණු ඉදිරියට ක්‍රියාත්මක වන අන්දම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. පිරිවෙන් සඳහා ඩෙස් බංකු ලබාදීමට ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ ඩෙස් බංකු කට්ටල දස දහසක් පමණ මේ වන විට සකස්කර අවසන්ව තිබෙන අතර ඉදිරියේ දී ඒවා පිරිවෙන් සඳහා බෙදාදීමට හැකි බව සඳහන් කෙරිණි. එමෙන්ම බුද්ධ ජයන්ති නව ත්‍රිපිටක ග්‍රන්ථ සංස්කරණය සහ මුද්‍රණය පිළිබඳ ප්‍රගතිය ද සාකච්ඡාවට බඳුන් විය. පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා ගෙන යන වැඩපිළිවෙළ හා ඒ සඳහා නව පුස්තකාලයක් ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ඉතිරිය»

දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන්ගේ 103 වන ජන්ම සමරුවට පින්කම්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන්ගේ 103 වන ජන්ම සමරුව නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී මෙම 31 වන දා සපිරිකර සංඝගත දක්ෂිණාවක් හා බෝධි පූජාමය පින්කමක් සිදු කෙරේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, දොඩම්පහළ චන්දසිරි මහා නා හිමි, ගිරාඹේ මංගල මහා නා හිමි ඇතුළු මහ සඟරුවන එම පින්කමට වැඩම කෙරෙන අතර මහ මෙව්නාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බොරු කියන්නාට කළ නොහැකි පාප කර්මයක් නැත

‘එවමෙව ඛො රාහුල, යස්ස කස්සචි සම්පජාන මුසාවාදෙනත්ථි ලජ්ජා, නාහං කස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි’

අද ධර්මදේශනාවෙන් ඔබට පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායේ සැට එක් වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ සඳහන්වන වැදගත් කාරණයක් පිළිබඳවයි. මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දේශනා කළ සූත්‍රයක්. රාහුල පුංචි හාමුදුරුවන් පිළිබඳව අප කවුරුත් හොඳින් දන්නවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ යසෝධරා දේවිය තම සත් හැවිරිදි පුතු රාහුල කුමරුට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී උන්වහන්සේගෙන් තමාට හිමි දායාදය ඉල්ලා ගන්නා ලෙස කියා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා. තම උරුමය ඉල්ලා සිටි රාහුල කුමාරයාට දිය හැකි උතුම්ම දායාදය හිමිකර දීම සඳහා ඔහු පැවිදි කරවන ලෙස සැරියුත් හිමියන්ට නියම කළා. ඒ වන විට බුදු සසුනේ පැවිදිව සිටි විසිදහසක් පමණ වූ සියලුම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කළ අයයි. යමෙක් තමාට පැවිදිවීමට අවශ්‍යයයි බුදුරජාණන් වහන්සේට දැනුම් දුන් විට තමන් වහන්සේගේ දකුණූ ශ්‍රී හස්තය දිගු කොට, මහණ, මෙහි එන්න.

ඉතිරිය»

බෝ සෙවණ:

පුද්ගල විවිධත්වය

ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ දේශනා කළාවූ ශ්‍රී සද්ධර්මය සරවකාලීන වූ දහමක් වේ. උන්වහන්සේ පුද්ගල ස්වභාවය අධ්‍යයනය කරමින් ධර්මය දේශනා කළ සේක.අඳුරෙන් අඳුරට යන පුද්ගලයන්ද, අඳුරෙන් එළියට යන පුද්ගලයන්ද සිටින බවට බුදුරජාණන් වහන්සේ වදාළ සේක.  පුද්ගල ස්වභාවය අනුව යම් යම් උපමාවන් භාවිත කරමින් ධර්ම කාරණා පැහැදිලි කළ අවස්ථාවන් දක්නට ලැබේ. ඇතැම් දිනවල ගොරවනවා මිස එක වැහි බිඳුවක් වහින්නේ නැත. අහසට සාප කරන ඇතැම් පුද්ගලයන්ද ගර්ජනා කරනවා මිස ප්‍රතිපලදායක වැඩක් කරන්නේ නැත. කතාව පමණ ය. වැඩක් නැත. කතාව දෝලාවෙන් ගමන පයින්ය. ගර්ජනා කරන වැහි වළාකුළු මෙන්ය. ඇතැම් වළාකුළු ගර්ජනා නොකළ ද වර්ෂාව ලැබේ. නමුත් අප එම වැස්සට කැමැති නැත. ඇතැමුන් ගර්ජනා නැති වුව ද කළ යුතු කාර්යභාර්ය ඉෂ්ට කරන පුද්ගලයන් බව මතක තබාගත යුතු ය. ඔවුන් කළ යුතු කාර්ය කරන, වැඩිය යුතු දෙය වඩන, සාක්ෂාත් කළ යුතු දෙය සාක්ෂාත් කරන, අවබෝධ කළ යුතු දෙය අවබෝධ කරගන්නා පුද්ගලයන් ය.

ඉතිරිය»

බුදුරදුන් පටාචාරාවට පිහිට වීම

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]