UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණ

 

ළමා සමාජයේ සාමාජිකයෝ

107 එල්. වාදිත්‍යා පැහැසරා මිලාසනී
3 ශ්‍රේණිය,
සාරාලංකාර දහම් පාසල – ගාල්ල

108 කේ.ඩී. දිල්ෂාන් මදුවත්ත,
10 ශ්‍රේණිය ,
ශ්‍රී ධම්වර්ධනාරාම දහම් පාසල – යටවර

109 දෙවන් රන්දිව් බැද්දගේ
7 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති දහම් පාසල – යටවර

110 එම්.ඒ. ඉෂාර නෙත්මින
4 ශ්‍රේණිය ,
ශ්‍රී ධම්මතිලක දහම් පාසල – මුඩගමුව

111 සෙනුදි දිසන්තා රත්නායක
1 ශ්‍රේණිය
සෝභිත විදුහල – මාකොළ

112 ඒ.එම්. ශශධරා චින්තනී කුමාරි
7 ශ්‍රේණිය,
ජනාධිපති බාලිකා විදුහල – කුරුණෑගල

113 බී. දිනිඳු නිම්සර ද සිල්වා
2 ශ්‍රේණිය බී,
නෑගොඩ මහ විදුහල – කඳන.

114 තුල්මි රොවිස්ද්‍යා රත්නායක
5 ශ්‍රේණිය ,
සෝභිත විදුහල – මාකොළ.

115 ජී.ඒ. පබසර මිතාස් චන්ද්‍රසිරි
3 ශ්‍රේණිය,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විදුහල – තෝලංගමුව

116 යෙනුකි තත්සරණී
4 ශ්‍රේණිය
ජේ.එම්.සී. ජාත්‍යන්තර පාසල

117 යූ.එම්. තරුෂිකා දෙව්මිනි උල්පැන්ගේ
9 ශ්‍රේණිය,
හේවාහැට මධ්‍ය විද්‍යාලය - තලාතුඔය


පින්බිමේ අසිරිය

අපගේ පන්සලේ නම ශ්‍රී විදුමිණ භාවනා මධ්‍යස්ථානය යි. එය පිහිටා තිබෙන්නේ අනුරාධපුර නගරයේ එප්පාවල,ඇඳගල ප්‍රදේශයේ ය. අපගේ නායක ස්වාමීන් වහන්සේ වලකුඹුරුමුල්ලේ ධීරානන්ද හිමියන් ය. ඉතාමත් සහයෝගයෙන් ගම්වැසියන් සමඟ කටයුතු කරන අපේ හාමුදුරුවෝ පන්සලේ දියුණුවට ද ගමේ දියුණුවට ද අනගි මෙහෙයක් ඉටු කරති. එසේම ළමයින්ගේ දහම් දැනුම වර්ධනය කිරීමට ශ්‍රී ජනෝරස දහම් පාසල පවත්වයි. ඉතා මෑතක ආරම්භ වුවද සමාජයට මහත් සේවාවක් කරන අපේ පන්සලට මම ගෞරව කරමි. අපේ පන්සල දිනෙන් දින දියුණු වේවා.


පිය සෙනෙහස

සැම විට දුක් විඳ මා හැදු වැඩු පියාණෙනි
පීඩා නොදී මා සැනසූ පියාණෙනී
සැමදා මගේ ළඟ සිටියා පියාණෙනී
ඔබෙ පා යුග වඳිමි ආදර පියාණෙනී
එම්.එම්. සිව්මාලි නෙත්මි කාව්‍යා


නිරාමිස සතුටක් ගෙන දෙන පින්බිම

මාතර, අකුරැස්ස පාරට කිලෝ මීටරයක් ආසන්නව පිහිටා තිබෙන අපේ පන්සල ශී‍්‍ර සුදර්ශනාරාම පුරාණ මහා විහාරයයි. රමණීය වෙල්යායක් අසලින් වැටී ඇති තැනිතලා බිමක අපේ පන්සල ඉදිකර ඇත. විහාරාධිපතින් වහන්සේ ඇතුළු සාමණේර ස්වාමින් වහන්සේ කිහිප නමක් එහි වැඩ සිටිති.

මේ පින්බිමේ නිරාමිස සතුට ගෙන දෙන සිත් සතන් පිනවන බුදුමැදුරක් ද ඒ අභියස බෝධින් වහන්සේ සහ වෙහෙර වහන්සේ ද වැඩ සිටිති. අපේ පන්සලේ සෑම ඉරු දිනකම බොහෝ සිසු දරු දැරියන්ට අධ්‍යාපනය ලබා දෙන දහම් පාසලක් පවත්වාගෙන යන අතර, පෙර පාසලක් ද පවත්වාගෙන යයි. අපේ පන්සලේ සෑම පසළොස්වක පෝය දිනකම සීල සමාදාන කටයුතු මෙන්ම බෝධි පූජා වන්දනා ද සිදු කෙරේ. ගම්වාසීයන්ගෙන් ද, දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයෙන් ද මේ සඳහා සහයෝගය නො අඩුව ලැබේ. අපේ පන්සල දියුණුවට පත්වී දැහැමි බොදු දරුවන් පිරිසක් බිහි කිරීමට ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.


ගම එළිය කරන මිණි පහන

අපගේ ගම සුවඳවත් කරන මලක් පිපී ඇත. ඒ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානය යි. සොඳුරු බවින් හා පිවිතුරු බවින් පිරුණු මගේ පන්සල සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන නම් නගරයට යාබද වෙරලුගහමුල නම් ගම්මානයේ පිහිටා ඇත්තේ ගමටම ආශිර්වාදයක් ගෙන දෙමින් ය.

අහස් කුස සිප ගන්නට වෙර දරන්නාක් බඳු චෛත්‍යය රාජයාණන් වහන්සේ පන්සලේ පින්බර බවේ ප්‍රධාන ශක්තිය යි. සිලි සිලි බෝපත් නාදය දසත විහිදුවන බෝ ගස මනසට මහත් අස්වැසිල්ලකි. එහි පහස ලැබු බෝ මලුවේ වැලිකැට පයට පෑගෙන විට ගතට දැනෙනුයේ මහඟු සහනයකි. බුද්ධ මන්දිරය තුළ ඇති හිඳි පිළිමය සිත නිවාලන පෙනුමකින් යුතුය. ගමේ පන්සල නිවන් මගට පාර කියන මිණිපහන යි.


කවි පද පූජාව

මව්පියන්ට පසු අපගේ
ගරු බුහුමන් ලැබ සැමගේ
ආදර කරුණා ගුණඟේ
නො අඩුව අදටත් මතුවේ

මාවත පෙන්නා යහමග යන්නට
වෙරවීරිය දුන්නා නිති අප හට
ගුරුවරුනේ ඔබේ ගුණය ගයන්නට
ඉඩ මදි වේ මේ සිව් පැදි පෙළ මට

ගුරු දෙවියන්හට දිගු ආසිරි වේවා
ගුණ නුවණින් දරුවන් බිහි වේවා
මතු දිනයෙදිත් යහතින් ඔබ වැජඹේවා
අපගේ ගුරුන්හට පැදිපෙළ පුදවේවා


 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 10 වනදා සිකුරාදා අපරභාග 2.50 ට ලබයි. 11 වනදා සෙනසුරාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 10 සිකුරාදාය


මීළඟ පෝය නොවැම්බර් 17 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]