UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බොදු සමුළුව මෙරට දී

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වැනි බොදු සමුළුව මෙරට දී

2017 නොවැම්බර් 2 වන දින සිට 7 වන දින දක්වා අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ

21 වන ශතවර්ෂය ගෙවෙමින් පවතින අද වන විට, නවීන ලෝකය වඩා ව්‍යාකූල බවට පත්වෙමින් හා ඵලදායී විසඳුම්වලින් බැහැරට ගමන් කරමින් සිටි. ආගමික ගැටුම් හා පළිගැනීම් හේතුවෙන් ඇති වූ කුරිරු ත්‍රස්තවාදී දාමය පුළුල් වී ඇති අතර එය නතර කළ නොහැකි වටපිටාවක් බවට පත්වෙමින් පවතී.

තවද සාධක ගණනාවක් හේතු කොටගෙන අප ජීවත්වන පෘථිවිය විශාල අර්බුදයක් අද්දරටම පැමිණ ඇත. නිදසුනක් ලෙස, න්‍යෂ්ටික අත්හදා බැලීම් හා මිල්ටරි තර්ජන ලෝකයේ සාමය හා ස්ථාවරත්වයට විනාශකාරී මාවතක් විවර කර ඇත. ස්වභාව ධර්මයේ මාතාව දෙස බලන කල, අධික සම්පත් පරිභෝජනය හේතුවෙන් පාරිසරික විනාශයන් ඇති වී ඇති අතර දේශගුණික විපර්යාස, ආහාර අර්බුදය, ස්වාභාවික ආපදාවන්, බෝවන රෝග ව්‍යාප්තිය මේ වන විට සුලභව ලොව පුරා දැකිය හැකි ය. අද වන විට අප සියලු දෙනා ජීවත් වන මෙම පෘථිවිය ව්‍යසනකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතින අතරම විද්‍යාව හා තාක්ෂණය ඔස්සේ සමාජය වඩාත් දියුණු අවධියක් දක්වා වර්ධනය වී ඇත. එමගින් මානව වර්ගයා ධනවත් ජීවිතයකට හිමිකම් කීමට සමත් වුවද සමස්තයක් ලෙස අප ජීවත් වන ලෝකය අද මුහුණදෙන මේ අවධානම් තත්ත්වය සැබැවින් ම බරපතළ ය .

අද ලෝකය අතිශය අවුල් සහගත තත්ත්වයකට මුහුණ පා ඇතත් පවතින වර්තමාන තත්ත්වය විසඳීමට සහ සාමය සහ සන්සුන් භාවය ඇතිකරලිය හැකි එකම මාර්ගය හා ආගම වන්නේ බුද්ධාගමයි. ලොව පුරා පවතින බොහෝ ආගම් අතරින් වසර 2, 500 ක ඉතිහාසයක් පුරාවට අවිහිංසාවේ මූලධර්මය ඔස්සේ මනුෂ්‍ය සිත් සතන් පුබුදුවාලමින් බුදුදහම සැබවින්ම සාමයේ ආගම බවට ප්‍රත්‍යක්ෂ කොට ඇත.

බෞද්ධ දර්ශනය සහ දහම ප්‍රචාරය කිරීමේ අරමුණ පෙරදැරි ව මෙම ලෝක බෞද්ධ සමුළුව සියලු බෞද්ධ නිකායන්හි ආගමික මහානාහිමිවරුන් අතිගෞරවනීය පූජ්‍ය ශාස්ත්‍රපති ක්යුෂේ එන්ෂින්ජෝ, තායිලන්තයේ අතිපූජනීය නිකාය ප්‍රධාන මාහිමිපාණන් වහන්සේලාගෙන් සහ ශ්‍රී ලංකාවේ අති පූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා සහ ලෝක ප්‍රසිද්ධ උත්තරීතර බෞද්ධ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් 1998 දී ආරම්භ කරන ලදී.

එතැන් පටන් අද දක්වා දශක දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර බුදු දහම ප්‍රචාරය කිරීම සඳහා වූ සෑම උත්සහායක්ම එකී සාමාජික රටවල උත්තරීතර බෞද්ධ නායකයන් විසින් සිදු කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආරම්භයේ දී බෞද්ධ මහා සම්මේලනය සඳහා සහභාගී වූ එක් කලාපයකට පමණක් අයත් වූ රටවල් 13 කින් සමන්විත වූ සාමාජික රටවල් සංඛ්‍යාව, 7 වන ලෝක බෞද්ධ මහා සම්මේලනය පැවැත්වීමට කටයුතු කරන අද වන විට ලෝකයේ මහාද්වීප 5 ක් පුරා රටවල් 47 ක් දක්වා ව්‍යාප්ත වී ඇත.

මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් සමඟ උද්‍යෝගිමත්ව හා පරමාදර්ශී ක්‍රියාකාරිත්වයකින් යුතුව කටයුතු කරන ගෝලීය මට්ටමේ ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයක් බවට ලෝක බෞද්ධ මහා සම්මේලනය පත්වී ඇත. එම කාල පරිච්ඡේදයේ දී ලොව පුරා බෞද්ධයන් සංඛ්‍යාව මිලියන 370 සිට මිලියන 520 දක්වා වැඩි වී ඇති අතර එම සංඛ්‍යාව තව දුරටත් වර්ධනය වෙමින් පවතී. හත්වැනි බෞද්ධ සමුළුව වෙත සිය සුබ පැතුම් අරලියගහ මන්දිරය හා අගමැති මන්දිරය වෙත ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයින්, ජාතික නායකයින්, බුද්ධිමතුන් විසින් එවා ඇති අතර ශ්‍රී ලංකාවේ දීර්ඝ බෞද්ධ සම්ප්‍රදායට සහ බුද්ධාගමට ලැබූ එකී අගය කිරීම පිළිබඳව රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉහළින් ආඩම්බරයට පත් වේ.

වසර 2500 ක බෞද්ධ ඉතිහාසය තුළ ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය අනුගමනය කරනු ලබන ප්‍රමුඛ රටක් වන ශ්‍රී ලංකාව විසින් බෞද්ධ භික්ෂු පෙරමුණේ දායකත්වය පෙරදැරිව පවත්වනු ලබන මෙම මහා සමුළුව ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් බවට පත් වන අතරම එම උතුම් අවස්ථාවට ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතය. මෙම හත්වන බෞද්ධ මහා සම්මේලනයේ දී, ලෝකයේ රටවල් 47 ක බෞද්ධ නායකයන් විසින් අප මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේගේ මුල් ඉගැන්වීම් නැවත ආවර්ජනය කරමින් ඔවුන්ගේ ප්‍රඥාව බෙදා හදා ගැනීම, සහයෝගිතාව වර්ධනය කර ගැනීම තුළින් සාමකාමී අනාගතයකට මං විවර කර ගනිමින් නිර්මල බුදුදහම ලෝකය පුරා සහ දසත පැතිර වීමට කටයුතු කරනු ඇත.

2014 දී පවත්වනු ලැබූ හයවැනි බෞද්ධ මහා සමුළුව විසින් ඒකමතිකව එකඟ වූ පරිදි අප්‍රේල් 8 වන දින අන්තර්ජාතික බෞද්ධ දිනය ලෙස නම් කළ අතර, මෙවර බුද්ධාගම ලොවට බෙදා හැරීම සඳහා සහ සියලු තරුණ කණ්ඩායම් බුදුදහම ඔස්සේ ඒකරාශී කරවමින් බෞද්ධ ප්‍රතිපත්ති හා චර්යාවන්ට හුරුපුරුදු කරවීමට කටයුතු කරන විවිධ ක්‍රම හත්වන බෞද්ධ සම්මේලනයේ දී යෝජනා කරනු ඇත. එවැනි යෝජනා අනිවාර්යයෙන් ම බුදුදහම තවදුරටත් ව්‍යාප්ත කිරීමට දායක වන අතර සියලු ම මිනිසුන් සමාජ ඛේදවාචකයන්ගෙන් ගලවා ගැනීම සඳහා මහෝපකාරී වනු ඇත.

බුදුදහමින් පෝෂණය වූ ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත රටක් වන ශ්‍රී ලංකාව, හත්වැනි බෞද්ධ මහා සමුළුව ජාතික උත්සවයක් ලෙසට නම් කර පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර ලෝක සාමය හා සාරධර්ම ඇති කරලීම උදෙසාත් සහ ලෝකය පුරා බුදුදහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සඳහාත් ප්‍රකාශනයක් එහි දී එළි දැක්වීමට නියමිත ය. හත්වන බෞද්ධ මහා සම්මේලනය එදා මෙදාතුර ශ්‍රී ලංකාව තුළ පැවැත් වූ දැවැන්තම ඓතිහාසික අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය බවට පත් වනු ඇත.

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]