UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගොල්ලාගම දිගන්කෝන්වැව විහාරස්ථානයේ සෑරදුන් වහන්සේ...

නාගොල්ලාගම දිගන්කෝන්වැව විහාරස්ථානයේ සෑරදුන් වහන්සේ...

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නාගොල්ලාගම දිගන්කොන්වැව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේ ලක්ෂ පනස් හතක පමණ වියදමින් ඉදිකළ සෑරදුන්වහන්සේ පසුගියදා විවෘත කරන ලදී.

නිකවැරටිය ශ්‍රී පාලිත පිරිවෙන් විහාරාධිපති විශ්‍රාමික විදුහල්පති රාජකීය පණ්ඩිත ගලහිටියාගම විමලධම්මාභිධාන අනු නා හිමියන් හා කැලණිය වෙන්නවත්ත ශ්‍රී කල්‍යාණිවංශිකාරාමාධිපති ශ්‍රී යටියන ඤාණාවාස අනු නා හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් විවෘත විය.

මෙහි විශේෂත්වය නම්, සිංහ මුඛයෙන් වෙහෙර වහන්සේගේ අභ්‍යන්තරයට පිවිසිය හැකි අතර එහි මැද බුදුකුටියකි. එම බුදුකුටියේ උඩ සර්වඥ ධාතූන් වහන්සේලා සහ කරඬු පිළිම බෝපත් ආදී පෞරාණික වස්තු තැම්පත් කොට ඇත. මෙය දර්ශනය වන්නේ ධාතු ගර්භයේ ඉහළ සවිකොට ඇති විශාල කණ්ණාඩියක ආධාරයෙනි. එහි නිර්මාණ අනුශාසකත්වය ශ්‍රී ජය සුමනාරාම විහාරාධිපති, නිකවැරටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් පරිවේනාධිපති, මුළු දිවයිනටම සාම විනිසුරු සංඝ සෝභන ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාසන කීර්ති ශ්‍රී ලුණුවිල, දීපසිරි හිමියන් ය.

විහාරස්ථ දායක පින්වතුන්ගේ ආධාර උපකාර මත සහ ප්‍රදේශයේ දානපතීන්ගේ උපකාරයෙන් සහ ඇසළ උදානය, නිකිණි උදානය වැනි තොරණ වැඩසටහන් තුළින් උපයාගත් ධනයෙන් හා දායක පින්වතුන්ගේ ශ්‍රම දායකත්වයෙන් එම සෑරදුන් වහන්සේ ඉදිකොට ඇත.

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]