UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රජ මහා විහාරයේ කඨින පුණ්‍යෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වූ අවස්ථාව. පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහ සඟරුවන සහ අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

 

 

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බොදු සමුළුව මෙරට දී

2017 නොවැම්බර් 2 වන දින සිට 7 වන දින දක්වා අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ

21 වන ශතවර්ෂය ගෙවෙමින් පවතින අද වන විට, නවීන ලෝකය වඩා ව්‍යාකූල බවට පත්වෙමින් හා ඵලදායී විසඳුම්වලින් බැහැරට ගමන් කරමින් සිටි. ආගමික ගැටුම් හා පළිගැනීම් හේතුවෙන් ඇති වූ කුරිරු ත්‍රස්තවාදී දාමය පුළුල් වී ඇති අතර එය නතර කළ නොහැකි වටපිටාවක් බවට පත්වෙමින් පවතී. තවද සාධක ගණනාවක් හේතු කොටගෙන අප ජීවත්වන පෘථිවිය විශාල අර්බුදයක් අද්දරටම පැමිණ ඇත. නිදසුනක් ලෙස, න්‍යෂ්ටික අත්හදා බැලීම් හා මිල්ටරි තර්ජන ලෝකයේ සාමය හා ස්ථාවරත්වයට විනාශකාරී මාවතක් විවර කර ඇත. ස්වභාව ධර්මයේ මාතාව දෙස බලන කල, අධික සම්පත් පරිභෝජනය හේතුවෙන් පාරිසරික විනාශයන් ඇති වී ඇති අතර දේශගුණික විපර්යාස, ආහාර අර්බුදය, ස්වාභාවික ආපදාවන්, බෝවන රෝග ව්‍යාප්තිය මේ වන විට සුලභව ලොව පුරා දැකිය හැකි ය. අද වන විට අප සියලු දෙනා ජීවත් වන මෙම පෘථිවිය ව්‍යසනකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතින අතරම විද්‍යාව හා තාක්ෂණය ඔස්සේ සමාජය වඩාත් දියුණු අවධියක් දක්වා වර්ධනය වී ඇත. එමගින් මානව වර්ගයා ධනවත් ජීවිතයකට හිමිකම් කීමට සමත් වුවද සමස්තයක් ලෙස අප ජීවත් වන ලෝකය අද මුහුණදෙන මේ අවධානම් තත්ත්වය සැබැවින් ම බරපතළ ය .

ඉතිරිය»

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]