UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නුවණැත්තාගේ ස්වභාවය

“සෙළෝ යථා ඒකඝනෝ
වාතේන න සමීරතී
ඒවං නින්දා පසංසාසු
න සමිඤ්ඣන්ති පණ්ඩිතා”

මහා ගල්කුලක් මහා සැඬ සුළඟකින්වත් සෙළවිය නොහැකි ය. එමෙන් පණ්ඩිතයා ද කිසිම විටෙක නින්දා ප්‍රසංසාදියෙහි නොසැළෙන්නේ ය. මෙලොව උපත ලද සියලු දෙනාට උරුම වන පොදු ධර්මතාවක් වන්නේ අටලෝ දහම ය. අටලෝ දහම නම් ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප, දුක ආදී කරුණු කිහිපයයි. මේ අතරින් බොහෝ දෙනා විඳින ලද මනෝභාවය නම් නින්දාවයි. මෙලොව කිසිදු පුද්ගලයෙකු නින්දා නොලැබුවේ යැයි කිව නොහැකි ය. අප තථාගත බුදුපියාණන් වහන්සේ ද ජීවමානව වැඩ විසූ සමයේ නින්දා ලැබූ සේක. එහෙත් උන්වහන්සේ ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසූ සේක. එසේ වුව ද පෘථග්ජනයාගේ ස්වභාවය වන්නේ නින්දා හමුවෙහි කණස්සල්ලෙන් හිත බිඳ ගැනීමයි. අටලෝ දහම සම සිතින් ඉවසූ උතුමන් වහන්සේ අප බුදුන් වහන්සේ ම ය.

ඉතිරිය»

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 10 වනදා සිකුරාදා අපරභාග 2.50 ට ලබයි. 11 වනදා සෙනසුරාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 10 සිකුරාදාය


මීළඟ පෝය නොවැම්බර් 17 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]