UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රජමහා විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා මහා පින්කම නොවැම්බර් 03 වෙනි ඉල් පොහෝ දින පෙරවරු 6.00 ට විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ සීල භාවනා සමිතියේ අනුග්‍රහයෙන් සිදු කෙරේ.

මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය ගෝනවල, කොහොල්විල පාර ‘සඳකැළුම්’ නිවසේ පදිංචි ප්‍රභාත් පෙරේරා මහතා සහ එම මහත්මිය විසිනි. හිමිදිරි පාන්දර 4.00 ට පෙරහරකින් කඨින චීවරය වැඩම කරනු ලබන අතර පෙරවරු 6.00 ට කඨින චීවර පූජාව සිදු කෙරේ. ශතාධික මහ සඟරුවන වෙත එදින දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවකි. සවස 4.00 සිට 5.00 දක්වා කඨිනානිසංස දේශනාව පවත්වනු ලබන අතර සවස මහ සඟරුවන වෙත ගිලන්පස පූජාවක් පිරිනැමේ.

ගන්නෝරුව රජමහා විහාර

මල්වතු මහා විහාර පාර්ශ්වයේ යටිනුවර උප ප්‍රධාන සංඝ නායක ගන්නෝරුව රජමහ විහාරාධිපති අඹන්පොල ධර්මරක්ෂිත ශ්‍රී සරණපාල සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාජමහ විහාරයේ කඨින පින්කම නොවැම්බර් 2,3 දිනවලදී පැවැත්වේ.

ගංගාරාම රජමහ විහාරය

මහනුවර ලේවැල්ල ගංගාරාම රාජමහ විහාරයේ කඨින පින්කම නොවැම්බර් මස 2,3 දිනයන්හි මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික හිටපු සංඝරාජ පරිවෙනාධිපති ගංගාරාම රජමහා විහාරයේ භාරකාර ශාස්ත්‍රපති නැහැනිවල පිය දස්සි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා විහාරාධිවාසි වටපාන සරණංකර හිමියන් ඇතුළු විහාරකාර්ය සාධක සමිතියේ මූලිකත්වයෙන් පැවැත්වේ.

හුරීකඩුව ගල්පිහිල්ල රාජමහා විහාරය

මැණික්හීන්න හුරීකඩුව ඓතිහාසික ගල්පිහිල්ල රාජ මහ විහාරාධිපති මල්වතු මහා විහාරයීය කර්මාචාර්ය විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති උදුගොඩ ධම්මකන්ධ දෙදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගල්පිහිල්ල රජමහ විහාරකඨින පින්කම නොවැම්බර් මස 2,3 දිනයන්හි පැවැත්වේ.

කුරුඹුරේ රජමහා විහාරය

බඹරැන්ද, කුරුඹුරේ රජමහා විහාරස්ථානයේ කඨින මහා පින්කම මෙම මස 02,03 දිනයන්හිදී පැවැත්වේ. 02 වන දින සවස 04 ට කඨින චීවරය, රැගත් පෙරහර රත්මලේ ,දන්දෙනිය, නෙළුම්වැව ,පොහොසතුගොඩ , උඩුවිල හා එපිටකටුව යන ප්‍රදේශවල විදී සංචාරය කරන අතරතුර රාත්‍රී පිරිත් සජ්ඣායනාවද 03 වන දින උදෑසන කඨින චීවරය සඟ සතුකොට පූජාකිරීම හා උදෑසන හා දවල් මහා සංඝරත්නය උදෙසා සපිරිකර දක්ෂිණාවන්ද පැවැත්වේ. විහාරාධිපති කතරගම මහානාම හිමියන් ඇතුළු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් පින්කම සංවිධානය කර ඇත. එම පින්කමෙහි දායකත්වය කොට්ටාව, දිගන පාරේ පදිංචි හසිනි හේවාපතිරණ දියණිය සමඟ දෙමාපියන් විසින්ය.

කොස්ගොඩ ගොඩපිටිය පුරාණ විහාරය

කොස්ගොඩ ගොඩපිටිය සිරිනිවේසාරාම පුරාණ මහ විහාරස්ථානයේ කඨින පින්කම විහාරාධිපති ශාස්ත්‍රපති කොස්ගොඩ සිරිමිත්ත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 2,3 දිනවලදී සිදු කෙරේ. කඨින චීවරය රැගත් පෙරහර අලුයම 1.00 ට පමණ කොස්ගොඩ හිද්දරුව ගල්බොක්කේ පදිංචි සුජීවා පි‍්‍රයංගනීද සිල්වා මහත්මියගේ නිවසින් පිටත්ව උදෑසන 5.30 ට විහාරස්ථානයට ලඟාවේ.

03 වෙනි පොහෝ දින උදෑසන 6.00 ට සිල් පිරිස පෙහෙවස් සමාදන් වීම හා බුද්ධවන්දනා හා බුද්ධ පූජා පැවැත්වීම දවල් 10.30 ට සම්බුද්ධ පූජාව 11.00 කඨින චීවරය හා කප්රුක් පුජාව සහිත සපිරිකර සඟ සතු දානමය පින්කම සිදුකෙරේ.

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මැල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඉල් පුර පෝය දා කඨිනානිසංස ධර්ම දේශනාවත් සමඟ දවස පුරා පින්කම් රැසක් කොබවක ශ්‍රී සුමනාරාමයේ දී පැවැත්වේ. පෙරවරු 08.00 ධර්ම දේශනාව යකාවැවේ නාගිත හිමි 09.30 ධර්ම දේශනාව ආඳළුවේ සුබෝධණී මෙහෙණින් වහන්සේ ,පස්වරු 1.00 ධර්මදේශනාව අළුබෝමුල්ලේ ධම්මජෝති හිමි.3.00 කඨිනානිසංස ධර්ම දේශනාව, කොබවක ධම්මසීවලී හිමි

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]