UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී සුමන අභයදාන පින්කම 5 වනදා

ශ්‍රී සුමන අභයදාන පින්කම 5 වනදා

ශ්‍රී සුමන අභයදාන සංගමයේ 12 වැනි වාර්ෂික පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් 05 වැනි දින යාපහුව ඓතිහාසික පුරාණ රාජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

විහාරාධිපති මීගම්මන සිරිරතන හිමියන්ගේ හා ශ්‍රී සුමන අභයදාන සංගමයේ නිර්මාතෘ මීගහවෙල සුමනශාන්ත යන හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී සුමන අභයදාන සංගමයේ උපදේශක සභාවේ සභාපති ඉඩම් හා රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම පුණ්‍යෙීත්වය පැවැත්වේ.

එයට සමගාමීව එදින උදෑසන කප්රුක් පූජාව සහ ආගමික වතාවත් පැවැත්වීම, ඓතිහාසික යාපහුව පුරාණ විහාරස්ථානයේදී පැවත්වේ. මරණයට කැපවූ ගවයින් රැසක් නිදහස් කිරීම සඳහා පෙරහරකින් රැගෙන ඒම , හොඳම විසිතුරු රථය තේරීම , ගවයින් නිදහස් කිරීම හා බෙදාදීම විශේෂ අභයදාන වැඩසටහන්, කවි, කථික,චිත්‍ර තරග ඇතුලු වැඩසටහන් රැසකින් මෙය සමන්විත වන අතර එදින පස්වරු 2.00 ට විශේෂ උත්සව සභාව මහව විජයබා විද්‍යාලයේ “සයිමන් නවගත්තේගම” අනුස්මරණ ශාලාවේ දී ආරම්භ වේ.

ශ්‍රී සුමන අභයදාන සංගමයේ තේමා ගීතය සංගමයේ උපදේශක සභාවේ නියෝජ්‍ය සභාපති ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා විසින් ගයමින් උත්සව සභාව ඇරඹෙන අතර එදින දේශීය සංස්කෘතික කලාවන් වෙනුවෙන් මහඟු මෙහෙවරක නිරත වු කලාකරුවන් රැසක් සඳහා සම්මාන පිදීමද සිදුකරනු ලැබේ. උපහාර සම්මාන ඇගයීම ප්‍රවීණ රංගධර සංගමයේ මාධ්‍ය උපදේශක සනත් ගුණතිලක මහතා විසින් සිදුකරනු ලබන අතර, බන්දු සමරසිංහ ,ටෙනිසන් කුරේ, අනුලා කරුණාතිලක , සයිමන් නවගත්තේගම ,ක්‍රිස්ටෝපර් පෝල් යන කලාකරුවන් ශ්‍රී සුමන අභයදාන සංගමයේ ස්වර්ණසිංහ සම්මානයට පාත්‍ර වෙනු ඇත.

සංගමයේ ප්‍රධාන සංවිධායක ග්‍රෑන්ඩ් එක්ස්පෝර්ට් මුද්‍රණ ආයතනයේ කළමණාකාර දේශභක්ති වසන්ත නානායක්කාර මහතා විසින් ශාන්ති සමරු කලාපය හා සංගමයේ ලිත ඇතුලු ප්‍රකාශනයද මෙදින දොරට වැඩීම සිදුකරනු ලබන අතර, කවි සංවාද , ආහාර මලු බෙදාදීමද, ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය, ජනපි‍්‍රය ගායක, ගායිකාවන් සහභාගි වන ගී ප්‍රසංගයක් ඇතුලු සංස්කෘතික කලා මංගල්‍යයක්ද සිදුකරනු ලැබේ. ගුවන්විදුලි නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතා විසින් සභාව මෙහෙයවයි.

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]