UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මොරවක ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය

වසර එකසිය පනහකට වැඩි ඉතිහාසය කට හිමිකම් කියන මොරවක ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය ප්‍රදේශයේ ජනතාව අතර කොස්ගොල්ල විහාරස්ථානය ලෙස ද ප්‍රසිද්ධ වී ඇත. අවට ගම්මානවල පවා බොදු ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වී ඇති මෙම පුණ්‍ය භූමියෙන් එදා මෙදා තුර සිදු කෙරෙන ශාසනික මෙහෙවර සුවිශාල ය. ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති ධුරය හොබවමින් සියලු ආගමික හා සමාජයීය කටයුතු සඳහා අනුශාසනා ලබා දෙන්නේ මොරවක රාගල කන්ද, කහඹිලියාවල බටුවත්ත විහාර ද්වයාධිපති ගෞරව ශාස්ත්‍රවේදී විශ්‍රාමලත් පරිවේණාධිපති පණ්ඩිත හත්ගම්පල ඥානරතන හිමියන් විසිනි. හසලක ධම්මරතන හිමියෝ විහාරාධිකාරි ධුරය හොබවති. පන්සලෙන් ක්‍රියාත්මක කෙරෙන, ගමේ ළමයින්ට, තරුණ තරුණියන්ට මෙන්ම වැඩිහිටියන්ට ද වෙන්වුණු ආගමික හා සාමාජික වැඩසටහන් නිසා ගමත්, පන්සලත් අතර වූ බැඳීම වඩාත් ශක්තිමත් වී ඇත. ගමේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා විහාරස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන ශ්‍රී සුදර්ශනාරාම දහම්පාසල ප්‍රදේශයේ දහම් පාසල් අතර සුවිශේෂි නමක් දිනාගෙන සිටී.

ඉතිරිය»

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 10 වනදා සිකුරාදා අපරභාග 2.50 ට ලබයි. 11 වනදා සෙනසුරාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 10 සිකුරාදාය


මීළඟ පෝය නොවැම්බර් 17 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]