UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 
 

 

ලෝක සාමය තේමා කරගත් ලෝක බෞද්ධ සමුළුව

ලෝකයට ඉතා වැදගත් පණිවුඩයක් ලබා දෙනවා - ලෝක බෞද්ධ සමුළුවේ සමාරම්භක උළෙලේ දී ජනපති කියයි

 

ලෝකයේ විවිධ රටවල සිටින මහා නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ලෝක සාමය ඇති කිරීම සඳහා ගැටුම් පවතින රාජ්‍යයන්හිදී අදාළ පාර්ශ්වයන් හමුවීම, සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. බෞද්ධ දර්ශනය ලෝකය තුළ තව තවත් ප්‍රචලිත කිරීම කළ යුතු බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ සත්වන ලෝක බෞද්ධ සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගි වෙමිනි. එම උළෙල ඉකුත් (02) දා අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. පළමුව දර්ශනීය පෙරහරකින් ලොව නන් දෙසින් වැඩම කළ මහා නාහිමිවරුන් ප්‍රධාන ශාලාවට වැඩම කරවු අතර අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියහ. ගිහි පිරිස පන්සිල්හි පිහිටුවා බුදුන් වැඳීමෙන් සහ සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව සමුළුවේ වැඩ කටයුතු ආරම්භ විය.

ඉතිරිය»

බුදු දහමෙන් පෙන්වා දෙන සාමයේ පණිවුඩය ලෝකයට ද ලබා දෙනවා - අගමැති රනිල් වික්‍රමසිංහ


මෙම සමුළුවට සහභාගි වීමට ලැබීම ඉතාම ගෞරවයක් ලෙස මා සලකනවා.බුදුදහම සමාජයට විශාල පණිවුඩයක් ලබාදෙනවා. අප ජයගත යුතු අන්දම පෙන්වනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ඉතිරිය»

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 10 වනදා සිකුරාදා අපරභාග 2.50 ට ලබයි. 11 වනදා සෙනසුරාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 10 සිකුරාදාය


මීළඟ පෝය නොවැම්බර් 17 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]